Saturday, December 21, 2013

අපගේ සේවාවන්





  • ● ඕනෑම රටක උපන් අයෙකුගේ ජන්ම පත‍්‍රය (කේන්දරය) සෑදීම.

  • ● ජන්ම පත‍්‍රය (කේන්දරය) පරීක්‍ෂාකර පලාපල ලබාදීම.
  • (අධ්‍යාපනය, විවාහය, රැුකියාව, සෞඛ්‍ය ආදී සියළු අංග සම්බන්ධයෙන් සවිස්තරාත්මක කරුණු, නිවැරදි අනාවැකි ඉදිරිපත් කෙරේ)

  • ● විවාහ මංගල නැකත්, නිවාස නැකත් ඇතුළු සියළු ආකාරයේ නැකත් (සුබ මුහුර්ථ)සෑදීම.

  • ● මල්වර නැකත් සෑදීම හා මල්වර පලාපල කථනය.

  • ● අළුත උපන් දරුවන් සඳහා නාමාක්‍ෂර (නමට අකුරු)ලබාදීම හා නම් තැබීම.

  • ● විවාහය සඳහා කේන්දර පරීක්‍ෂා කිරීම (ගැළපීම බැලීම)
  • මෙහිදී පොරොන්දම් ගැළපීම පමණක් සිදු නොකරන අතර ගති ලක්‍ෂණ, අදහස්, සිතුම් පැතුම් ආදියේ ගැළපීම මෙන්ම සසර සම්බන්ධයද පරීක්‍ෂා කෙරේ.

  • ● සෙත්කවි සෑදීම
  • ග‍්‍රහ අපල දුරුවීමට, කරදර කම්කටොළු, රැකියා ප‍්‍රශ්ණ විවාහ පමාවීම් ආදී ගැටළු සඳහා ඉක්මන් ප‍්‍රතිපල ලැබෙන ආකාරයට අක්ෂර, ගණ පිහිටුවා සෙත්කවි රචනා කෙරේ.

  • යන්ත‍්‍ර මන්ත‍්‍ර, ගුරුකම් කටයුතු


  • ● ග‍්‍රහ අපල දුරුවීම සඳහා යන්ත‍්‍ර සකස්කර පැළඳවීම.
  • (සෙනසුරු අපලයට ශනි මෘත්‍යුංජය, රාහු අපලයට නාගර්ජුනය, කේතු අපලයට ආඝෝරය, කුජ අපලයට ස්කන්ධකුමාර ආදී වශයෙන් සියළු අපල සඳහා බල ගතු යන්ත‍්‍ර වැඩි වරක් ජීවම්කර පැළඳවීම සිදුකෙරේ).

  • ● යක්ෂ, භූත, පේ‍්‍රත දෝෂ දුරුකිරීම
  • (සියළු ආකාරයේ අමනුෂ්‍ය බලපෑම් නැවත බලනොපාන ආකාරයට ඉවත් කෙරේ. භූතයින් බෝතල් තුල සිර කිරීම සිදු නොකෙරේ).

  • ● නිවාස දෝෂ පරීක්ෂාකිරීම, දෝෂ ඉවත් කිරීම හා නිවාස ආරක්ෂා කිරීම
  • (නිවාස හා ඉඩම්වල දෝෂ පවතිනවාදැයි පරීක්ෂාකර බලා දෝෂ ඇත්නම් ඉවත්කර නිවාස ආරක්ෂාකර දීම සිදුකෙරේ. නිවාස හා ඉඩම් ආශ‍්‍රිතව පවතින කුමන තරමේ දෝෂයක්, කොඩිවිණයක් වුවද ඉවත් කෙරෙන අතර බලගතු දෝෂ ඉවත් කිරීම සඳහා ''ගෙරි ඔළුව'' කැපීමද සිදු කෙරේ).

  • ● විවාහ ප‍්‍රමාදය ට හා අඹු සැමි අසමගිකම් සඳහා පිළියම් යෙදීම
  • (විවාහය ප‍්‍රමාදවීම, අඹු සැමි අසමගිකම්, අනියම් සම්බන්ධතා ආදී සියළු ආකාරයේ ගැටළු සඳහා ප‍්‍රතිකර්ම යොදනු ලැබේ. කලවා බන්ධන ආදී කොඩිවිණද කපා ඉවත් කෙරේ).

  • ● දරු සම්පත් ප‍්‍රමාදවීම වැළැක්වීම සඳහා ප‍්‍රතිකර්ම යෙදීම
  • (අඹු සැමි දෙදෙනාගේ කේන්දර සියුම්ව පරීක්ෂාකර බලා දරු උපත් ප‍්‍රමාදවන නිශ්චිත හේතු සොයා බලා ප‍්‍රතිකර්ම යොදනු ලැබේ).

  • ● අධ්‍යාපන කටයුතු වලට එල්ලවන බාධක දුරුකිරීම
  • (අධ්‍යාපන කටයුතු කෙරෙහි ඇල්ම, උනන්දුව අඩුවීම, අධ්‍යාපන කටයුතු වලට බාධක අවහිර එල්ලවීම, ධාරණ ශක්තිය අඩුවීම ආදී ගැටළු වලට පිළියම් යොදනු ලැබේ).

  • ● මත් පැන්, මත්ද්‍රව්‍ය එපා කරවීම හා සමලිංගික ඇබ්බැහිවීම වැළැක්වීම
  • (මත් පැන්, මත් ද්‍රව්‍ය, සමලිංගික ක‍්‍රියා ආදිය එපා කරවීම සඳහා ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රතිකර්ම සිදු කෙරේ. ඖෂධ හෝ අහිතකර කිසිවක් භාවිතා නොකෙරේ).

  • සියළු ගුරුකම් කටයුතු රහස්‍යභාවය හා පෞද්ගලිකත්වය සුරැකෙන අයුරින් සිදුකරන බව සළකන්න අසාධාරණ අයුක්ති සහගත කටයුතු සිදුනොකරන බවද සලකන්න.

ලග්නය යනු කුමක්ද ?

ලග්නය යනු ලැගුම් ගැනීමයි. ලැගුම් ගන්නේ පෙර භවයන් හි කරන ලද කුසල් අකුසල් බලය අනුව කර්මානුරූපව තමන්ට හිමි යොනියකය. මෙය මනුෂ්‍ය, දිව්‍ය, පේ‍්‍රත, තිරිසන් යෝනියක් විය හැකිය. මෙම ලැගුම් ගැනීමේ බලය ලග්නය යනුවෙන් හැඳින්වේ. එතුලින් කෙනෙකුගේ අතීත, වර්තමාන, අනාගත භවයන් විකාශනය වී ඇති ආකාරය ජ්‍යොතිෂ විද්‍යාව නිවැරදිව ප‍්‍රගුනකළ අයෙකුට තේරුම් ගත හැකිය

ලග්නයක් හිමිවන්නේ ඇයි ?

ලග්නයක් හිමිවන්නේ නොදැනීම හෙතුවෙනි. එසේත් නැතිනම් අවිද්‍යාව හේතුවෙනි. අවිද්‍යාව හෙවත් නොදැනීම නම් දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැතිකිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය නොමැතිවීමයි. මෙය නිවැරදිව තේරුම්ගත් සත්වයෙකු නැවත උපදින්නේ නැත. එවිට ලග්නය තුලින් ප‍්‍රකාශවන අවිද්‍යාව හටගන්නේද නැත. මෙය බුදු දහමේ සඳහන් වන්නේ ''නිර්වාණය'' ලෙසයි..

පටිච්ච සමුප්පද විවරණයට අනුව ලග්නය ''අවිද්‍යාව'' ලෙස සඳහන් කළ හැකි සේම කර්ම විග‍්‍රහයට අනුව '' ජනක කර්මය'' යනුවෙන්ද විග‍්‍රහකළ හැකිය. ජනක යන්නෙහි අර්ථය යම් දෙයක ඉපැදීමයි. පෙර භවයන්හිදී ජන්මියා විසින් කරන ලද කුසල් අකුසල් නැවත පලදීමට අවස්ථාව උපතත් සමග නැවත ඇතිවී තිබෙන බව මෙයි අදහස් වේ.

උපත ලද මොහොතේ අදාල ස්ථානයට ග‍්‍රහ තාරකාවන්ගෙන් එල්ලවන්නා වූ බලපෑම් පරීක්‍ෂාකිරීමෙන්, එම මොහොතේ උපත ලද ජන්මියාගේ අතීත, වර්තමාන, අනාගත භාවයන් ගෙවී ගිය හා ගෙවී යන ආකාරය නිවැරදිව තේරුම් ගත හැකිය.

නිවැරදි උපන් වේලාව කුමක්ද ?


නිවැරදි උපන් වේලාව කුමන මොහොතේදැයි ඇතැම් දෙනා නොදනිති. ඇතැමෙක් පවසන්නේ දරුවා මව් කුසින් පිටතට පැමිණි මොහොත නිවැරදි උපන් වේලාව බවයි.තවත් අය පවසන්නේ පෙකනි වැල කැපූ මොහොත නිවැරදි උපන් වේලාව ලෙස ගත යුතු බවයි. දරුවා මුලින්ම හඩන මොහොත උපන් වේලාව ලෙස ගතයුතු බවද සමහරු පවසති. නිවැරදි උපන් වේලාව කුමක් දැයි නිවැරදිව අවබෝධ කරගැනීම සෑම දෙනාටම වැදගත්ය.

දරුවෙක් මව් කුසින් ඉවතට පැමිණි විගස ලබාගන්නා පළමු ආශ්වාසය මගින් ක‍්‍රියාත්මක වන විශ්ව සබඳතා ක‍්‍රියාවලිය නියම උපන් වේලාවයි. මෙය තේරුම්ගත හැක්කේ දරුවා හැඞීමෙනි. මව්කුස තුලදී දරුවාගේ රුධිර සංසරණය සිදුවන්නේ නාභිය හරහා පමණි. ආශ්වාස ප‍්‍රාශ්වාස කිරීමක් සිදුනොවේ. පෙනහළු අක‍්‍රියව හැකිලී පවතියි. මව් කුසින් පිටතට පැමිණි විගස දැඩි වායු පීඩනයකට දරුවා භාජනය වේ. නාසයෙන් ඇතුළුවන වායුව පෙනහළු කරා ගොස් හැකිලි තිබූ පෙනහළු ක්‍ෂනයකින් දිග හරිනු ලබයි. මෙහිදී දැනෙන අධික වේදනාව නිසා දරුවා හඩයි. මේ අනුව නිවැරදි උපන් වේලාවා දරුවා හඩන වේලාවයි.

උපත සිදුවූ ප‍්‍රදේශය මුල්කරගෙන නැගෙනහිර ක්‍ෂිතිජයේ පිහිටි රාශිය තුලින් දරුවාගේ කර්ම ශක්තිය වර්තමාන භවය සමඟ සම්බන්ධව පවතින ආකාරය තේරුම් ගැනීමට හැකිවේ. දරුවෙක් මෙලොව බිහිවන්නේ තමන් පෙර භවයන්හි කරන ලද කුසල් අකුසල් පලදෙන ආකාරයේ ග‍්‍රහ රටාවක් අහස්කුස තුල සටහන්ව පවතින මොහොතකය.

2013 Obata Kohomada ? Makara, Kumbha Lagna - By Astrologer Sanjeewa Kulu...

2013 Obata Kohomada ? Kanya, Thula Lagna - By Astrologer Sanjeewa Kulup...

2013 Obata Kohomada ? Kataka, Sinha Lagna - By Astrologer Sanjeewa Kulup...

2013 Obata Kohomada ? Wurshaba, Mithuna Lagna - By Astrologer Sanjeewa K...

2013 Obata Kohomada ? Mesha Lagnaya - By Astrologer Sanjeewa Kulupana Ba...

senasuru maruwa ratata lokayata.

senasuru maruwa obe lagnayata - part 4 -by Astrologer Sanjeewa Kulupana ...

senasuru maruwa obe lagnayata - part 3 - by Astrologer Sanjeewa Kulupana...

senasuru maruwa obe lagnayata - part 2 - by Astrologer Sanjeewa Kulupana...

senasuru maruwa obe lagnayata - part 1- by Astrologer Sanjeewa Kulupana ...