Friday, December 19, 2014

මුල්ගල තියලා අවුරුදු ගාණක් වෙනවා. තාමත් බැරිවුණා බිත්ති ටික බැඳගන්න.

හරියට පිළිවෙලට පටන්ගත්ත නම් ඔහොම වෙන්නෙ නෑ.
        සමහර ගෙවල් තියෙනව හරියට දිව්‍ය ලෝක වගේ. සමහර ගෙවල් තියෙනව හරියට අපායවල් වගේ. දිව්‍ය ලෝකයක් තරමට සුන්දර නොවුණත් නිවස ප්‍රිය උපදවන, වාසනාවන්ත තැනක් වෙන්න ඕනැ. කාලාන්තරයක් මුළුල්ලේ පෙරුම් පුරලා හදාගන්න ගේ අපායක් තරමට අප්‍රසන්න තැනක් වුණොත් නම් ඉතින් වැඩක් නෑ. සමහරු මුල්ගල තියලා අත්තිවාරම බැඳගන්නවා මිසක් එතනින් එහාට යමක් කරගන්න බෑ. අත්තිවාරම උඩ ගස්කොලං වැවෙනවා විතරයි. කොහොමටවත් ගේ හදාගන්න ලැබෙන්නෙ නෑ. සමහරුන්ට තම ජීවිත කාලය ඇතුළත නිවසේ වැඩ කටයුතු සම්පුර්ණ කරගන්න ලැබෙන්නේ නෑ. කොයි වෙලේ බැලුවත් එක්කෝ කොටසක් කඩාගෙන දඟලනව, නැත්නම් කොටසක් එකතු කරගන්න හදනව. 
            අලුත් ගෙදරට ගිය දවසෙ ඉඳලා වගතුවක් නැතිවුණා කියලා කියවන අයත් ඉන්නවා. "හම්බ කරන දේ සුරුස් ගාලා යනව හරියට බහිරවයා ගිල්ලා වගේ. මොකක්ද අප්පා හැබෑටම වෙලා තියෙන්නේ....." සමහරු ඔහොමත් අහනවා. සමහර ගෙවල් වලට ලේසියෙන් කෙනෙක් එන්නෙත් නෑ. ආවත් වැඩි වෙලා රැඳෙන්නෙත් නෑ. සමහර ගෙවල් වලට නිතර හිත මිත්‍රාදීන් එනවා. කිසිම පාළුවක් නෑ. 
            සමහරු අතේ එච්චර මුදලක් නැතුව ගේ හදන්න පටන්ගන්නවා. හිතාගන්න බැරි විදියට ඉක්මනට ගේ හදාගන්නවා. ගේ හදාගන්න කොහොමහරි සල්ලි ලැබෙනවා.  තවත් අය ඇතිවෙන්න සල්ලි තියාගෙන ගේ හදන්න පටන්ගන්නවා. ගේ හැදිල්ලත් කල් යනවා සල්ලිත් වියදම් වෙලා යනවා.
           ඔන්න ඔය වගේ කාරණා නිතර දෙවේලේ අහන්න ලැබෙනවා. හිතට බරක් නැතුව හිසට සෙවනක් සලසා ගන්නේ කොහොමද කියන කාරණය හැම දෙනෙක්ම අවබෝධ කරගන්න ඕනෑ. 
             ගෙයක් හදන්න පටන්ගන්න ඉතාමත් සුබ නැකතක් තියෙන්න ඕනෑ. ගේ හදන නැකත අසුබ වුණොත් නිමක් නැති ප්‍රශ්න  මතු වෙනවා. නිවාස නැකතක්   සාදාගැනීම දක්ෂ ජ්‍යොතිෂවේදියෙක් ලවාම කරවාගන්න ඕනෑ. කෝණ මාස තුල නිවාස සෑදීම සුබ නෑ. රවි හෙවත් සූර්යයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි වල ගමන්ගන්නා කාල සීමාවන් කෝණ මාස ලෙස හඳුන්වනවා. නිවසක් සෑදීම ආරම්භ කළ යුත්තේ පුර පක්ෂය තුලයි. පුර පකෂය යනු අමාවක ගෙවුණු තැන් පටන් පසළොස්වක දිනය තෙක් කාලය යි. පුර පක්ෂයේ නැකත් බලවත්. නැකත් සඳහා යොදාගන්නේ සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දින යි.සෙනසුරාදා, ඉරිදා, අඟහරුවාදා යන දිනයන් නිවාස සැදීම සඳහා යොදා ගන්නේ නෑ.  නිවස සෑදීම ආරම්භ කරන සුබ නැකත පවුලේ සියලු දෙනාට සුබ විය යුතුයි. එනම් පවුලේ සියලු දෙනාගේ උපන් නැකතට, ග්‍රහ තත්වයට සීහෙන ගැළපෙන ප්‍රතිපලදායක නැකතක් විය යුතුයි.
                මනුෂ්‍යයාට වගේම නිවසකටත් කේන්දරයක් හෙවත් ජන්මපත්‍රයක් තියෙනවා.නිවසේ උපත තමයි නිවසට මුල් ගල තබන මොහොත. මුල්ගල තබන මොහොතේ ග්‍රහ තත්වයට අනුව තමයි නිවසේ ඉදිරි අනාගතය තීරණය වෙන්නේ. සමහරු දුක් මහන්සියෙන් හදන ගෙවල් තමන්ට අහිමි වෙනවා. සමහර නිවෙස් පාළුවට යනවා. සමහර අයට ගෙදර රැඳෙන්න හිත දෙන්නේ නෑ. ඇතැම් ගෙවල් වල අඬ දබර නැති දවසක් නෑ. සමහර ගෙවල් කඩ කඩා හදන්න වෙනවා. නිවසක් වාසනාවන්ත වෙන්න වගේම අවාසනාවන්ත වෙන්නත් නැකත් හදන්න පුළුවන්. ඒ හින්දා නිවාස නැකත් ආවාට ගියාට හදාගන්න හොඳ නෑ. නිවැරදි ජ්‍යොතිෂ දැනුම නැති අයෙක් හදන නැකත කොඩිවිණයක් වෙන්න පුළුවන්. 
       ගෙයක් හදන්න පටන් ගන්නකොට සුබ නැකතට කළ යුතු කටයුතු තුනක් තියෙනවා.
       01. ලණු ඇදීම 
       02. අත්තිවාරම කැපීම 
       03. මුල්ගල තැබීම.
  මෙම කටයුතු සඳහා වෙන වෙනම නැකත් තුනක් සෑදිය යුතයි. මෙම කටයුතු සිදු කිරීමට පෙර ත්‍රිවිධ රත්නයේ අශිර්වාදය සහ සතරවරම් දෙවියන්ගේ ආශීර්වාදය ලබාගැනීම නිවැරදි පිළිවෙතයි. වෙනත් ආගම් අදහන අය තමන්ගේ ආගමට අනුව ආශිර්වාදය ලබා ගත යුතුයි.
         ප්‍රථමයෙන්ම බුදුන් වහන්සේට පහනක් දල්වා.බුදුන් වැඳ පිරිත් තුන් සුත්‍රය කියවා, අත්තිවාරම සතර කොනේ සතරවරම් දෙවියන්ට පහන් හතරක් දැල්විය යුතුයි. බිම පහන් දැල්වීම සුබදායක නොවන බවත් මතක තබා ගතයුතුයි. ඇතැම් දෙනා නොදැනුවත්කම හේතුවෙන් බිම පහන් දල්වනවා. පොළවෙහි දල්වන පහන් භාරගන්නේ ප්‍රේත කුම්භාණ්ඩ ආදී පහත් භූතාත්ම විසිනුයි. දෙවියන්ට දල්වන පහන් අඩි තුනකට වඩා උසකින් තැබිය යුතුයි. බුදුන්ට දල්වන පහන දෙවියන්ට දල්වන පහන් වලට වඩා වැඩි උසකින් තැබිය යුතුයි.
          මුලින්ම යෙදෙන සුබ මොහොතට ලණු ගැසීමේ කාර්යයත් දෙවනුව අත්තිවාරම කැපීමත්, තෙවනුව මුල්ගල තැබීමත් සිදුකළ යුතුයි. මුල්ගල තැන්පත් කිරීමේදී අදාල සුබ දිශාව බලා, උළුවස්සකට හසු නොවන, අත්තිවාරමේ ඊශාන දිශාවේ තැනක තැබිය යුතුයි. පයට පෑගෙන ස්ථානයක මුල්ගල තබන්නේ නෑ.
            මුල්ගල කියන්නේ කුමක්දැයි අවබෝධ කරගැනීමත් වැදගත් වෙනවා. නිවසක් තැනීමේදී පළමුවෙන්ම තැන්පත් කරන " ගල " විශේෂ සුබ ද්‍රව්‍ය තැන්පත් කර සාදා ගැනීම අනාදිමත් කාලයක පටන් සිදුකරගෙන එනවා. 
 මුල්ගලට අඩංගු විය යුතු ද්‍රව්‍ය මේවා යි.
     නවරත්න ( මැණික් වර්ග නවය )
     පස්ලෝ ( ලෝහ වර්ග පහ )
     කස්තුරි 
     හිරියල් 
     ගොරෝචන 
     සුදුහඳුන් 
     ඇතු දළ පස්  
     තුවරලා 
     එනසාල් 
     නාමල් රේණු 
     රත්මල් 
     කුංකුමප්පු 
     රත්හඳුන් 
     දෙගල් පස් 
     ගුගුල් 
     එළ අබ 
     නෙළුම් රේණු 
     සමන්පිච්ච 
     මුහුදු වැලි 
     පර්වත පස් 
     ඊතණ 
     කපු ඇට 
     ඇල් හාල් 
     මුං ඇට 
     මෑ ඇට 
     ගංගා වැලි  
     නෙළුම් අල 
     ඇල් වී 
     උඳු 
     තල  
           මේ සියලු දේ අඩංගු නොවුණත් යොදා ගත හැකි ඖෂධ ද්‍රව්‍ය හෝ මේ සඳහා අඩංගු කර ගැනීම වැදගත් වෙනවා. අඩියක පමණ කළු ගලක කුහරයක් සාදා අදාල ද්‍රව්‍ය තැන්පත් කර ආරක්ෂක පිරිත් වලින් ජීවම් කරගැනීම නිවැරදි ක්‍රමයයි. නමුත් අද කාලයේ මුල්ගලක් නිවැරදි ක්‍රමයට සාදා ගැනීම තරමක් දුෂ්කරයි. සිමෙන්ති වලින් සාදන මුල්ගල වුවත් අදාල ද්‍රව්‍ය තැන්පත් කර පිරිත් වලින් ජීවම් කරගැනීමට හැකිනම් ප්‍රතිපලදායකයි. 
           මේ සියලු දේ නිවැරදිව සිදුකළත් ඇතැම් විට භුමියේ දෝෂයක් හේතුවෙන් කරදර බාධක මතුවෙන්න ඉඩ තියෙනවා. ඉඩමේ පදිංචි වී සිටි අයෙක් මියගොස් භූත ආත්මයක ඉපදී ඉඩමේ රැඳී සිටිනවානම් නොයෙක් කරදර බාධක ඇතිවෙන්න පුළුවන්. ඉඩමට සම්බන්ධ නැති අයෙක් ඉඩම තුලදී මියගොස් භූත ආත්මයක ඉපදී බලපෑම් එල්ල කිරීමටත් ඉඩ තිබෙනවා.මෙවන් බලපෑම් නිවාස සාදාගෙන යන අතරමගදී මෙන්ම  නිවසේ පදිංචි වීමෙන් පසුව වුවත් බලපාන්නට ඉඩ තිබෙනවා. මේ අනුව නිවාස සැදීමට පෙර ගුප්ත විද්‍යානුකූලව ඉඩම පරික්ෂාකරවා ගැනීමත්  වැදගත් වෙනවා.නිවාස සෑදීමේදී බොහෝ දෙනෙක් නොයෙක් ගැටළු බාධක වලට මුහුණ දෙනවා. මෙම කරුණු හොඳින් අවබෝධ කරගෙන ගැටළු මතු නොවන ලෙස නිවස ඉදිකරගන්න.  වාස්තු විද්‍යාව හා සම්බන්ධ තවත් බොහෝ දේ ඉදිරියේදී දැනගනිමු.
                 ජ්‍යොතිෂවේදී, දේශමාන්‍ය ආචාර්ය 
                  සංජීව කුළුපන බණ්ඩාර 
                  ( Jyotish Bhasker - India )

Monday, September 15, 2014

(2009 මැයි 03 වැනි දින ඉරිදා වාසනා පුවත්පතෙහි පලකරන ලද ලිපියකි)

ඉන්දීය දේශපාලන බිමේ සුන්දර නායිකාව 
සෝනියා ගාන්ධි මැතිණිය 

ඉන්දියාවේ ගුරුවරියක් තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වැඩක් පැවරුවා. ඒ හිටපු අගමැති රාජිව් ගාන්ධි මැතිතුමා ගැන තමන්ට හැඟෙන කරුණු කීපයක් ලියන්න කියලයි.
  "මලක් වී ඔබ පිපෙනු නිසැකය ..පැමිණි විට සුන්දර වසන්තය"...  
එක් ශිෂ්‍යාවක් ඒ විදියට ලියල තිබුණා. තම නායක කාරකාදීන්ට ඉන්දියාවේ බාල මහලු හැමෝම ඉමහත් ගෞරවයක් දක්වනවා. විශේෂයෙන් ගාන්ධි පවුල කෙරෙහි අති විශාල ගෞරවයක් ඉන්දීය ජනතාව තුල තිබෙනවා. මේ තරම් ගෞරවයට ලක් වුණු ගාන්ධි පවුලට සම්බන්ධ වෙන්නත් හොඳ වාසනා බලයක් තියෙන්න ඕනෑ. වෙනත් රටක ඉපදිලා ගාන්ධි පවුලට සම්බන්ධ වෙලා ගෞරවනීය තත්වයකට පත්වෙන්න ලැබෙනවා කියන්නේ එසේ මෙසේ වාසනාවක් නෙමෙයි. හැබැයි ඉතාලියේ ඉපදිලා ගාන්ධි පවුලට සම්බන්ධ වෙලා ඉන්දීය ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වෙන්න වාසනා බලය හිමි කරගත්තු සුන්දර කාන්තාවක් තමයි සෝනියා ගාන්ධි කියන්නේ.
    1946 වසරේ දෙසැම්බර් 09 වැනි සඳුදා ඉතාලියේ ලුසියානා නගරයේ දී කටක ලග්නයෙන් මකර නවාංශකයෙන් උපන් මේ වාසනාවන්ත කාන්තාවගේ උපන් නැකත වුණේ රහුට අයත් අද නැකතයි. නැකත හිමි රාහු ග්‍රහයා කේන්දරයේ උච්ච බලයෙන් සිටිනවා. ඒ වගේම රාහු නවාංශකයේත් බලවත්ව සිටිනවා. බොහෝ දේශපාලඥයින්ට දේශපාලන පිටියේ ඉදිරියට යන්න රාහු උදව් කරනවා.   
      මේ කේන්දරයේ සිටින තවත් බලවත් ග්‍රහයෙක් තමයි ගුරු හෙවත් බ්‍රහස්පති.  කේන්දරයේ භාග්‍යස්ථානාධිපති ගුරු සිව් වැන්නාධිපති සිකුරු සමග සිව් වැන්නේ සංයෝග වීම වාසනා බලය ඇති කරන ඉතාමත් සුබදායක යෝගයක් වෙනවා. සිතට එකඟව කටයුතු කිරීම, ධාර්මික බව, සන්සුන් කම වගේ ගති ලක්ෂණ මෙම යෝගයෙන් හිමිවෙනවා. භාග්‍යස්ථානාධිපති ගුරු සිව්වැන්නේ සිටින්නේ සවක්ෂේත්‍ර බලයෙන් යුතු සිකුරු සමගයි. උපතේදී සිකුරු ගමන් කළේත් ගුරුට හිමි විසා නැකතේ වීමත් විශේෂයි. මේ අනුව සිව්වැන්නේ යෙදිලා තියෙන ගුරු සිකුරු යෝගය ඉතාමත් බලසම්පන්නයි. බලසම්පන්න පවුලකට සම්බන්ධ වෙන්න පසුබිම සකස් කළේත් ප්‍රධාන වශයෙන්ම මෙම ග්‍රහ යෝගයයි. 
    මේ කේන්දරයේ සෙනසුරු සිටින්නේ සතුරු රාශියක් වූ කටක රාශියේ යි. කටක රාශිය සෙනසුරුට ඉතාමත් අසුබ රාශියක් වුණත් උපතේදී සෙනසුරු තමන්ට අයත් පුෂ නැකතේ ගමන් කළ හින්දා සෙනසුරු එතුමියව ජනතාව අතරට අරගෙන ගියා. පොදු ජනතාවගේ සහයෝගය, ප්‍රසාදය ලබාදෙන්නත්, දේශපාලනයට යොමුකරන්නත් සෙනසුරු කටයුතු කළා. විශේෂයෙන්ම සෙනසුරු මහ දශාව පැවතුණු වසර 19 ක කාලය තුළ ඉන්දියාවේ පුරවැසිභාවය ලබාගෙන ක්‍රියාකාරී දේශපාලනයට යොමුවීමේ අවස්ථාව හිමි වුණා. කොහොම වුණත් සෙනසුරු මහ දශා කාලය තුළ ඇයගේ ජීවිතයට ඉතාමත් සමීප, ආදරණිය පුද්ගලයින් දෙදෙනෙක් ඇයට අහිමි වුණා. ඒ ඇයගේ පියා සහ ස්වාමිපුරුෂයායි. අසුබ රාශියක තැන්පත්වීම හේතුවෙන් අසුබ ඵල වගේම නැකත් බලයෙන් යුක්තවීම හේතුවෙන් සුබ ඵලත් සෙනසුරා ලබා දුන්නා. සෑම සියලු දෙයක්ම හොඳින් දරා ගැනීමේ හැකියාවත් ඕනෑම දේකට ඔරොත්තුදීමේ ශක්තියත් ලග්න ගත සෙනසුරු ලබා දෙන බව පිළිගත් මතයක්. සෝනියා ගාන්ධි මැතිණියගේ ජීවිතය තුළින් ඒ බව කදිමට ඔප්පු වෙනවා.
   භාග්‍යස්ථානාධිපති වූ ගුරු ට අයත් නැකතක ගමන්කළ බුධ ග්‍රහයාත් සෝනියා ගාන්ධි මැතිණියට බොහෝ සුබ ඵල ලබා දෙනවා. 1995 වසරේ පටන් දැනට ගත කරන බුධ මහ දශා කාලය දේශපාලනය පැත්තෙන් යහපත්ම කාලය බව පෙනීයනවා. 1999 වසරේදී විපක්ෂ නායකත්වයට පත් වුණෙත්, 1998 වසරේදී පක්ෂ නායකත්වයට පත් වුණෙත්, 2004 වසරේදී පක්ෂය ජයග්‍රහණය කරා ගෙනයන්නට හැකි වුණෙත් බුධ මහ දශාව පවතිද්දීයි. 
    2004 වසරේදී ඇය  තම පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවුවත් අගමැතිකම තමන් සතු කරගැනීමට උත්සාහ කළේ නෑ. ඇයගේ ඉතාලි ජාතිකත්වය හුවා දක්වමින් විරුද්ධ පක්ෂ කලබල කරද්දී ඇය නිහතමානී ලෙස අගමැතිකම ඉන්දීය නායකයෙකුට පිරිනැමුවා. ඇයගේ මෙම නිහතමානී ක්‍රියා කලාපය ලෝක ජනතාවගේ පැසසුමට ලක්වුණා. තම නැන්දණිය, ස්වාමිපුරුෂයා නායකත්වය දී ඉදිරියට ගෙන ගිය කොංග්‍රස් පක්ෂයට නායකත්වය ලබාදෙන ඇය දැනට බුධ මහ දශාවේ ගුරු අන්තර් දශාව ගත කරනවා. දැනට ගත කරන සෙනසුරුගේ ලග්න ඒරාෂ්ටකය මේ වසරේ සැප්තැම්බර් 09 වැනිදායින් නිමා වෙනවා. 2012 නොවැම්බර් අවසාන භාගය තෙක් දැනට ගතකරන කාලය සෝනියා ගාන්ධි මැතිණියට සුබදායකයි. මෙම කාලය තුළ ඇයට ජනතා ප්‍රසාදය නිවැරදිව හිමි වෙනවා. ජාතික කොංග්‍රස් පක්ෂයට නිවැරදි නායකත්වය ලබා දෙන්න හැකිවෙනවා.
   ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය, සාම විනිසුරු, දේශමාන්‍ය
                  ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර
                (JYOTISH BHASKER - INDIA)

Saturday, August 23, 2014

නරක කාලෙදි පරිස්සම් වෙන්නෙ කොහොමද ?

                                    

   "හැමෝම කිව්වා එයා හොඳ කෙනෙක් නෙමෙයි කියලා...මම හිතුවෙ ඒ අය ඉරිසියාවට එහෙම කියනව කියලයි. අන්තිමේදි මමයි රැවටිලා තියෙන්නෙ. දැන් මට දෙමාපියොත් නෑ..."
    සල්ලාල ජීවිතයක් ගතකරන හිතුවක්කාර තරුණයෙක් සමග තනි මතයට විවාහ වුණු යෞවනියක් තමයි ඔහොම කියන්නේ. මේ යෞවනිය තවමත් ගත කරන්නේ වයස 14 දි ලබපු රාහු මහ දශාවයි. වෘෂභ ලග්නයෙන් උපන් මැයගේ කේන්දරයේ රාහු ඉන්නේ හත් වැනි භාවයේයි. තනිව නෙමෙයි සිකුරුත් සමගයි. රාහු මහ දශාවේ සිකුරු අන්තර් දශාවේදී ඇය මේ හිතුවක්කාර තීරණයට එළඹුණා. මේ යෞවනියගෙ දෙමව්පියෝ දරුවන්ගේ කේන්දර බලවලා නෑ. වැරද්දකදී දඬුවම් කරනවා හැර අපලයකට පිළියමක් යොදලා නෑ. ගත කරන කාලය අවදානම් කාලයක් බව පහදලා දීලා නෑ. දියණිය ගතකරන්නේ නොසුදුසු, නොගැළපෙන, හිතුවක්කාර තීන්දු තීරණ ගන්නා කාලයක් බව අවබෝධ කරගෙන නිසි පිළියම් යෙදුවානම් මේ දියණියගේ ජීවිතය මේ විදියට අඳුරු වෙන්නේ නෑ.  
    රාහු, කේතු, අඟහරු, සෙනසුරු විතරක් නෙමෙයි පාපී තත්වයට වැටුණු සිකුරු, බ්‍රහස්පති, සඳු වගේ ග්‍රහයොත් වැරදි පාරවල් වල යවන අවස්ථා තියෙනවා. 
   "ඒ කාලෙ මගේ මොළේට හෙන ගහල තිබුණා. දැන් ඉතින් මොනවා කරන්නද....ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න පුළුවන්යෑ..." ඔය විදියට කියන අය මොන තරම් හමුවෙනවද. රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා කියලා කියමනක් තිබුණට සමහරු රෑ දවල් දෙකේම කරන්නේ කාට හරි රැවටෙන එකමයි. නමුත් බොහෝ විට සිදුවන්නේ ග්‍රහයින් විසින් රැවටවීමයි. 
     එක්තරා තරුණයෙකුට විදේශ රටකට යාමේ තද බල ආශාවක් ඇති වෙලා තිබුනා. මෙයා ගතකළේ කේතු මහ දශාව.  සිංහ ලග්නය හිමි කේන්දරයේ කේතු ග්‍රහයා හිටියේ දෙවැනි භාවයේ යි.  කේතු මහ දශා කාලය නිම වන තෙක් විදේශ ගතවීමේ උත්සාහය අත හරින්නැයි පැවසුවත් මේ තරුණයා ඒක ගණනකට ගත්තේ නෑ. විශාල මුදලක් වැය කරගෙන රටකට ගියා. හැබැයි මෙයාට විදේශ ගතවෙලා ඉන්න ලැබුණේ මාස දෙකයි. ඒ මාස දෙක තුළ පවුලේ උදවියත්  හිටියේ ගිනි ගොඩක. කේතු මහ දශාව ඉවර වෙලා සිකුරු මහ දශාව ලැබුවට පස්සේ නැවත විදේශ ගතවෙන්න ලැබුණා. කේතු දශාවෙදි   වගේ ප්‍රශ්න කරදර නැතුව තවමත් සාර්ථකව රැකියාව කරගෙන ඉන්නවා.
        කේතු කියන්නේ හකුළවන ග්‍රහයෙක්.  හකුළවන ග්‍රහයෝ සහ පතුරවන ග්‍රහයෝ කියල කොටස් දෙකක් ඉන්නවා. කෙනෙකුගේ ධන තත්වය, ජනප්‍රියත්වය, පිළිගැනීම, ගෞරවය වැඩි වෙන කාල සීමාවල් තියෙනවා. ඒවගේම කෙනෙකුගේ බැබළීම, දියුණුව, බලය, ආර්ථිකය පිරිහෙන කාල වකවානුත් තියෙනවා. කලාව, දේශපාලනය, ක්‍රීඩාව ආදී සෑම ක්ෂේත්‍රයකම නියැලෙන බොහෝ  දෙනාට මේක පොදු කාරණයක්. හකුළවන ග්‍රහයෝ බලවත් වෙලා පතුරවන තත්වයේ වගේම පතුරවන ග්‍රහයෝ බලවත් වෙලා හකුලවන තත්වයේ ඉන්නත් පුළුවන්. සමහරු ඉතා දීර්ඝ කාලයක් බැබළෙමින් ඉන්න අවස්ථාත් දකින්න ලැබෙනවා. 
      එක්තරා ධනවත් මහත්මයෙක් හිටියා. රාහු දශාව ලබලා ඥානය හීන වෙලා තියෙන කාලයේ මෙයා තමන්ගේ බිරිඳ අයින් කරලා ලාබාල තරුණියක් විවාහ කරගත්තා. තරුණියගේ පෙනුමට, පහසට, හුරතලයට වශී වෙලා තමන්ගේ දේපළත් එයාට ලියල දුන්නා. ටික කාලයක් ගතවෙනකොට මහත්තයට තිබුණු ආදරය, ලෙන්ගතුකම අඩුවෙන්න පටන්ගත්තා. මහත්තයා හොයල බැලුව මොකද මේ බිරිඳ ටික ටික වෙනස් වෙන්නෙ කියලා. පස්සෙ තමයි දැනගත්තෙ බිරිඳ තව කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන කියලා. බිරිඳ සම්බන්ධය ඇති කරගෙන තිබුණෙ අලියට ප්‍රතිකාර කරන්න ආපු  වෛද්‍යවරයා එක්ක යි. අන්තිමේදී මහත්තයා සිය දිවි හානිකරගත්තා. ග්‍රහයො මිනිස්සුන්ව මංමුලා කරන්නේ ඔන්න ඔය විදියටයි. 
      සමහර කාල සීමාවල් වලදි වැරදි දේවල් හරි වගේ පේනවා. හරි දේවල් වැරදියට පේනවා. කරන්න යන වැඩේ අමාරුවෙ වැටෙන වැඩක් කියලා මොන තරම් දෙනෙක් කිව්වත් අහන්න හිතෙන්නෙ නෑ. හරි මාර්ගය පෙන්වලා දෙන අයටත් හිනහ වෙවී ඔළුව නැති වැඩ කරනවා. පස්සේ ජීවිත කාලයම විඳවනවා. 
       නරක කාලවල් වලදි සමහරුන්ට පුදුම දේවල් හිතෙනවා. නිකටෙ පැත්තක් වැඩියි වගේ ඒක අඩුකරගත්තොත් හොඳයි.. බඩේ රැල්ල නැති කරගන්න ඕනැ අප්පා....හිනහ වෙනකොට කම්බුලේ පොඩි වළක් හදාගත්තොත් ෂෝක්.... ඔන්න ඔය වගේ සිතුවිළි නරක කාල වලදි මතු වෙනවා. උපතින් තමන්ට ලැබෙන සංසාරික ලක්ෂණ තියෙනවා. කෙනෙක් කළු වෙලා, සුදු වෙලා, මිටි වෙලා, උස වෙලා උපදින්නෙ නිකම් නෙමෙයි. තමන්ගේ පින් පව්, කුසළ අකුසළ බලය අනුව ලැබෙන ශාරීරික ලක්ෂණ තියෙනවා.  මයිකල් ජැක්සන් කියන්නේ සල්ලි උඩ පීනපු කෙනෙක්. එයත් තමන්ගේ නහය ශල්‍ය කර්මයක් මගින් වෙනස් කරගත්තා. ඒත් ඒක පසු කාලයේදී විකෘති වෙන්න පටන් ගත්තා. ලොව පුරා කෝටි සංඛ්‍යාත රසික පිරිසකගේ ආදරයට පාත්‍ර වෙලා හිටපු මයිකල් ජැක්සන්  දින පතා වේදනා නාශක ඖෂධ භාවිතා කරමින් ගත කළ බව හෙළි වුණේ ඔහුගේ මරණයෙන් පසුවයි. 
         කේන්දරයක බුධ බලවත් නම් මංමුලා වන තත්වය ගොඩක් අඩු වෙනවා. බුධ  ලග්නයේ බලවත්ව ඉන්නවනම් කොහොමටත් මංමුලා වෙන්නේ නෑ. බුධ බලවත් වුණාම  උපාය සහගත නුවණ ලැබෙනවා. තැනට සුදුසු ප්‍රඥාව හිමි වෙනවා. දුර දිග හිතන්න පුළුවන් වෙනවා.  
        සෙනසුරු කියන්නේ දරාගැනීමේ හා ඔරොත්තුදීමේ ශක්තිය ඇති කරන ග්‍රහයායි. අපායේ යතුරයි දිව්‍ය ලෝකයේ යතුරයි දෙකම තියෙන්නේ සෙනසුරා අතේය කියලා කියමනක් තියෙනවා. සෙනසුරා නරකට හිටියොත් නැතිවෙන්නම මංමුලා කරනවා. කෙනෙක්ව ඉහළටම ඔසවා තබන්න වගේම මහ පාරටම ඇදලා දාන්නත් සෙනසුරා දන්නවා. සෙනසුරු අසුබ විදියට ඉඳලා සෙනසුරුගේ දශාව ලැබුවම තත්වය, තරාතිරම නැත්තටම නැතිවෙලා යන විදියට වැඩ කරන්න පෙළඹෙනවා. සෙනසුරුගේ දශාවේදී ගොඩක් දෙනෙක් අමරුවේ වැටෙනවා. අපල කරන්න එන සෙනසුරු ජයග්‍රහණය ලබා දෙන තත්වයට පත් කරගන්න එකයි ඒ වෙලාවට කරන්න තියෙන්නේ.  ඒ සඳහා කළයුතු දේවලුත් ජ්‍යොතිෂය තුළම තියෙනවා.
     ගත කරන්නෙ මොනවගේ කාලයක්ද කියලා අවදානයෙන් ඉන්න කෙනෙක් මංමුලා වෙන්නෙ නෑ. ගත කරන කාලය තුළ මතුවෙන්න පුළුවන් මොනවගේ අනතුරුද කියලා දැනගෙන  ඉන්න අය ප්‍රවේශම් සහගතව කටයුතු කරනවා. මංමුලා කරන්න එන ග්‍රහයාවත් හොඳ පැත්තට හරවාගෙන දියුණුව සාර්ථකත්වය උදා කරගන්න පුළුවන්. ලෝකයේ හොඳම ධනාත්මක විද්‍යාව ජ්‍යොතිෂය යි කියන්නේ නිකම් නෙමෙයි.  
             
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය, දේශමාන්‍ය
      ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර
                

Tuesday, August 19, 2014

ග්‍රහයො 
වැඩකාරයෝ වෙන්නෙ මොන වගේ  තැන්වල දී ද?

        කාන්තාරයට ගැළපෙන සතා තමයි ඔටුවා. සිංහයා කැලෑවේ රජා වුණාට කාන්තාරයට ගිහින් දැම්මොත් අසරණ වෙනවා. වෛද්‍ය වරයා රෝහලේ වැඩකාරයා වුණාට උසාවියක් ඇතුළේ  වැඩ පෙන්නන්න එයාට බෑ. උසාවිය ඇතුළේ වැඩ පෙන්නන නීතිඥ මහත්තයාට රෝහලක් ඇතුළේ කරන්න පුළුවන් දෙයක් නෑ. ඔන්න ඔය වගේ තමයි ග්‍රහයින්ටත් වැඩ පෙන්නන්න පුළුවන් තැන් තියෙනවා. ගුරු අංක එකේ සුබ ග්‍රහයා වුණාට ගුරුටත් කට උත්තර නැතිවෙන තැන්  තියෙනවා. සෙනසුරා ග්‍රහලොවේ යාචකයා කිව්වට දස්කම් විස්කම් පෙන්නන්න පුළුවන් තැන් සෙනසුරාටත් තියෙනවා.
        කේන්දරයේ භාව හෙවත් ස්ථාන 12 ක් තියෙන බව කවුරුත් දන්නවා. මේ ස්ථාන 12 ට ග්‍රහයො බලවත් වෙන්නෙ මොන විදියටද, ඒ ඒ තැන්  වලට      ගැළපෙන ග්‍රහයො කවුද, සුබ ග්‍රහයින්ගෙ සුබ පල අඩුවෙන්නෙ මොන වගේ තැන්  වලදී ද ආදී කරුණු කාරණා ගැන තමයි මේ කියාදෙන්න හදන්නේ. මේ දේවල් හරියට දැනගත්තම කේන්දරයෙන් වැඩ ගන්න ලේසියි. ඒ විතරක් නෙමෙයි කේන්දරයක් බලලා අනාවැකි කියන්නත් පුළුවන් වෙනවා.
       ග්‍රහයින් බලවත්වන ආකාර 06 ක් ගැන ඉසි වරු සඳහන් කරල තියෙනවා. ඒකට කියන්නේ "ෂඩ් විධ බලය" කියලයි. ඒ තමයි,
       01 ස්ථාන බලය
       02 දිග් බලය
       03 වේෂ්ටා බලය
       04 කාල බලය
       05 දෘග් බලය
       06 නෛසර්ගික බලය.
   ඔය ෂඩ් විධ බලය අතරින් දිග් බලය හෙවත් දිශා බලය අනුව ග්‍රහයින් බලවත් වෙන්නේ කොහොමද කියල බලමු.
   මෙහිදී කේන්දරයේ ලග්න ස්ථානය හෙවත් පළමු වැනි භාවය නැගෙනහිර දිශාව ලෙසත්, සිව් වැනි භාවය උතුරු දිශාව ලෙසත්, හත් වැනි භාවය බටහිර දිශාව ලෙසත්, දස වැනි භාවය දකුණු දිශාව ලෙසත් සලකනවා. ගුරු, බුධ ලග්නස්ථානයටත්, සඳු, සිකුරු සිව් වැනි භාවයටත්, සෙනසුරු හත් වැනි භාවයටත්, රවි, කුජ දස වැනි භාවයටත් බලවත් වෙනවා.
     ගුරු හෙවත් බ්‍රහස්පති කියන්නේ ග්‍රහ ලොවේ සුබදායකම ග්‍රහයායි. පුද්ගලයෙක් සදාචාර මාර්ගයක් ඔස්සේ රැගෙන යාමේ හැකියාව බ්‍රහස්පති සතුව තියෙනවා. ජ්‍යොතිෂය බිහි කරන කාලයේදී පුද්ගලයෙකුගේ දියුණුව විදියට සැලකුවේ ගුණ යහපත්කම, හැදියාව මිසක් ආර්ථික දියුණුව නෙමෙයි. බ්‍රහස්පති ලග්න ගතවීම හොඳක් විදියට සැළකුවේ ඒ හින්දයි. කොහොම වුණත් කාටවත් කරදරයක් හිරිහැරයක් නැතුව සාධාරණ ක්‍රම වලින් දියුණු වී උසස් ජිවිතයක් ගත කරන්න බ්‍රහස්පති ලග්න ගතවීම සුබදායක වෙනවා. බ්‍රහස්පති ලග්න ගත වීමෙන් ආගම දහම කෙරෙහිද නැඹුරුවක් ඇතිවෙනවා. (අද කාලයේ යක්ෂ ගතිගුණ වලට මිසක් දේව ගතිගුණ වලට තැනක් නැති නිසා මෙවන් පුද්ගලයින්ට ලැබෙන අගය වටිනාකම අඩුයි.)
      බුධ ලග්නයේ හෙවත් පළමු භාවයේ ඉන්න අය බුද්ධියෙන් යුක්තයි. බුද්ධිය ප්‍රඥාව ඇති අය පවට බයයි. ජ්‍යොතිෂය බිහි කරන කාලයේ මනුෂ්‍යයාගේ බුද්ධියට ප්‍රඥාවට විශේෂ තැනක් ලැබුණා. අද ඒ තැන ලැබෙන්නේ ශරීරයේ මාංශ වලටයි. බුද්ධියක් ප්‍රඥාවක් නැති මාංශ කඳන් වලට මැතිවරණ වලදී පවා විශේෂ ජනතා ආකර්ශනයක් අද හිමිවෙනවා. "ප්‍රඥා නරාන රතනං" කියන්නේ මනුෂ්‍යයාගේ වටිනාම මාණික්‍යය ප්‍රඥාව කියන එකයි.  ප්‍රඥා සම්පන්න බුද්ධිමත් මනුෂ්‍යයෙක් වීමට බුධ ලග්න ගත වීම වැදගත් වෙනවා.
      එහෙමනම් ඊළඟට බලමු සිව් වැනි භාවයට සඳු හා සිකුරු දිග්  බල වෙන්නෙ කොහොමද කියලා. සිව් වැනි භාවයෙන් දේපළ, ගේ දොර, යාන වාහන, සැප සම්පත් ගැන කියවෙනවා. මේ දේවල් වලට අධිපතිත්වය දරන සිකුරු සිව් වැනි භාවයේ තැන්පත් වීම කොහොමත් හොඳයි. ගිහි ජිවිතයට අවශ්‍ය සැප සම්පත් සියල්ල හිමි කර දෙන ග්‍රහයා එතැනට හොඳටම ගැළපෙනව. සිකුරු කියන්නේ පිරිසුදුකමට හා සුකොමාලත්වයටත් අධිපතිත්වය දරන ස්ත්‍රී ග්‍රහයෙක්. සිව් වැන්නෙන් පපුව, හදවත ගැනත් කියවෙනවා. පපුව පිරිසිදු නැත්නම්, පපුවේ තෙතමනය නැත්නම් වැඩක් නෑ. සිකුරු සිව්වැන්නේ ඉන්නකොට පපුව පිරිසිදුයි.
      සඳු සිව්වැන්නට ගැළපෙන්නේ කොහොමද කියලත් බලමු. සඳු කියන්නේ සිසිලස, තෙතමනය ඇති කරන සංවේදීම ග්‍රහයායි. සඳු සිව්වැන්නේ ඉන්න අය අනුන්ගේ දුකේදී දුක් වෙනවා. උණුවෙන හදවතක් හිමිවෙනවා. එහෙම අය ට හැමෝම කැමතියි ආදරෙයි. ජිවිතයේ අවසාන කාලයේදී පවා දරු මුණුබුරන්ගේ ඇප උපකාර ලැබෙනවා. ජීවිතයේ අවසාන කාල සීමාව ගැනත් සිව්වැන්නෙන්  කියැවෙනවා. සිව් වැන්නේ පාප ග්‍රහයෝ ඉන්න අයට  ජීවිතයේ අවසාන කාලය තුළ තරමක් දුකින් කල්ගෙවන්න සිද්ද  වෙනවා.
      හත්වැනි භාවයට හෙවත් විවාහස්ථානයට සෙනසුරු දිග් බලයි. මෙතැන තමයි ගොඩක් දෙනෙකුට වරදින තැන. සෙනසුරු හත්වැන්නට හොඳම ග්‍රහයා බව සෘෂි වරු පවසලා තියෙනවා නම් දැන් ඉන්න අය කොහොමද කියන්නේ සෙනසුරු හතට හොඳ නෑ කියලා.  සමහර ජ්‍යොතිෂවේදීන් සෙනසුරු හතේ ඉන්නව දැක්කම මිනිස්සුන්ව බය කරනවා. හතේ සෙනසුරු ඉන්න එක බයවෙන්න කාරණයක් නෙමෙයි.  හතෙන් කියැවෙන්නේ විවාහය ගැනයි. විවාහ ජීවිතය කියන්නේ තනියම ගතකරන ජිවිතයක් නෙමෙයි. දුක් කරදර, ගැටළු මතුවෙන්න පුළුවන්.  මතුපිටින් හොඳට සුන්දරව පෙනෙන විවාහ ජීවිත වල පවා ගැටළු තියෙන්න පුළුවන්.  දරාගැනීමේ හා ඔරොත්තුදීමේ ශක්තිය ඇතිකරන ග්‍රහයා සෙනසුරා යි. මොන තරම් දුකක් කරදරයක් ඇතිවුණත් ඒවා විඳ දරාගෙන සිටීමේ ශක්තිය තියෙන්නේ සෙනසුරු ලඟයි. එහෙමනම් දරාගැනීමේ ශක්තිය ලැබෙන්න ඕනැ තැනට සෙනසුරු හොඳටම ගැළපෙනවා. 
        දස වැනි භාවයට රවි හා කුජ හොඳයි කියන්නේ මොන  හේතුවක් උඩද කියලා බලමු. දසවැනි භාවය ක්‍රියාත්මක ස්ථානයයි. පුද්ගලයෙකුගේ ක්‍රියාශීලී බව, සංවිධාන ශක්තිය ගැන දසවැනි භාවයෙන් ප්‍රකාශවත් වෙනවා. රවි කුජ දෙන්නම හොඳ ක්‍රියාශීලී, සටන්කාමී, පසු නොබසින ග්‍රහයො දෙන්නෙක්. එහෙමනම් ක්‍රියාත්මක වෙන්න ඕනැ තැනට මේ ග්‍රහයො දෙන්නා හොඳටම ගැළපෙනවා. කේන්දරයේ දසවැනි භාවයෙන් රැකියාව ගැන කියැවෙන බව බොහෝ දෙනෙක් දන්නවා. එහෙමනම් මන්දගාමී කම්මැළි ග්‍රහයෙක් මෙතැනට කොහොමටත් ගැළපෙන්නෙ නෑ. රැකියා ස්ථානයට ගැළපෙන්නේ ක්‍රියාශීලී ග්‍රහයෙක්මයි. 
    මේ කතා කළේ ග්‍රහයින්ගේ දිග් බලය ගැනයි. ග්‍රහයින් බලවත්වන අනෙකුත් ආකාර ගැන ඊළඟට කතා කරමු. 

                               ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය, දේශමාන්‍ය
                                                    ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර    
                                                       
     
   

Monday, August 18, 2014

අතමිට සරු කරගන්න 

කේන්දරය උපකාරී කරගන්න.


  අද සල්ලි නැතුව මොනවත්ම කරන්න බෑ. හැම දෙයක්ම තීරණය වෙන්නේ මුදල් මතයි. දරුවෙක් පාසලකට දාගන්න, කාර්යාලයකට ගිහින් වැඩක් කරගන්න විතරක් නෙමෙයි පින් දහම් කරන්නත් මුදල් ඕනෑ. දෙවියන්ට දෙන පූජා වට්ටියේ පවා සැලකිය යුතු මුදලක් නොතිබ්බොත් කපු මහත්තයගේ මුණ නරක්  වෙනවා. ජනප්‍රිය දේශකයාණන් වහන්සේ නමක් ගෙදරට බණකට වැඩමවා ගන්නත් නිකම් සාමාන්‍ය කෙනෙකුට බෑ. සල්ලි නැතුව හුස්ම ගන්නවත් බැරි කාලෙක  තමයි අපි ජිවත් වෙන්නේ.
           අද තියෙන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයක්.  එදා බුදුන් වහන්සේ සුනීත, සෝපාක වගේ දිළිඳු අසරණ අයට පිහිට වුණා. සමාජයේ පිළිකුලට ලක්වෙලා සිටි ගණිකාවන්ගේ නිවෙස් වලට පවා වැඩම කළා. ඒ අය පිරිනැමු දානය වැළඳුවා. යේසුස් වහන්සේ දුක් විඳින, බර උසුලන, වෙහෙස වන අසරණයින්ට පිහිට වුණා. ඒත් අද, ඉහළ පෙළේ ආගමික උත්තමයෙක් හමුවීම ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. නමුත් ධනයෙන් බලයෙන් අඩුවක් නැති කෙනෙකුට ඒක ලේසි පහසු කටයුත්තක්.
        හැම දෙයක්ම මුදල් මත තීරණය වීම යහපත් ලක්ෂණයක් නොවුනත් ධනවාදී ආර්ථික ක්‍රමය තුළ හැමෝටම මුදල් පස්සේ දුවන්න වෙලා තියෙනවා. මුදල් හොයන්න විවිධ අය විවිධ ක්‍රම අනුගමනය කරනවා. සමහරු මුදල් හොයන්න ගිහින් හිරේ විලංගුවේ වැටෙනවා. මුදල් භාවිතා කරලා විලංගු ගලවා ගන්න අයත් ඉන්නවා. සමහරු මුදල් ප්‍රමාණය දෙගුණ තෙගුණ කරගන්න ගිහින් ඔක්කොම නැති කරගන්නවා. සමහරු මුදල් හොයාගන්න ගිහින් ජීවිතෙත් නැති කරගන්නවා.
   කෙනෙකුට සුබ දශාවක්, සුබ අන්තර් දශාවක් ලැබුවම ඒ කාලය දියුණුව සාර්ථකත්වය වෙනුවෙන් උපරිම වශයෙන් භාවිතයට ගන්න ඕනෑ. සිකුරු මහ දශාව හොඳ කාලයක්. ඒත් සිකුරු මහ දශාව නිම වුණාට පස්සේ රවි මහ දශාව ලබනවා. සිකුරු දශාව තුළ දියුණුව සාර්ථකත්වය හරියට ගොඩනගාගත්තෙ නැත්නම් රවි මහා දශාවේදී අමාරුවේ වැටෙනවා. ගුරු මහ දශාව කියන්නේ සුබදායක කාලයක්. නමුත් ගුරු දශාව නිම වුණාට පස්සේ ලබන්නේ සෙනසුරු.  එහෙමනම්, ගුරු දශාවේදී දියුණුව සාර්ථකත්වය හරියට ගොඩනගාගත්තේ නැත්නම් සෙනසුරු දශාවේදී මහත් ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. බුධ මහ දශාව සුබදායකයි. බුධ මහ දශාවේදී හරියට යමක් කරගන්නේ නැතුව සැහැල්ලුවෙන් ගත කළොත් ඊළඟට ලබන කේතු මහ දශාවේදී අමාරුවෙ වැටෙන්න වෙනවා. සඳු මහ දශාව හරියට භාවිතයට නොගත්තොත් කුජ දශාවේදී අමාරුවෙ වැටෙනවා.
             තමන්ට සාර්ථකත්වය උදාකරන්නේ සුබ ග්‍රහයොම නොවෙන්න පුළුවන්. නමුත් තමන්ට සාර්ථකත්වය උදාකරන ග්‍රහයාගේ දශාව නියමිත ආකාරයට භාවිතා කළොත් තමන් ජයග්‍රහණය කරනවා.
    කෙනෙක් ගතකරන්නේ ගුරු මහ දශාව කියලා හිතමු. මෙයා ගුරු මහ දශාවේ අග කොටස වෙනකොට නොයෙක් ගැටළු පැටලිලි ඇති කරගත්තොත්, අනුන්ට ඇප වුණොත්, ණය ගනු දෙනු වලට සම්බන්ධ වුණොත් මේ හැම දෙයක්ම විසඳා ගන්න වෙන්නේ සෙනසුරු මහ දශාවෙදියි. සෙනසුරු මහ දශාවේදී මේ දේවල් බරපතළ ප්‍රශ්න බවට පත්වෙන්න ඉඩ තියෙනවා. මේවා නීති ප්‍රශ්න බවට පත්වෙන්නත් පුළුවන්. අපලදායක කාලයකට මුහුණ දිය යුත්තේ ප්‍රශ්න, ගැටළු අතින් දරාගෙන නෙමෙයි. හොඳ ආරක්ෂාකාරී, ඔරොත්තුදෙන ආකාරයේ වටපිටාවක් ගොඩනගාගෙනයි.
     තමන්ට වාසනාව උදාකරන, දියුණුවට පාර කපන ග්‍රහයෙක් හෝ ග්‍රහයින් කීප දෙනෙක් කේන්දරය තුළ ඉන්නවා. ඒ ග්‍රහයා හෝ ග්‍රහයින් කීප දෙනා හඳුනාගෙන ඒ ග්‍රහයාට හෝ ග්‍රහයින්ට අනුකූල ක්‍රම වලින් මුදල් උපයන්න ඕනෑ.
      තමන් තුළ මොන තරම් දක්ෂතා තිබුණත් ඒ දක්ෂතා අන්‍යයන්ට නොපෙනෙන හේතු තියෙනවා. අද පුද්ගලික පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරයෙක් එක්තරා කාලයක මා හමුවෙන්න අවා. ඒ කාලයේදී මේ ගුරුවරයා හිටියේ දැඩි කළකිරීමකින්.  උගන්වන විෂය සම්බන්ධයෙන් මොන තරම් දැනුම් සම්භාරයක් තිබුණත් සැළකියයුතු තරමේ සිසුන් ප්‍රමාණයක් ගුරුවරයා වෙත යොමු වුණේ නෑ.  ඒකට හේතුව දැනගන්න තමයි කේන්දරෙත් අරගෙන මා හමුවෙන්න ආවෙ.  මම කේන්දරය පරික්ෂා කරලා උපදෙසක් දුන්නා. උගන්වන විෂය ගැළපෙන්නේ නැති බවත්, විෂය වෙනස් කළයුතු බවත් තේරුම් කරලා ගැළපෙන විෂය මොකක්ද කියන එකත් පැහැදිලි කරලා දුන්නා. ඒ උපදෙස අනුව කටයුතු කළ ඔහු අද ජනප්‍රිය ගුරුවරයෙක්. ඒ වෙනස සිදු නොකර සිටියානම් තවමත් එතැනමයි.
           එක්තරා ගායන ශිල්පිණියකට ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. මොනතරම් දක්ෂතාවය තිබුණත් ජනප්‍රියතාවය අඩුයි. ඉදිරියට යන්න අවස්ථා නෑ. අලුත් වැඩකට අත ගහන්න හැදුවත් මොන විදියකින් හරි නතරවෙනවා. කේන්දරයේ ග්‍රහ බලය අනුව කළයුතු වෙනස්කම් ගැන ඇයව දැනුවත් කළා. ඒ වෙනකොට ඇය භාවිතා කළ නම නොගැළපෙන බැවින් එය වෙනස් කළා. කේන්දරයේ බලවත්ම ග්‍රහයාට හිමි නැකතකට අයත් අක්ෂරයකින් වාසනාව උදාවන ආකාරයේ ආකර්ශනීය නමක් හදල දුන්නා. නිතර භාවිතා කළයුතු වර්ණ සම්බන්ධයෙන් දැනුවත් කළා. ගායනා කරන ගීත වල තිබිය යුතු මුල් අක්ෂර ගැන පවා දැනුවත් කළා. කේන්දරයේ ග්‍රහ බලයට අනුකූලව ගත් පියවර හේතුවෙන් ඇයගේ ජනප්‍රියත්වය වර්ධනය වුණා .
       සමහරු දැකපු දේ කරන්න යනවා. අහවලාගේ රූපලාවන්‍ය ව්‍යාපාරය බොහොම සාර්ථකයි. ඒකෙන්ම තමයි ගොඩ යනවා නම් යන්න තියෙන්නේ. ඔහොම හිතලා දැකපු දේ කරන්න ගිහින් අමාරුවේ වැටෙන අය ඉන්නවා. නොයෙක් දේවල් පටන් අරගෙන ටික කලකින් නතර කරනවා. වටිනා කියන කාලය නිකරුනේ අපතේ යනවා.
   තමන්ගේ ග්‍රහ බලය වගේම ග්‍රහ බලයට හිමි ජය සංකේත, උපන් නැකත හිමි පක්ෂියාගේ රජ, භෝජන, ගමන යන අවස්ථා පවා තම ජයග්‍රහණය වෙනුවෙන් භාවිතයට ගත යුතුයි.
             

       
                                                    ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය, දේශමාන්‍ය
                                                          ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර 

Sunday, August 10, 2014

(2009.03.29 දින ඉරිදා වාසනා පුවත්පතෙහි පළකරන ලද ලිපියකි)

කෙසෙල්වත්තේ ඉපදී ජනාධිපති ධුරයට පත් වු දුප්පතාගේ හිතවතා 

හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස
මැතිතුමාගේ කේන්දරය බලමු.

1924. ජුනි 23 වැනිදා කොළඹ කෙසෙල්වත්තේ, ඩයස් පෙදෙසේ අංක 12 දරන නිවසේදී අලුයම 03.27 ට දරුවෙක් ඉපදුනා. දරුවට නම තිබ්බෙ ප්‍රේමදාස කියලයි. පුංචි ප්‍රේමදාස රටේ නායකයා වෙයි කියල නම් කවුරුවත් හිතන්න නැතුව ඇති. මේ පින්වත් දරුවගේ පියා, ඒ කියන්නේ රිචඩ් මුදලාලි මහත්තයා ප්‍රේමදාස දරුවාගේ උපන් වෙලාව අරගෙන දෛවඥ මහත්තයෙක් හමුවෙන්න ගියේ ජන්ම පත්‍රය සාදවා ගන්නයි. ඒ කාලයේ මැලිබන් වීදියේ  ජ්‍යොතිෂ කාර්යාලයක් පවත්වාගෙන ගිය දෛවඥ ආර්. කේ. පියදාස මහත්තයා දරුවගේ අනාගතය ගැන පලාපලත් පැවසුවා. පලාපල විස්තරය අහපු රිචඩ් මුදලාලිට නම් මොනවත්ම හිතාගන්න බැරිවුණා.  

        ප්‍රේමදාස මැතිතුමාගේ ජන්ම පත්‍රය සටහන්වෙලා තියෙන්නෙ මෙන්න මේ විදියටයි. ලග්නය මේෂ.  දෙවැන්නේ බුධ, තුනවන්නේ රවි, සිකුරු,  පස් වැනි භාවයේ රාහු, හත්වන්නේ සෙනසුරු, අටවන්නේ ගුරු, එකොළොස්වැන්නෙ සඳු, කුජ, කේතු.  ධනු නවාංශකය.  පුවපුටුප නැකතේ 2 වැනි පාදය.

                රජවෙන්නට වාසනාව උදාවන තරමට මේ කේන්දරයේ තියෙන රාජ යෝග බලය මොකක්ද කියලා දැනගන්න ගොඩක් දෙනෙක් කැමතියි. ප්‍රේමදාස මැතිතුමා ජනතාවට සමීප කිරීමේ ප්‍රධානම කාර්යභාරය ඉෂ්ට කළේ සෙනසුරු යි. සෙනසුරු ග්‍රහයා හත් වැන්නේ ඉන්නෙ ඉතාම බලවත්වයි. පොදුජන කාරක සෙනසුරු බලවත් වීම දේශපාලන කටයුතු කරන අයට ඉතාමත් සුබදායකයි. ප්‍රේමදාස මැතිතුමා ඇලුම් කළේ දුක් විඳින සාමාන්‍ය ජනතාවටයි. ඒ තත්වය ඇතිකළෙත් සෙනසුරු මයි. රවි, සිකුරු, බුධ, අඟහරු යන ග්‍රහයෝත් ප්‍රේමදාස මැතිතුමාගේ සාර්ථකත්වයට දායක වුණා. 

              දෙවැන්නේ ඉන්න බුධ, වික්‍රමස්ථානයේ ඉන්න සිකුරු බලවත් පරිවර්ථන යෝගයක් නිර්මාණය කළා. නිර්මාණශීලී හැකියාව, අලුත් අදහස් බිහි  කිරීමේ ශක්තිය එතුමාට ලබාදුන්නේ බුධ සහ සිකුරුයි. මොන තරම් උපාධි ලබා ගත්තත් කෙනෙක් නිර්මාණශීලී නැත්නම් සාර්ථකත්වයට පත්වෙන්න අමාරුයි. පක්ෂයක, සංවිධානයක නායකත්වයට පත්වෙන්න නම් නව සංකල්ප බිහි කරමින් ඒ වටා ජනතාව ඒකරාශී කර ගැනීමේ හැකියාව තියෙන්න ඕනෑ. සියලු දෙනා අභිබවා ඉදිරියට යන්න එතුමාට හැකි වුණේ නිර්මාණශීලී හැකියාව හින්දයි. උදාගම් සංකල්පය, ඇඟලුම් කම්හල් ව්‍යාපෘතිය, ජන සවිය, සුචරිත ව්‍යාපාරය, මාවතේ අපි, සෙවන සරණ, ආදර්ශ ගම්මාන, පූට්ටු පාලම්, ජංගම සේවා වැනි  වැඩසටහන් තුළින් එතුමාගේ නව සංකල්ප බිහි කිරීමේ හැකියාව කැපී පෙනුණා. නව කතා, කෙටි කතා, තිර රචනා, ගී සිංදු ලිවීමේ හැකියාවත් එතුමා සතුව තිබුණා.       

             ප්‍රේමදාස මැතිතුමා පැය ගණනක් එක දිගට කතා කළත් ජනතාව අහගෙන හිටියා. එතුමාගේ කතා අහන්න ගොඩක් දෙනෙක් ප්‍රිය කළා. එතුමා එක්ක කතා කරළා දිනන්න කාටවත් පුළුවන් වුණේ නෑ. මේ තරම් බලවත් කතා විලාශයක් එතුමාට ලැබුණේ දෙවැනි භාවයේ බුධ ග්‍රහයා තැන්පත්වෙලා හිටපු හින්දයි. බුධ වචනයට, කතාවට, බුද්ධියට අධිපති ග්‍රහයායි. එතුමාගේ කථිකත්වය පුදුමාකාරයි. 
          නව වැන්නෙන් නවය අධිපති ග්‍රහයාත් දහ වැන්නෙන් දහය අධිපති ග්‍රහයාත් එකතුවී සිටීම ඉතාමත් ප්‍රබල රාජ යෝගයක්. ප්‍රේමදාස මැතිතුමාගේ කේන්දරයේ නවයෙන් නවය අධිපති රවිත්, දහයෙන් දහය අධිපති සිකුරුත් වික්‍රමස්ථානය වූ තුන්වැනි භාවයේ සංයෝග වී සිටිනවා. මෙම රාජ  යෝගය බොහෝ රාජ්‍ය නායකයින්ගේ කේන්දර තුළ දකින්නට ලැබෙනවා. හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග, හිටපු අගමැති ඩී.එස්.සේනානායක, හිටපු අගමැති එස්. ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක යන නායකයින්ගේ කේන්දර තුළ මෙම රජ යෝගය සටහන්වී තිබෙනවා.
          ප්‍රේමදාස මැතිතුමාට සෙනසුරු මහ දශාව ලැබුවේ වයස අවුරුදු එකොළහේදියි. වයස 31 තෙක් සෙනසුරු දශාව ගත කළා. පොදු ජන කටයුතු, සමිති සමාගම් ආදී කටයුතු වලට දායක වෙමින් දේශපාලනයට පැමිණියේ මෙම කාලය තුලයි. ශ්‍රී සුචරිත ව්‍යාපාරය බිහි කළේද සෙනසුරු මහ දශා කාලය තුළයි. කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී වරයෙක් ලෙස තේරීපත්වන්නටත් සෙනසුරු දශා කාලය තුළ පුළුවන් වුණා. 
          බුධ මහ දශාව ලබනවාත් සමගම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සමග සමීපව කටයුතු කිරීමේ අවස්ථාවද උදාකරගත්තා. පක්ෂයේ ප්‍රති සංවිධාන කටයුතු වලටද උරදී කටයුතු කිරීමට හැකි වුණා.
          ප්‍රේමදාස මැතිතුමාගේ විවාහයද ජුනි මාසයක 23 වැනි දිනක සිදුවීම ඉතාමත් විශේෂයි. ඒ 1964 ජුනි 23 වැනිදායි. විවාහස්ථානයේ ඉතාමත් බලවත්ව සිටි සෙනසුරු උඩරට පළාතේ වැදගත් පවුලක දියණියක් සහකාරිය හැටියට හිමිකරලා දුන්නා.
          කේතු මහ දශාවත් ප්‍රේමදාස මැතිතුමාට සුබදායක වුණා. උපතේදී කුජ හිමි දෙනට නැකතේ සිටි කේතු  ජන්ම කේන්දරයේ එකොළොස්වැන්නේ කුජ සහ සඳු සමග යෝගව සිටි බැවින්, තම  මහ දශාව තුළ මහත් ජයග්‍රහණ අත්කරදුන්නා. 1977 මහ මැතිවරණයෙන් මැද කොළඹ පළමු වැනි මන්ත්‍රීවරයා ලෙස පත්වුණා. එමෙන්ම පළාත්පාලන නිවාස හා ඉදිකිරීම් ඇමති පදවිද හිමිවුණා. 1978 පෙබරවාරි 06 වැනිදා පෙ.ව. 11.36 ට යෙදුණු සුබ මොහොතින් රටේ අගමැතිවරයා ලෙස දිව්රුම්දුන්නා.
        1979 වසරේ ලබපු විසි අවුරුදු  සිකුරු මහ දශාව එතුමාව වඩාත් බබළවන්නට පටන්ගත්තා .එතුමා මහත් ජනතා ප්‍රසාදයක් ලබමින්  ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා බවට පත් වුයේ සිකුරු මහ දශාව තුලදී යි. මෙම කාලය තුළ ඇඟලුම් කම්හල් දෙසීයේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් අඩු ආදායම් ලාභී තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා අවස්ථා උදාකර දුන්නා. ප්‍රථම වරට ජනාධිපති ජංගම සේවය හඳුන්වා දෙමින් ජනතා ප්‍රශ්න විසඳීමට ගම් දනව් කරා ගමන් කළා. 
       ප්‍රේමදාස මැතිතුමා දැයෙන් සමුගත්තේ කිසිවෙක් නොසිතු අවස්ථාවකයි. නොසිතූ ආකාරයකටයි. 1993 මැයි පළමු වැනිදා වෙන කොට එතුමා සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ටකය ගත කරමින් හිටියා. 1993 වර්ෂයේ ලෝක කම්කරු දිනය යෙදුණු මැයි පළමු වැනිදා දවල් 12.45 ට පමණ එම මාරක මොහොත උදා වුණා. ප්‍රේමදාස මැතිතුමාගේ කේන්දරයේ වගේම සිද්ධිය සිදුවන අවස්ථාවේත් ඒරාෂ්ටක තත්වයක් පැවතුණා. තත්කාල මොහොතේ කටක ලග්නය උදාවී පැවති අතර සෙනසුරු අටවන්නේ තැන්පත්වී සිටියා. සඳු දෙවැන්නේත්, කුජ ලග්නයේත් තැන්පත්ව මාරක තත්වය තව දුරටත් වර්ධනය කළා. දුක් විඳින, සාමාන්‍ය ජනතාවට ලෙන්ගතු වූ එතුමන් කම්කරු දිනය දා සාමාන්‍ය ජනතාව අතරදී ම දැයෙන් සමුගත්තා. 

     ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය, සාම විනිසුරු 
    දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර 
            ( Jyothish Bhasker - India )

Thursday, August 7, 2014

වාසනාව වගේ පෙනි පෙනී එන අවාසනාව 
අවාසනාව වගේ පෙනි පෙනී එන වාසනාව 

මේ එන්නේ වාසනාවද අවාසනාව දැයි හරියට දැන නොගත්තොත්,ලෝක අමාරුවක වැටෙන්න පුළුවන්.


                      සමහර වෙලාවට වාසනාව වගේ පෙනී සිටිමින් අවාසනාව ළං වෙනව. අවාසනාව වගේ පෙනී සිටිමින් වාසනාව ළං වෙන අවස්ථාත් තියෙනවා. වාසනාව විදියටම වාසනාව එන අවස්ථා වගේම අවාසනාව විදියටම අවාසනාව එන අවස්ථාත් නැත්තේ නෑ. කොහොම වුණත් මේ ළං වෙන්නේ වාසනාවද අවාසනාවද කියලා තේරුම් ගන්න ගොඩක් දෙනෙකුට අමාරුයි. සමහරු වාසනාව කියල අවාසනාව වැළඳගෙන පසුතැවෙනවා. අවාසනාව කියල හිතාගෙන වාසනාව ප්‍රතික්ෂේප කරලා දුක්විඳින අයත් ඉන්නවා.  
                      කේන්දරයක් නැති පුද්ගලයා අඳුරේ යන කෙනෙක් වගේය කියලා කතාවක් තියෙනවා. අඳුරේ යන කෙනෙකුට හරියට මොනවත් පේන්නෙ නෑ. යන්තමට පේන දේවල් වලටත් රැවටෙනවා. අනතුරු වලට පහසුවෙන් ලක් වෙනවා. අතට ගන්න ඕන දේවල් හොයාගන්න අමාරු වෙනවා. "ජ්‍යොතිෂය අඳුරේ යන්නෙකුට ගිනි හුළක් වගේය" කියන්නේ ඔය හින්දයි. වාසනාව අවාසනාව හරියට තේරුම් ගන්න, අවාසනාව දුරු කරගෙන වාසනාව උදා කරගන්න කේන්දරයෙන් විශාල උදව්වක් ලැබෙනවා. 
                සල්ලි දේපළ යහමින් තියෙන පවුලක තරුණියක් හිටියා. මේ තරුණිය හිතුවක්කාරකමට නොගැළපෙන විවාහයක් කරගෙන ඒකෙන් වෙන්වෙලා ආපහු ගෙදරට ඇවිත් හිටියෙ. මෙහෙම ඉන්න අතරේ රට ගිහින් ආපු තරුණයෙක් මුණ ගැහුණා. මේ තරුණයාට ඕනැ වුණේ තරුණියගෙ දේපළ ධනය තමන්ට ලබාගන්නයි. තරුණිය වගේම තරුණියගෙ දෙමව්පියොත් මේ තරුණයට රැවටුණා. තරුණිය විවාහවෙලා ටික දවසකින් මේ තරුණයාගේ සැබෑ ස්වරුපය හෙළි වුණා. මේ තරුණයා පාතාල කණ්ඩායමකට සම්බන්ධ කෙනෙක්. මෙයා මාමණ්ඩිටයි නැන්දම්මාටයි තර්ජනය කරන්න පටන්ගත්තා ඉක්මනට දේපළ ටික තමන්ගෙ නමට ලියල දෙන්න කියලා. බැරිම තැන මේ අය දේපළ ලියල දුන්නා. කොහොම වුණත් තරුණියට ඒ විවාහය තුළ රැඳෙන්නත් පුළුවන් වුණේ නෑ. තරුණයාගේ සල්ලාලකම්, හොර මැරකම් හින්දා තරුණිය ඔහුගෙන් වෙන් වුණා. පියා හර්දාබාධයකින් මියගියා. මේ තරුණිය දැනට සයිප්‍රසයේ සේවය කරමින්, කුලී නිවසක වෙසෙන මවට වියදම එවනවා. 
       වාසනාව වගේ පෙනී සිටිමින් අවාසනාව එන්නේ ඔන්න ඔය විදියටයි. රාහු, කේතු, සෙනසුරු දශා වලදි තමයි ගොඩක් දෙනෙක් වාසනාව කියල අවාසනාවට රැවටෙන්නේ. වාසනාව කියලා වැළඳගෙන තියෙන්නේ අවාසනාව බව වැටහෙන කොට බොහෝ දේ අහිමි වෙලා ඉවරයි.
         බුදුන් වහන්සේ එක ආත්මයක බරණැස් නුවර චුල්ල නමින් සිටුවරයෙක් වෙලා හිටියා. දුප්පත් මනුස්සයෙක් පාරෙ ගමන් කරනව.  පාරෙ මැරිලා හිටපු මීයෙක් පෙන්නලා සිටුවරයා කියනව "නුවණ තියෙන කෙනෙකුට මේ මී කුණ වුණත් ප්‍රයෝජනයට අරගෙන දියුණු වෙන්න පුළුවන්" කියලා. මේක අහගෙන හිටපු දුප්පත් මනුස්සයා මී කුණ අරගෙන යනවා. මී කුණ අරගෙන යනකොට බළලෙක් ඇතිකරන කෙනෙක් සුළු මුදලක් දීලා මේ මී කුණ අරගත්තා. ඒ මුදලෙන් මේ මනුස්සයා උක්  හකුරු අරගත්තා. කැලයෙන් මල් කඩාගෙන එන අයට හකුරු වලින් සහ පැන් වලින් සංග්‍රහ කරලා ඒ අයගෙන් මල් මිට මිට අරගත්තා. පස්සෙ මල් විකුණලා මුදලක් හොයාගත්තා. ඔය විදියට පියවරෙන් පියවර ගිහින් මහා ධනවතෙක් බවට පත්වුණා. පස්සේ චුල්ල සිටුවරයා මුණගැහිල තමන් එතුමන්ගේ උපදෙස් හේතුවෙන් ධනවතෙක් වුණු ආකාරය පැවසුවා. චුල්ල සිටුවරයා මහත් සේ පැහැදිලා තමන්ගේ දියණිය මේ උත්සාහවන්ත මනුස්සයාට විවාහ කරලා දුන්නා. හොඳ උපදේශකවරයෙක් ගේ උපදෙස් හේතුවෙන් මොහු මහා සිටුවරයෙක් වුණා.  
                    ඉස්සර අපේ ගම් වල ජනතාවට උපදෙස් දුන්නේ පන්සලේ හාමුදුරුවෝ සහ ගමේ වෙද මහත්තයයි. මේ අයගේ උපදෙස් අනුව ගමේ බොහොමයක් දෙනා ඔළුව නැති වැඩ නොකර විනය ගරුක විදියට ජීවත්වුණා. පවුල් අවුල් කරගත්තු, මොළේ කලඳක් නැති නළු නිළියෝ, ගිරව් වගේ මෙලෝ සිහියක්   නැතුව හිස් වචන කියවන නිවේදක නිවේදිකාවෝ. කපටි කයිරාටික දේශපාලඥයෝ තමයි අද උදේ ඉඳන් හවස් වෙනකල් ජනතාවට උපදෙස් දෙන්නේ. අද රට තනිකරම විශාලා මහනුවර වගෙයි. එළිවුණු වෙලේ ඉඳන්ම අහන්න තියෙන්නේ මරපුවා, කපපුවා, කොටපුවා, ගිනි තියපුවා, දුෂණය කරපුවා, අරන් පැනපුවා, හිරිහැර කරපුවා, හොරකම් කරපුවා නේද?
         තමන්ගේ වාසනා බලය ක්‍රියාත්මක වන ආකාරය, අවාසනාව ලඟා වන ආකාරය, වාසනාව අවාසනාව මතුවන කාල සීමාවන්, වාසනා බලය මතුකර   ගත යුතු ආකාරය ආදී හැම දෙයක්ම ජන්ම පත්‍රය හෙවත් කේන්දරය තුල සටහන් වෙලා තියෙනවා. මේවා ගැන හරියට දැනගෙන වාසනාව මතුකරගන්න  නම් දක්ෂ ජ්‍යොතිෂවේදියෙක් මුණ ගැහෙන්න ඕනෑ. දක්ෂ ජ්‍යොතිෂවේදියෙක් කියන්නේ අතින් සල්ලි දීලා රුපවාහිනී, ගුවන් විදුලි නාලිකා වල වැඩසටහන් ඉදිරිපත් කරන, තමන්ගේම තැරව් කාරයො ලවා දුරකථන ඇමතුම් ලබාගන්නා අයට නොවන බවත් හොඳින් මතක තබා ගත යුතුයි.      
          "මැණික් ගලේ පය හැපුණත් කණා ඇහිඳලා ගනියිද? "  කියලා කියමනක් තියෙනවා. සමහරු වාසනාවට පයින් ගහනවා. තෝරගත්තොත් තෝරගන්නේ වැරදි දේමයි. අමරුවේ වැටෙන, මානසික පීඩා ඇතිවෙන, ආත්ම ගරුත්වය නැතිවෙන දේවල් කොහොම හරි තෝරාගන්නවා. ඇයි මටම  මෙහෙම වෙන්නේ? කියල පස්සෙ අහනවා.
           අද සමහර දරුවන් විෂය ධාරාවන් තෝරා ගනිද්දීත් වරද්දා ගන්නවා. තමන්ට ගැළපෙන, පලදෙන විෂය ධාරාව අත ඇරලා නොගැළපෙන විෂය ධාරාවක් තෝරාගෙන අමාරුවේ වැටෙනවා. අධ්‍යාපනය අසාර්ථක කරගන්නවා. තමන්ට ගැළපෙන, පලදෙන, අනාගතය සමග සසැඳෙන විෂය ක්ෂේත්‍රය  තෝරාගෙන ඒ ඔස්සේ අධ්‍යාපනය කරගෙන යන්න ඕනෑ.                                            
               මේ එන්නේ වාසනාවද අවාසනාවද? අවාසනාව නම් ඒකෙන් ගැලවෙන්නේ කොහොමද? අවාසනාව වාසනාව බවට පත් කරගන්නේ කොහොමද? කේන්දරය පරික්ෂා කරවගන්න කොට මේ දේවල් අහල දැනගන්න ඕනෑ. ජ්‍යොතිෂය බිහි කරලා තියෙන්නේ මනුෂ්‍යයාගේ යහපත, සාර්ථකත්වය වෙනුවෙන් භාවිතයට ගැනීමටයි.    

Sunday, July 27, 2014

"උපක්‍රමශීලීව පසුබැසීම"

යුද්ධයේදී වගේම ජීවිතයේ සාර්ථකත්වය උදෙසාත්
භාවිතා කළහැකි උපක්‍රමයක්.


                    "අනුන්ට උදව් කරන්න ගිහින් මටත් වෙච්ච දෙයක්......."  හිතවතුන්ට උදව් කරන්න ගිහින් අමාරුවේ  වැටුණු සමහරු ඔහොම කියනවා.ණයක් ගන්න ඇපයට අත්සන් කරන්න කෙනෙක් නෑ කියන කොට මම ඇප   වුණා. අන්තිමේදී උසාවි යන්න වුණේ මටයි. හිතවතුන් වෙනුවෙන් ඇප වෙන සමහරු ඔහොමත් කියනවා. මේ කියන්න හදන්නේ ජීවිතය තියෙන කල් කාටවත් උදව් කරන්න එපා කියලා නම් නෙමෙයි. අවදානම් සහිත දේවල් වලට, අභියෝග වලට මුහුණ දීමට සුදුසු කාල වකවානු වගේම අවදානම් සහිත හා අභියෝගාත්මක දේවල් මගහැරලා සිටිය යුතු කාල වකවානුත්  තියෙනවා. අන්න ඒ ගැන දැනුවත් කරන්න තමයි මේ හදන්නේ.
                       "නරක වෙලාවට මෝල් ගහත් පත්තුවෙන්න පුළුවන් " කියලා කතාවක් තියෙනවා. නොසුදුසු කාල වලදි අවදානම් දේවල් වලට අත  ගහන්න ගිහින් ගොඩක් දෙනෙක් අමාරුවේ වැටෙනවා. මහා බලවත්තුත් ඔය විදියට අමාරුවේ වැටෙන අවස්ථා තියෙනවා. හොඳ වෙලාව මොකක්ද නරක වෙලාව මොකක්ද කියලා හොයාගන්න බැරි වුණොත් කපෝතියි. තමන්ගේ නරක කාලය උදාවෙලා තියෙන බව ප්‍රභාකරන් දැනගෙන හිටියේ නෑ. සුපුරුදු දස්කම් විස්කම් දක්වන්න ගිහින් මැරුම් කන්න වුණා.
                       සමහරු වෙලාව නරක බව නොදැන ලක්ෂ ගණන්, කෝටි ගණන් ව්‍යාපාර වලට යටකරලා කබලෙන් ළිපට  වැටෙනවා. සමහරු හොර ඒජන්සි කරුවන්ට ලක්ෂ ගණන් මුදල් දීලා සුසුම් හෙළනවා
                         . උපක්‍රමශීලීව පසු බැසීම කියන්නේ යුද්ධ වලදී අනුගමනය කරන උපක්‍රමයක්. ජීවිතයේදීත් උපක්‍රමශීලිව පසු බැසිය යුතු අවස්ථා තියෙනවා. තමන්ගේ ඉදිරියට ඇවිත් පලු යන්න බැන්නත් කලබල නොවී ඉවසගෙන ඉන්න ඕනෑ අවස්ථා තියෙනවා.නරක වේලාවකදී ඒ වගේ දේකට කළබල වුණොත් ජීවිත කීපයක් නැතිවෙන්න වුණත් ඉඩ තියෙනවා. තමන්ගේ කාලය හොඳද නැද්ද කියලා දැනගෙන කටයුතු කරන අය ඒ වගේ අවස්ථා වලදී ඉවසීමෙන් කටයුතු කරනවා.
              හිට්ලර් රාහු දශාවෙදි ගත්තු වැරදි නොසුදුසු  තීරණ හේතුවෙන් ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ද වුණා. ගොඩක් දෙනෙක් රාහු දශාවෙදි වැරදි තීරණ අරගෙන අමාරුවේ වැටෙනවා. පසු බැසිය යුතු අවස්ථා වලදීත් සිංහයෝ වගේ ඉස්සරහට ගිහින් පස්ස බිම ඇනගන්නවා.
               වෙලාව හොඳ කාලෙදී සිංහයෝ වගේ ඉන්න අය වෙලාව නරක් වුණාම කව්රුත් ගණන් ගන්නේ නැති තත්වයට පත්වෙනවා. බලය තියෙන කාලෙදි ඉස්සරහින් පස්සෙන් ආරක්ෂකයො තියාගෙන වැජඹෙන අය බලය නැති වුණු දාට ඉන්නවද මළාද කියලා හොයලා බලන්න කෙනෙක් නැති තත්වයට පත්වෙනවා.
             සමහරු හොර මුල්‍ය සමාගම් වල මුදල් තැන්පත් කරළා අමාරුවේ වැටෙනවා. වැඩි පොලියක් බලාගෙන මුදල් තැන්පත් කරන කොට හඳහන මතකත් නෑ, දෙවියො බුදුන් මතකත් නෑ. වැඩේ වැරදුණාම කේන්දරය අරගෙන රට වටේ දුවනවා. පන්සලක් ගානෙ, දේවාලයක් ගානෙ යනවා. කාලෙ හොඳද නරකද කියලා මුලින්ම දැනගෙන වැඩ කළා නම් ඔහොම වෙන්නේ නෑ.
             සමහරු අහක යන කරදර තමන්ගේ ඇඟට දාගන්නවා. අනුන්ගේ දේවල් වලට බලෙන් අත  දාලා  ප්‍රශ්න ඇතිකර ගන්නවා.රාහු , කේතු , සෙනසුරු දශා වලදී තමයි ගොඩක් දෙනෙක් ඔය වගේ වැඩ කරන්නේ. බුද්ධිය පෑදෙන කොට වෙන්න ඕනැ දේවල් වෙලා හමාරයි.      
            බෞද්ධ රටවල් අතර ප්‍රමුඛස්ථානයේ වැජඹෙන අපේ රටේ දවසකට ගබ්සාවන් විශාල ප්‍රමාණයක් සිද්දවෙනවා. ගබ්සා කිරීම් වලට ලක්වෙන ඇතැම් දෙනා නොයෙක් අතුරු විපාක වලට ලක්වෙනවා. සමහරු එතැන් පටන් ස්වභාවික ගබ්සාවීම් වලට ලක්වෙනවා.සමහරුන්ට දරු පල අහිමිවෙලාම යනවා.     සමහරුන්ට ජීවිතයත් අහිමි වෙනවා. සමහර යෞවනියෝ ඔය වගේ කරදර වලට මුහුණ පානවා. තමන්ගෙ දරුවන්ගේ කේන්දර බලවගන්න දෙමාපියන්ට මතක්වෙන්නෙත් දරුවො කරදරයකට පත්වුණාට පසුවයි.
             සමහර යෞවනියො නොසුදුසු නොගැළපෙන සම්බන්ධතා වල පැටලිළා අමාරුවෙ වැටෙනවා. සමහරු අනියම් බැඳීම් හේතුවෙන් ලැබෙන දරුවන්ව ගඟට, මුහුදට විසිකරනවා. ඒවා හෙළිදරව්වෙලා ලැජ්ජාවට පත්වෙනවා.නීතියට කොටුවෙනවා. සිය දිවි නසාගන්නවා. සල්ලාල පෙම්වතුන්ගේ ඉල්ලීම් හමුවේ අවනතව ජිවිතයම විනාශ කරගන්නවා. මේ කාලය අමාරුවේ වැටෙන කාලයක්ද, ඥානය හීන වෙන කාලයක්ද කියල හරියට දැනගෙන උපායශීලීව කටයුතු කලොත් ඔය විදියට අමාරුවේ වැටෙන්නේ නෑ.
             මේ වෙලාවේඅත  ගහන්න සුදුසු නොසුදුසු දේවල් මොනවද? මේ වෙලාවේ ඉහට කඩාපත්වෙන්න පුළුවන් කරදර මොනවද? මේ කාලේදී පරිස්සම් වෙන්න ඕනැ මොනවගේ දේවල් වලින්ද? මේ වෙලාවේ ණයක් ගත්තොත් ගෙවාගන්න පුළුවන් වෙයිද ? ඉස්සරහට යන්න ඕනැ කාලයක්ද? ඇඟ බේරාගෙන පැත්තකට වෙන්න ඕනැ කාලයක්ද? ඔන්න ඔය වගේ දේවල් කේන්දරයෙන් දැනගන්න ඕනෑ. එහෙම දැනගෙන උපායශීලිව පසුබැසියයුතු අවස්ථා වලදී පසු බසින්න ඕනෑ.            
                                                  ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය, දේශමාන්‍ය
                                                        ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර.

Friday, July 18, 2014

දෛවය වෙනස් කරන්න බැරිද ?

         "වෙන්න තියෙන දේ වෙනවා ඒක කාටවත් නවත්තන්න බෑ ......."  ගොඩක් දෙනෙක් ඔය කතාව ඔය විදියට කියනවා.කරදරයක් උනාම, ගැටළුවකට මැදිඋනාම බොහෝ දෙනෙක් හිත හදාගන්නේ ඔය විදියටයි.
          වෙන්න තියෙන දේවල් ඒ විදියටම වෙනවද?වෙන්න තියෙන දේවල් වළක්වාගන්නෙ කොහොමද?මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් දෙනෙකුට මතුවෙනවා.
           කෙනෙක් මෙලොව බිහිවෙන්නේ අහම්බෙන් නෙමෙයි. තමන් පෙර භවයන්හිදී කරන ලද පින් පව්, කුසල් අකුසල් පලදෙන ආකාරයේ විශ්ව බලයක් ගොඩනැගුණු අවස්ථාවක තමයි ජීවියෙක් බිහිවෙන්නේ. ඒ සුවිශේෂ අවස්ථාව වෙනස් කරන්න කිසිවෙකුට බෑ. එකම අවස්ථාවකදී දෙදෙනෙක් මෙලොව බිහිවෙන්නේ නෑ. එක සමාන අත් දෙකක් , එක සමාන ඇස් දෙකක් ලෝකේ කොහෙවත් නෑ. ඒ වගේම තමයි එක සමාන ජන්ම පත්‍ර දෙකක් ලෝකෙ කොහේවත් නෑ. ඔබට හිමි ග්‍රහ බලය ඔබටම සුවිශේෂයි. ඔබ මෙළොව පැමිණියේ කොහි සිටද? ඔබ මෙළොවින් සමුගෙන යන්නේ කොතැනකටද? ඔබට මෙළොවදී සිදුවන්නේ කුමක්ද? මේ සියළු කාරණා ඔබේ ජන්ම පත්‍රය තුළ සටහන්ව තිබෙනවා.ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ හසල දැනුමක් ඇති ජ්‍යොතිෂවේදියෙකුට පුළුවන් ජන්ම පත්‍රයක් තුළින් මේ සියළු කරුණු කාරණා සොයා දැනගන්න.
           අපි කොහි සිට මෙළොව පැමිණියත් දැන් පැමිණ අවසන්.අපට වඩාත් වැදගත් වන්නේ මෙළොව ජීවිතය සාර්ථක කරගැනීමයි. අනතුරු, අවදානම්, දුක් කරදර වලින් මිදී සුවදායක ජීවිතයක් ගත කිරීම කාගේත් අපේක්ෂාවයි. ජීවිතය විඳවන්නට කැමති අයෙක් ලොව කොතැනකවත් නෑ. සියළු දෙනාගේ අපේක්ෂාව ජීවිතය විඳීමයි. මේ සඳහා ජන්ම පත්‍රය තුළින් විශාල සහයෝගයක් ලබාගන්න පුළුවන්. ජ්‍යොතිෂය ට අනුකූලව කටයුතු කරනවා කියන්නේ ජන්ම පත්‍රයට අනුව කටයුතු කිරීමයි. ජන්ම පත්‍රය තුළින් පෙනෙන අනතුරු, අවදානම් මගහැරිමයි. "ජ්‍යොතිෂය අඳුරේ යන්නෙකුටආලෝකයක්" යැයි  කියමනක් තිබෙනවා. අඳුරේ යන්නෙකුට කිසිවක් පෙනෙන්නේ නෑ. අනතුරු වල පහසුවෙන් ගැටෙනවා. වලවල් වල පහසුවෙන් වැටෙනවා. ඒත් ආලෝකයක් ඇතුව ගමන් කරන්නෙකුට තම ගමන ආරක්ෂාකාරීව යන්න පුළුවන් වෙනවා.
         "තමන්ට මාරකයක් තියෙනවා. මේක මගහරින්න බෑ....." සමහර ජ්‍යොතිෂවේදීන් ඔය විදියට අදුරදර්ශී අනාවැකි පවසනවා. "තමුන්ගේ විවාහය නම් සාර්ථක වෙන්නේ නෑ තමුන්ට විවාහ සැපත  නෑ. විවාහය මුළුමනින්ම අසාර්ථක වෙනවා........"   මේ දරුවගේ අධ්‍යාපනය සාර්ථක වෙන්නේ නෑ. අවරුදු 16 වෙද්දී කා එක්ක හරි යනවා......."   ඔය විදියට අනාවැකි පවසන ජ්‍යොතිෂවේදීන් ඉන්නවා. ඇත්තටම කේන්දරයෙන් පෙනෙන දේ ඒ විදියටම වෙනවද? වෙන්න තියෙන දේ ඒ විදියටම වෙනවනම් කේන්දරය බලාගන්නේ මොකටද?
          ජ්‍යොතිෂය කියන්නේ ධනාත්මක විද්‍යාවක්. මනුෂ්‍ය ජීවිතය උපරිම ආකාරයෙන් සාර්ථක කරගන්න අවශ්‍ය මග පෙන්වීම තමයි ජ්‍යොතිෂයෙන් ලැබෙන්නේ. අනතුරක් වෙන්න තියෙනවද කියල දැනගන්නේ ඒ අනතුරෙන් මිදෙන්න මිසක් හිත හදාගෙන අනතුරට මුහුණ දෙන්න නෙමෙයි. විවාහය සම්බන්ධයෙන් ගැටළු මතුවෙන්න ඉඩ තියෙනවද කියලා දැනගන්නේ විවාහය සාර්ථක කරගන්නයි. අධ්‍යාපනය අඩාල වෙන්න ඉඩ තියෙනවද කියල දැනගන්නේ අධ්‍යාපනය වඩාත් සාර්ථක කරගන්නයි. අයහපත් සිදුවීම් වළක්වා ගන්න නම් ඒ ගැන කලින් දැනගන්න ඕනෑ. තමන්ගේ ජන්ම පත්‍රය නිවැරදිව භාවිතා  කරන කෙනෙකුට පුළුවන් ඉහළම තත්වයකට පත්වෙන්න. අද ඉතාමත් සාර්ථක තත්වයේ, ඉහළම තලයේ ඉන්න බොහෝ දෙනෙක් තමන්ගේ ජන්ම පත්‍රයට අනුව කටයුතු කරන අය බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක්.
                               දීඝායු කුමාරයා ගැන නොදන්නා බෞද්ධයෙක් නෑ. ඒත් මේ නම හැදුනු විදිය ගොඩක් දෙනෙක් දන්නේ නෑ. මේ කුමාරයා තමන්ගේ දෙමාපියන් සමග වරක් බුදුන් වහන්සේ බැහැ දකින්න ගියා. බුදුන් වහන්සේ මේ කුමාරයාගේ මවට සහ පියාට "දීඝායු වේවා" කියල ආශීර්වාද කළා. ඒත් බුදුන් වහන්සේ කුමාරයාට ඒ විදියට ආශීර්වාද කළේ නෑ. දෙමාපියන්ට මේක ප්‍රශ්නයක් වුණා. බුදුන් වහන්සේගෙන් හේතුව විමසුවා. කුමාරයාට දීර්ගායුෂ නොමැති බවත් තව ටික දිනකින් මරණයට පත්වන බවත් බුදුන්වහන්සේ පැවසුවා. කුමාරයාගේ මවත් පියාත් බොහෝ දුකට පත්වුණා. කුමන හෝ ආකාරයකින් කුමාරයාව මරණින් බේරා දෙන්නැයි දෙමාපියන් බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. එවිට බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩමකරළා මහා පිරිතක් කියවා මාරකය දුරුකළා. ඔන්න ඔය විදියට තමයි මේ කුමාරය "දීඝායු කුමාරයා' වුණේ. අදත් අකල් මරණ වලට මුහුණ දෙන අය මොන තරම් ඉන්නවද?
                    දරුණු ඒරාෂ්ටක කාල වලදී භයානක අනතුරු වලට ලක් වෙන්න පුළුවන්. දරුණු අසනීප මතුවෙන්න පුළුවන්. මේ වගේ අවස්ථා වලදී ඒරාෂ්ටක අපල දුරුවෙන්න අවශ්‍ය ප්‍රතිකර්ම නිවැරදිව යෙදීමෙන් අවදානම් තත්වය මගහරවා ගන්න පුළුවන් වෙනවා. සමහර අපල කාල  වලදී හැදෙන ලෙඩ රෝග වෛද්‍යවරුන්ට නිශ්චය කරගන්න අපහසු වෙනවා.ශල්‍ය කර්මයක් කිසිසේත්ම අවශ්‍ය නොවෙන අවස්ථා වලදී ශල්‍ය කර්ම සිදුකරනවා. තිබෙන අසනීපයට අදාල නොවන ප්‍රතිකාර ලබා දෙනවා. අපල ගැන කල් තියා දැනගෙන නිවැරදි ප්‍රතිකර්ම යෙදීමෙන් එවැනි ගැටළු, අවදානම් මගහැරගන්න පුළුවන් වෙනවා. බොහෝ දෙනෙක් විසඳුම් හොයන්නෙ ප්‍රශ්න උග්‍ර වුණාට පසුවයි.  
                         විවාහය සම්බන්ධයෙන් ගැටළු කරදර මතුවෙන්න තිබෙනවානම් විවාහයේදී සැලකිලිමත් වෙන්න පුළුවන්. අවේගශීලී, දරුණු සැමියෙක්, බිරිඳක් ලැබෙන්න තිබෙනවානම් එම තත්වය වෙනස්කරගන්න පුළුවන්.කාරුණික ගතිගුණ තියෙන කෙනෙක්ව ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒත් ගොඩක් දෙනෙක් හඳහන් බලන්නේ විවාහය බිඳවැටුණට පස්සෙයි. සමහරු පාඩු විඳගෙන ව්‍යාපාර කරනවා. තමන් කරන ව්‍යාපාරය තමන්ට උරුම, ගැළපෙන එකක්ද කියළා හොයල බලන්නේ නෑ. යම් ව්‍යාපාරයක් තුළින් හිණි පෙත්තටම නගින්නනම් ඒ ව්‍යාපාරය තමන්ට උරුම ගැලපෙන ව්‍යාපාරයක් වෙන්න ඕනෑ.  රැකියාව උනත් එහෙමයි. ඉගෙන ගන්නා විෂය දහරාව උනත් ඒ විදියට තෝරාගන්න ඕනෑ.
                       ඔය විදියට බැලුවම පේනවා දෛවය වෙනස්කරන්න පුළුවන් බව. ජිවිතයේ උපරිම දියුණුව සාර්ථකත්වය අත් කරගන්න අපිට පුළුවන්. ඒ සඳහා ජන්ම පත්‍රය භාවිතයට ගතයුතුයි.
                            ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය, සාම විනිසුරු( මුළු දිවයිනටම)
                                      දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර

Sunday, July 13, 2014

රාහු කේතු මාරු වෙති. 

ජාතිවාදී ගැටුම් මතුවීමේ අවදානමක්.
දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළි.
උතුරෙත් දකුණෙත් අර්බුධ.
මහා නියඟයක්.

       ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 10.00 ට රාහු කන්‍යා රාශියටත් කේතු මීන රාශියටත් ගමන් කළා.  මෙලෙස ගමන් කළ  රාහු කේතු 2016. 01. 30 තෙක් කන්‍යා රාශියේ සහ මීන රාශියේ රැඳී සිටිනවා. 
      රාහු සහ කේතු ග්‍රහ ලෝක නොවුණද ජ්‍යොතිෂය තුළ මොවුන් ග්‍රහයින් ලෙස සලකනවා. එමෙන්ම මොවුන්ගෙන් ලෝකයට සහ සත්වයින්ට මහත් බලපෑමක් එල්ලවෙනවා.
      රාහු කේතු කන්‍යා මීන රාශි තුල රැඳී සිටින කාලය තුල ලොව පුරා ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ඇතිවීමේ අවදානමක් මතුවෙනවා. ශ්‍රී ලංකාව තුලද ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් මතුවිය හැකියි.
       ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ නොසිතු ආකාරයේ පෙරළි දැක ගැනීමට ලැබෙනවා. වැඩ වර්ජන, උද්ඝෝෂණ  බහුල වෙනවා. රාහු ග්‍රහයා මත්  ද්‍රව්‍ය වලට බලපාන්නාවූ ප්‍රධාන ග්‍රහයායි. රාහු කන්‍යාවට ගොස් බලවත් වීමත් සමග මත් ද්‍රව්‍ය බහුල ලෙස ව්‍යාප්ත වෙනවා.මත් ද්‍රව්‍ය හේතුවෙන් සිදුවන විනාශයන් වැඩිවෙනවා. මත් ද්‍රව්‍ය වෙත නැඹුරු වන පිරිසද වැඩිවෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රය තුල බරපතල අර්බුධ ඇතිවෙනවා. විශ්වවිද්‍යාල තුල උද්ඝෝෂණ බහුලවෙනවා.
      ජ්‍යොතිෂය, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදී ගුප්ත කටයුතු වෙත නැඹුරුවන පිරිස වැඩිවෙනවා.බොහෝ දෙනා තුළ අමනුෂ්‍ය බිය ඇතිවෙනවා. දුර දිග නොබලා කටයුතු කිරීම හා දැඩි ආවේගය හේතුවෙන් ගැටුම්, ඝාතන සහ සිය දිවි නසාගැනීම් බහුල වෙනවා. යොවුන් වියේ පසුවන බොහෝ දෙනා නොමනා කටයුතු වලට යොමුවෙනවා.
      ජනතාව අතර ආර්ථික ගැටළු වර්ධනය  වෙනවා.නොමනා ක්‍රියාමාර්ග වලින් මුදල් උපයන පිරිස බහුල වෙනවා. ආර්ථික ගැටළු හේතුවෙන් දිවි නසාගන්නා පිරිසද වැඩිවෙනවා. උපායශීලී දේශපාලඥයින් තම යහපත තකා ජනතාව පීඩනයට පත් කරන අතර බොහෝ දෙනා දිවා රෑ රැවටෙමින් මානසික පීඩනයට ලක්වෙනවා. පාර්ලිමේන්තුව තුළ ගැටුම් ඝට්ටන ඇතිවෙනවා. 
      රට පුරා ස්වාභාවික විපත්ද ඇතිවෙනවා. නොයෙක් ආකාරයේ අසනීප, වසංගත රෝග පැතිරෙනවා.
ඉවසිලිමත්ව, ධාර්මිකව හා ප්‍රතිපත්ති ගරුකව කටයුතු කිරීම තුලින් තම යහපත, ආරක්ෂාව සලසා ගතයුතුවෙනවා. 
     ජ්‍යොතිෂවේදී, සාම විනිසුරු
  දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර.     

  



  

Friday, July 11, 2014

ග්‍රහ ලොව සෙන්පති කුජ හෙවත් අඟහරු 
ග්‍රහ ලොව මනාලියගේ නිවසට පිවිසෙයි .
කාම අපරාධ, ගැටුම්, කෝලාහල , අනතුරු, ඝාතන තවත් ඉහළට.


     කුජ ග්‍රහයා කන්‍යා රාශියට ගමන් කළේ පසු ගිය වසරේ නොවැම්බර් 26 වැනිදායි. කුජ කන්‍යා රාශියට ගමන්කිරීමත් සමග රිය අනතුරු, මනුෂ්‍ය ඝාතන, සිය දිවි නසාගැනීම්, ස්ත්‍රී දුෂණ, ගැටුම් කෝලාහල පුදුම සහගත ලෙස වාර්ථා වන්නට වුණා. කන්‍යා රාශියේ පෙරළිකාර ලෙස හැසිරුණු කුජ 2014. 07. 14 වැනිදා තුලා රාශිය වෙත ගමන් කරනවා. තුලා රාශියට ගමන් කරන කුජ එහිදී සෙනසුරු සමග සංයෝග වෙනවා. කුජ 2014. 09. 05 වැනිදා තෙක් සෙනසුරු සමග තුලා රාශියේ රැඳී සිටිනවා.
   
 මෙම කාලය තුළ රිය අනතුරු ප්‍රමාණය තවත් ඉහළ යනවා. මනුෂ්‍යයාගේ ඉවසීමේ ශක්තිය පහළ බසින කාලයක් බැවින් ගැටුම් කෝලාහල බහුල වෙනවා. ස්ත්‍රී දුෂණ, ළමා අපචාර පිලිබඳ පුවත් දසතින් අසන්නට ලැබෙනවා. සිය දිවි නසාගැනීම්ද ඉහළ යනවා. සමාජ රෝග බහුල වෙනවා. නොගැළපෙන, නොසුදුසු ආකාරයේ සම්බන්ධතා හේතුවෙන් බොහෝ දෙනා ගැටළු කරදර වලට මුහුණ පානවා. 

   සෞක්‍ය, විදුලිබල, කෘෂි කාර්මික, මුල්‍ය යනාදී ක්ෂේත්‍ර තුළ නොයෙක් අර්බුධ ඇතිවෙනවා. 

  මෙම කාලය ඉවසීමේ ශක්තිය වර්ධනය කරගතයුතු කාලයක් බව මතක තබා ගත යුතුයි. 
              

Friday, January 17, 2014

වශී ගුරුකම් ගැන ඇත්ත දැනගන්න.


වශී ගුරුකම් ගැන දැන්වීම් අද බහුලව දකින්නට ලැබේ. වරු තුනෙන් දින තුනෙන් ඕනෑම කෙනෙකු වශීකර දෙන්නට හැකි ශූරයින්ද මේ අතර සිටින බව පෙනේ. ඔය කියන ආකාරයට වශී ගුරුකම් කළ හැකිනම් හින්දි නළු නිළියන්, විදේශ ජනාධිපතිවරුන් මෙලහකටත් අපේ කෙල්ලන්ගේ කොල්ලන්ගේ ගෙවල් වල සිටිය යුතුය. ඔය කියන ආකාරයට වශි ගුරුකම් කළ නොහැක.

වශී ගුරුකම් යනු සංකීර්ණ ගුප්ත විද්‍යාත්මක කාර්්‍යයකි. අංග අටකින් යුතු මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ පළමු අංගය ''වශී කර්මය'' යි. වශී කර්මය යනු කෙනෙකුගේ සිත ගැනීමයි. මෙය ඉනා ගුරුකම් යනුවෙන්ද හැඳින්වේ. මන්ත‍්‍ර ශාස්ත‍්‍රයට අනුව වශී ගුරුකම් සිදුකිරීමේදී ඊට නියමිත නැකතක් සහිත දිනයක් තෝරාගත යුතුය. වශී ගුරුකම් සඳිහා යොදා ගත යුත්තේ පුර පක්‍ෂයේ දිනයන්ය. පුර පක්‍ෂය යනු අමාවක ගෙවුණු තැන පටන් පසලොස්වක තෙක් කාලයයි. එනම් සඳ නැගෙන කාලයයි. පසලොස්වක ගෙවුණු තැන පටන් සඳ බැසගෙන යන කාලය අව පක්‍ෂයයි. එම කාලය තුල වශී ගුරුකම් නොකළ යුතුය. වශී ගුරුකම් සඳහා යොදා ගන්නා දිනය සුබ තිථියක් සහිත දිනයක් විය යුතුය. ගුරුකම් ආරම්භ කළ යුත්තේ සුබ නැකතකටය. මෙම සුබ මොහොත වශී කරගතයුතු කෙනාගේ දුර්වල අවස්ථාවක් විය යුතුය. එමෙන්ම, වශී ගුරුකම් කරගනු ලබන්නාගේ ජයග‍්‍රාහී මොහොතක් විය යුතුය. ගුරුකම් කිරීමේදී උපන් වේලාවන් අවශ්‍ය වන්නේ මේ නිසාය.

තමන්ට අවශ්‍ය ඕනෑම කෙනෙකු වශී කරගැනීමට නොහැක. අදාල පුද්ගලයාගේ ග‍්‍රහ බලය ශක්තිමත්නම් වශී ගුරුකම් සාර්ථක නොවේ. එමෙන්ම අදාල පුද්ගලයා කුමන ආකාරයෙන් හෝ තමන්ට හිමිකමක් ඇති අයෙක්දැයි සොයා දැනගත යුතුය. උපන් වේලාවන් නොමැතිනම් තත්කාලශාස්ත‍්‍රය, අදුන, හස්ත රේඛා ආදී ක‍්‍රමයකින් හෝ මෙම තොරතුර පළමුව සොයා දැනගත යුතුය. ආවාට ගියාට වශී ගුරුකමක් සිදුකිරීමෙන් සාර්ථක ප‍්‍රතිඵලයක් අත් නොවේ.

ගුරුකමක් යනු ගුප්ත කටයුත්තකි. රහස්‍ය කාර්්‍යයකි. ගුරුකම් පිළිඳව දැනගත යුත්තේ මන්ත‍්‍රාචාර්යවරයා හා ගුරුකම් කරගනු ලබන්නා පමණි.

වශී ගුරුකම් සිදුකරන මන්ත‍්‍රාචාර්යවරයෙක් ඊට නියමිත ''මන්ත‍්‍ර සිද්ධිය'' ලබා සිටිය යුතුය. මන්ත‍්‍ර සිද්ධියක් ලබාගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. නිසි කැපවීමකින් තොරව මන්ත‍්‍ර සිද්ධිය ලබාගත නොහැක. පොතක පතක තිබූ මන්ත‍්‍රයක් කටපාඩම් කරගත් පමණින් ගුරුකමක් කළ නොහැක.

අද වශී ගුරුකම් කරනවායැයි පවසමින් බොහෝ දෙනා කරන්නේ ජනතාව මුලා කිරීමකි. මේ අතරින් බොහෝ දෙනා මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ අංග අටවත් (අෂ්ට කර්මය) නොදන්නා අයයි. ඈත අතීතයේ විසූ සෘෂිවරු විසින් බිහිකරන ලද මන්ත‍්‍ර ශාස්ත‍්‍රය හෑල්ළුවට ලක්වන්නේ එවන් සොරුන් හේතුවෙනි.

නීච කුල වල උපන් අයට ගුරුකම් කිරීමට විශේෂ බලයක් හෝ විශේෂ දැනුමක් නොමැති බවද දැනගත යුතුය. සියළු නීච කුල මන්ත‍්‍රවල බලය ජලනන්දන පිරිත මගින් පහසුවෙන් බිඳහෙලිය හැකි බවද විශේෂයෙන් මතක් කළ යුතුය.

Wednesday, January 8, 2014

පුදුම හාස්කම් ඇති නියම ‘‘ජලනන්දන පිරිත’’





ජලනන්දන පිරිතට බොහෝ දෙනෙක් ප‍්‍රිය කරනවා. ඒ වගේම බොහෝ දෙනෙක් ජලනන්දන පිරිත නිතර භාවිතා කරනවා. පුදුම හාස්කම් සහිත මහා බලසම්පන්න පිරිතක් විදියට තමයි ජලනන්දන පිරිත සැළකෙන්නේ. කොඩිවිණ ආපිට පෙරලා කැපීම, අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම, නිවාස ව්‍යාපාරික ස්ථාන ආරක්ෂාකිරීම මෙන්ම තවත් බොහෝ ප‍්‍රයෝජන මෙයින් ලබාගන්න පුළුවන්. මන්ත‍්‍ර ගුරුකම් ගැන දැනුම ඇති නැති කාටත් ජලනන්දන පිරිතෙන් වැඩගන්න පුළුවන්.

අද පිරිත් පොත් වල තියෙන ගාථා 7න් යුතු ජලනන්දන පිරිත එතරම් බලසම්පන්න නෑ. ජලනන්දන පිරිත් කීපයක් තිබෙන බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක්. විවිධ කටයුතු සඳහා භාවිතා කළ හැකි ජලනන්දන පිරිත් දහයක් පමණ තිබෙනවා. ඔබට මේ ඉදිරිපත් කරන ජලනන්දන පිරිත මේ අතරින් බලවත්ම පිරිතයි. මෙයින් ප‍්‍රයෝජන රාශියක් ලබාගන්න පුළුවන්. මෙය කියවීමේදී අඩුම වශයෙන් 7 වරක්වත් කියවිය යුතු බව මතක තබාගත යුතුය.

01. චත්තාරෝ වීසති බුද්ධා - අනුභාවො මහබ්බලො
යක්ඛ දේව බ‍්‍රහ්මානං - වන්දිතෝ පූජිතෝ වරො

02. එතෙසං අනුභාවෙන - සබ්බ භූතානි මද්දිනො
චතු වීසති තේජේන - සබ්බ වින විනස්සතු

03. ගොතමො බුද්ධ තේජෙන - චණ්ඩාල වින විනස්සතු
සාරි පුත්තානු භාවෙන - සබ්බ වින විනස්සතු

04. මොග්ගල්ලානස්ස තෙජෙන - චණ්ඩාල සුනියං නහි
අසීතිං ථෙර තෙජෙන - වින සබ්බෙසු අග්ගිහි

05.ථෙරො අංගුලි මාලෙන - ජින්දිතො සබ්බ සුනියං
චතුරාසිති සහස්සෙන - ධම්මක්ඛන්ධෙසු අක්ඛරෙ

06. සබ්බානි අනුභාවානි - මම හත්ථෙ පතිට්ඨිතා
එතානි අනුභාවෙන - සබ්බානි වින විනස්තු

07.අසීති සත සහස්සෙන - ධම්මක්ඛන්ධෙන තෙජසා
සබ්බ චණ්ඩාල කම්මානි - වින දොසානි විනස්සතු

08.දෙව බ‍්‍රහ්මාච බුද්ධාච - ධම්මං සංඝංච තෙජසා
සබ්බානි අරි දෝසානි - වින දෝසානි විනස්සතු

09.ආනන්දොති මහා ථෙරං - ධම්ම භාණ්ඩක මුත්තමං
ආනන්දථෙර තේජෙන - නීච කුල බන්ධන ජේදනං

10.සම්බුද්ධස්ස තේජෙන - වින බන්ධන ඩයිහතු
තිණ්ණං රතනානු භවෙන - වින මන්ත‍්‍රානි විනස්සතු