දේශසීමා ඉක්මවා යන ආත්මීය බැඳීම් සහ අධ්‍යාත්මික සුවපත් කිරීම්.
අප ජීවත්වන භෞතික ලෝකයට එහා ගිය, මනස සහ ශක්තිය මුල් කරගත් ගැඹුරු අධ්‍යාත්මික සත්‍යයක් පවතී. මේ මෑතකදී මා මුහුණ දුන් එක් සුවිශේෂී අත්දැකීමකි.
දැනට විදේශගතව සිටින තරුණියක් තම මියගිය මිත්තනිය කතාබහ කළ සහ හැසිරුණු ආකාරයට කතාබහ කරමින් හැසිරෙන බව ඇයගේ සමීප ඥාතිවරියක් මා සමග පැවසුවාය. ඇය ඉල්ලා සිටියේ එම දියණිය වෙනුවෙන් කළ හැකි යමක් සිදුකර ඇය සුවපත් කර දෙන ලෙසයි.
මෙම තත්වය සමනය කරලීම සඳහා මම පසුගිය දිනෙක ඇය ලංකාවේ වාසය කළ නිවෙස වෙත ගොස් විශේෂ ශාන්තිකර්මයක් සිදු කළෙමි. විශ්වයේ සමස්ත බුද්ධ ශක්තියේ ආශිර්වාදය පෙරදැරිව, මාගේ අධ්‍යාත්මික අවදානය ඔස්සේ එම මියගිය ආත්මය තරුණියගෙන් ඉවත් කිරීමටත්, එම ආත්මයට පරලොව සුගතිය උදෙසා පින් අනුමෝදන් කර කුසලයට යොමු කිරීමටත් මා හට හැකි විය.
මියගිය ඥාතීන් කෙරෙහි ඇති අධික ඇලීම හෝ බැඳීම ඇතැම් විට ජීවත්ව සිටින අයට මෙන්ම එම මියගිය අයටද පීඩාවක් විය හැකිය. නිවැරදි අධ්‍යාත්මික මග පෙන්වීමකින් සහ උතුම් ධර්ම ශක්තියකින් එවැනි බැඳීම් මුදාහැර දෙපාර්ශවයටම සැනසීම උදා කළ හැකිය.
ඔබ මෙම ඡායාරූපයෙන් දකින්නේ ශාන්තිකර්මය අතරතුර විදේශගත තරුණිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගත් අවස්ථාවකි.
අධ්‍යාත්මික ජ්‍යොතිෂවේදී
සංජීව කුළුපන බණ්ඩාර
