විශ්වාසනීය සේවය.


අද ඇස්වත්ත නමින් හැඳින්වෙන්නේ අතීතයේ ටිකිරි කුමරුන් හෙවත් සීතාවක රාජසිංහ රජු ගේ අශ්වාරෝහක හමුදාව ස්ථාපනය කර තිබුණු ප්‍රදේශය යි. අස්වත්ත පසු කාලයේ ඇස්වත්ත බවට පත් විය.
  
පෘතුගීසින් ට එළව එළවා පහර දුන් විරෝධාර ටිකිරි කුමරු ජ්‍යොතිෂය, යන්ත්‍ර මන්ත්‍ර, දේව පූජා කෙරෙහි මහත් භක්තියකින් කටයුතු කළ නරපතියෙකි.රජු ඇතුළු මහාමාත්‍යාදීන්ට වෙදකම් කළ හෙළ වෙදදුරන් මෙන්ම ජ්‍යොතිෂ උපදෙස් ලබාදුන් දක්ෂ දෛවඥයින් ද එකළ මෙම ප්‍රදේශයේ විය.

සංජීව කුළුපන බණ්ඩාර මහතා ඒ පාරම්පරික ශාස්ත්‍රඥානය මැනවින් උරුමකර ගත් අති දක්ෂ දෛවඥයෙකි. අධ්‍යාත්මවේදියෙකි.මන්ත්‍රාචාර්ය වරයෙකි. විසි වසරක අත්දැකීම් සතුකර ගනිමින් ජනතාවට මහත් සෙතක් සලසන ජීවකයෙකි. සංජීව කුළුපන බණ්ඩාර මහතා බොහෝ පුවත්පත් තුළින් පැවසූ සියලු අනාවැකි සැබෑ විය. 

හිටපු ජනපතිනිය 1999 වසරේ දී කොළඹ නගරසභා භූමියේ දී මුහුණ දුන් බෝම්බ අනතුරට දින කිහිපයකට පෙර ඒ සම්බන්ධයෙන් පැවසූ අනාවැකියත් සමග සංජීව කුළුපන බණ්ඩාර මහතා කෙරෙහි ජනතා විශ්වාසය වර්ධනය විය. 2009 වසරේ දී කොටි නායක ප්‍රභාකරන් ගේ මරණය සම්බන්ධයෙන් පැවසූ ඓතිහාසික අනාවැකියත් සමග විශාල ජනතා අවධානයක් එතුමා වෙත යොමු විය.

සක්විති රණසිංහ ගේ වැඩි පොලියට රැවටී මුදල් තැන්පත් කළ දහස් ගණනක් දෙනෙක් අන්ත අසරණ තත්වයට පත් විය. ඔහු වංචා කළ මහජන මුදල් කෝටි 162 කට අධික බව කියැවිණි. 2008 වසරේ අග භාගයේදී ඔහු අතුරුදන් වූ අතර කුමක් සිදුවේ දැයි කිසිවෙකුටත් සිතා ගත නොහැකි විය. 2009. 06. 07 දින සංජීව කුළුපන බණ්ඩාර මහතා  සක්විතිගේ කේන්දරය ද ඉදිරිපත් කරමින් පැවසුවේ 2010. 10. 15 දිනට පෙර සක්විති කළ පව් පල දෙන බවය. අනාවැකිය කිරි ගහට ඇන්නා සේ ඉටු විය. 2010 අගෝස්තු මාසයේදී කිසිවෙක් නොසිතූ පරිදි සක්විති අත්අඩංගුවට පත් විය.

විශාල ලෙස මුදල් වැය කරමින් රුපවාහිනී නාලිකා උපයෝගී කරගනිමින් පුළුල් ප්‍රචාරයක් දියත් නොකරන සංජීව කුළුපන බණ්ඩාර මහතා, තම සේවා දායකයින් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන ජ්‍යොතිෂවේදියෙකි.
ඇතැමුන් විශාල ලෙස මුදල් වැය කරමින් රූපවාහිනිය, ගුවන්විදුලිය හා මුද්‍රිත මාධ්‍ය උපයෝගී කර ගනිමින් මහා පරිමාණයේ ව්‍යාපාරයක නිරත වන බව නොරහසකි.ජ්‍යොතිෂය කෙරෙහි ජනතා විශ්වාසය අඩු වීමට ද මෙම තත්වය හේතු වී ඇත.

 කේන්දරයක් පරීක්ෂා කරගැනීම යනු විනාඩි දෙක තුනක පලාපල විස්තරයක් අසා ගැනීම නොවන බව ජනතාව අවබෝධ කරගන්නේ සංජීව කුළුපන බණ්ඩාර මහතා හමු වූ පසුව ය.

ඔබට ලබා ගත හැකි සේවාවන් :

✶කේන්දර පරික්ෂාව ( විසි වසරක අත්දැකීම් හා පාරම්පරික දැනුම තුළින් සවිස්තරාත්මක පලාපල විස්තරයක් ලබාදෙන අතර ඔබට අවශ්‍ය ඕනෑම කාරණයක් අසා දැනගැනීමේ අවස්ථාව ඇත )
✶කේන්දර සෑදීම ( ලෝකයේ ඕනෑම රටක ඉපදුණු අයෙක් සඳහා නිවැරදිව, අංගසම්පුර්ණව කේන්දරය හෙවත් හඳහන සාදා ගත හැක )
සුබ නැකත් සෑදීම ( විවාහ නැකත්,නිවාස නැකත් ඇතුළු සියලු කටයුතු සඳහා බලගතු නැකත් ලබා දේ )
✶විවාහය සඳහා කේන්දර ගැළපීම පරීක්ෂා කිරීම ( දෙදෙනා අතර පවතින සසර සම්බන්ධතා, අනොන්‍ය ආකර්ෂණය, කායික හා මානසික ගැළපීම,පසු කාලීන වෙනස් වීම් ආදී වශයෙන් විවාහයට බලපාන සියලු කාරණා ගැඹුරින් පරීක්ෂා කෙරේ )
සෙත් කවි රචනා කිරීම ( ග්‍රහ අපල දුරු වීමට, ජයග්‍රහණය ලැබීමට,අසනීප සුව වීමට, විවාහ ගැටළු දුරු වීමට, දරු ඵල ලැබීමට ආදී නොයෙක් කටයුතු සඳහා බලවත් සෙත් කවි රචනා කෙරේ )
ග්‍රහ අපල සඳහා යන්ත්‍ර සැදීම ( සෙනසුරු, කුජ,රාහු,කේතු ආදී ග්‍රහයින්ගෙන් එල්ලවන අපල, අෂ්ටම,ලග්න,ජන්ම,සූර්ය ආදී ඒරාෂ්ඨක අපල ආදී සියලු ග්‍රහ අපල මර්දනය වීම සඳහා ශනි මුර්ත්‍යුංජය,කන්ධ කුමාර,නාගුර්ජුන,ආඝෝර,නීල මණ්ඩල,නාරසිංහ ආදී බලවත් යන්ත්‍ර ප්‍රතිපත්ති ගරුකව, සකස් කෙරේ) 
ගුරුකම් කටයුතු (හෙළ මන්ත්‍ර ශාස්ත්‍රයත් මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයත් උපයෝගී කර ගනිමින් සියලු ආකාරයේ ගුරුකම් කටයුතු කරනු ලැබේ. ගුරුකම් කරන්නේ සාධාරණ කටයුතු සඳහා පමණි )
නිවාස දෝෂ පරීක්ෂාව ( දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට පැමිණ වාස්තු දෝෂ පරීක්ෂාව සිදු කෙරේ)
අමනුෂ්‍ය දෝෂ, කොඩිවින ඉවත් කිරීම ( නිවාස,ඉඩම් ආශ්‍රිතව පවතින භූත දෝෂ,සතුරන් විසින් කරන ලද කොඩිවින,හූනියම් ආදිය කපා ඉවත් කර, අවහිර වී ඇති දියුණුව, සාර්ථකත්වය නැවත උදා කරනු ඇත)

හමුවීම :

නො: 634, මිරිස්වත්ත පාර, ඇස්වත්ත, පුවක්පිටිය ලිපිනයේ පිහිටි "සාරථි" ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යායතනයේ දී හමුවිය හැකියි. පැමිණීමට පෙර දුරකථනයෙන් අමතා දිනයක් වෙන්කර ගත යුතුයි.


දුර බැහැර හා විදෙස් ගතව සිටින සේවාදායකයින් ට Skype, Viber, Imo, Whatsapp, email හරහා හඳහන් පරීක්ෂා කර ගැනීමේ පහසුකම් ඇත.


සිංහල අවුරුදු රාජ්‍ය නැකත් කමිටුවේ සාමාජික,
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය, දිවයිනටම සාම විනිසුරු,
දේශමාන්‍ය, ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර.

දුරකථන : 077 7065760, 071 8875816

email : kulupanabandara@gmail.com