Tuesday, December 4, 2018

රවි ධනුවට.




ග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහයා වන රවි 2018 දෙසැම්බර් මස 16 වැනි ඉරිදා පෙ.ව 09.10 ට ගුරුට අයත් ධනු රාශියට ගමන් කරනවා. රවි 2019 ජනවාරි 14 වැනිදා තෙක් සෙනසුරු සමග ධනු රාශියේ රැඳී සිටිනවා. ධනු රාශිය තේජෝ හෙවත් උෂ්ණ රාශියක් වන අතර එහි අධිපති ගුරු ජල රාශියක් වූ වෘශ්චික රාශියේ ගමන් කරනවා. වෘශ්චික රාශියට අධිපති කුජ පොදු ජනකාරක සෙනසුරුට අයත් කුම්භ රාශියේ ගමන් කරනවා. කුම්භ රාශිය රටේ කේන්දරයේ ලග්නස්ථානය යි.
මේ අනුව දැනට රටට එල්ල වෙමින් පවතින ග්‍රහ බලපෑම් සුබදායක නොවන බව පෙනෙන්නට තිබෙනවා. දේශපාලන ක්ෂේත්‍රය තුළ පවතින අර්බුධ වඩාත් උග්‍ර තත්වයට පත් වෙනවා. දේශපාලනය හා නීතිය අතරද ගැටුම් ඇතිවිය හැකි තත්වයක් පවතිනවා. රජයට මෙන්ම විපක්ෂයටද දැඩි අභියෝග එල්ල වෙනවා. පාර්ලිමේන්තුව තුළ තව දුරටත් අර්බුධ, පෙරළි ඇතිවෙනවා.
පවතින ග්‍රහ තත්වය අනුව ලේ වැගිරීම්වලට ඉඩ තිබෙන බැවින් වගකිවයුතු සියලු දෙනා ඉවසිලිමත්ව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා.
2019 ජනවාරි මස 14 වැනිදා රවි මකර රාශියට ගමන් කිරීමද සුබදායක නෑ. අර්බුධ හා ගැටළු තව දුරටත් ඇදී යන ග්‍රහ තත්වයක් පවතිනවා. 
ඉදිරි කාලයේදී තාවකාලික සංහිඳියාවක් ඇතිවීමට ඉඩ කඩ පැවතුණද, සෙනසුරු ධනු රාශියේ කල් ගෙවන කාලය තුළ, එනම් 2020 ජනවාරි 25 තෙක් කාලය 
තුළ රට තුළ නිරවුල්,යහපත් වාතාවරණයක් අපේක්ෂා කිරීමට අපහසු වෙනවා. මෙම කාලය තුළ දැඩි අර්බුධ මතුවන අතර ජන ජීවිතයටද වරින් වර බලපෑම් එල්ල වෙනවා. ජන නායකයින්ට මාරක අපල එල්ල වෙනවා.

     ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 

        සංජීව කුළුපන බණ්ඩාර.