Showing posts sorted by relevance for query ජලනන්දන පිරිත. Sort by date Show all posts
Showing posts sorted by relevance for query ජලනන්දන පිරිත. Sort by date Show all posts

Saturday, February 23, 2019

ජලනන්දන පිරිත.


'පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං'   
හාත්පසින් ආරක්ෂාව සලසන බැවින් 'පරිත්ත' නම් වේ.  පිරිත ගැන කියැවෙන්නෙ ඔන්න ඔහොමයි. නිවැරදි ඝණ සංකලනයකින් යුතු ශබ්ද විද්‍යාත්මක පද වැලක් තමයි පිරිත කියන්නෙ. කොහොම වුණත්, මේ හදන්නෙ සියලු පිරිත් දේශනාවන් ගැන කතා කරන්න නෙමෙයි. බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වෙන, බොහෝ දෙනා භාවිතා කරන ජලනන්දන පිරිත ගැන කතා කරන්නයි.  බුදුන් වහන්සේ දේශනා කළා යැයි කියන්නට පැහැදිලි සාක්ෂි හමු නොවුණත් මේ පිරිත බොහොම බලසම්පන්නයි කියන්න ඕනැ තරම් සාක්ෂි තියෙනවා.

  ජලනන්දන පිරිත ගැන නොයෙක් විදියේ ප්‍රශ්න නඟන අයත් එමටයි. ජලනන්දන පිරිත ගේ ඇතුලෙ කියන්න හොඳ නැද්ද...ජලනන්දන පිරිතෙන් සියලු යන්ත්‍ර මන්ත්‍රවල බලය බිඳෙනවද...ජලනන්දන පිරිත නිතර භාවිතා කිරීමෙන් විවාහය ප්‍රමාද වෙනවද...
ඔන්න ඔය විදියේ ගැටළු නිතර දෙවේලේ ඉදිරිපත් වෙනවා. ජලනන්දන පිරිත දෙපැත්ත කැපෙන අවියක් තරමට භයානකයි කියලත් ඇතැමුන් ප්‍රකාශ කරනවා.

සතර පොත්ගුල් අලගුව සහිත ජලනන්දන පිරිත, දැහැන සහිත ජලනන්දන පිරිත, ජලනන්දන මන්ත්‍ර ආදී වශයෙන් ජලනන්දන පිරිත් දහයක් පමණ තියෙනවා. ගාථා හතකින් සමන්විත ජලනන්දන පිරිතක් වර්තමානයේ පිරිත් පොත්වල තියෙනවා. මෙම පිරිත් එකකට එකක් වෙනස්.

ජලනන්දන පිරිත වැඩි වශයෙන් භාවිතා කරන්නේ මන්ත්‍ර ශාස්ත්‍රීය කටයුතුවල නියැලෙන අයයි. කොඩිවිණ ආපිට පෙරලා කැපීම, අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම, නිවාස ව්‍යාපාරික ස්ථාන ආරක්ෂාකිරීම මෙන්ම තවත් බොහෝ කටයුතු සඳහා ඔවුන් ජලනන්දන පිරිත භාවිතා කරනවා. ජලනන්දන පිරිත්වලින් ගත හැකි වැඩ දහස් ගණනක් බව පැරණි පොත් පත්වල සඳහන් වෙනවා.

කොහොම වුණත්, වර්තමානයේ පිරිත් පොත්වල සඳහන් වන ගාථා හතකින්  යුතු ජලනන්දන  පිරිත එතරම් බලසම්පන්න පිරිතක් නෙමෙයි. ආරක්ෂාවක් හැරුණු කොට වෙනත් සැළකිය යුතු තරමේ වැඩ කොටසක් ඉටු කරගැනීමට ප්‍රමාණවත් නෑ.

ගාථා හතකින් යුතු ජලනන්දන පිරිතේ ගාථා දෙකක සඳහන් වෙනවා 'සර්ව බන්ධන ඡේදනං' කියලා. තවත් තැනක 'සයනේ බන්ධන විද්වන්සනං' කියල සඳහන් වෙනවා. සර්ව බන්ධන කියන්නෙ සියලු බැඳීම් කියන එකයි. සියලු බැඳීම් කිව්වම අඹු සැමි බැඳීම්, මාපිය දූදරු බැඳීම්, ඥාති බැඳීම් සියල්ල අයත් වෙනවා. මේ අනුව, සියලු ආකාරයේ බැඳීම් තමයි දුරුවෙන්න කියන්නේ. ඒක ලෞකික ජීවිතයක් ගත කරන අයට ගැටළුවක් වෙනවා. මේ ගාථා හතකින් යුතු ජලනන්දන පිරිත නිතර භාවිතා කළ බොහෝ දෙනෙකුට විවාහ ගැටළු, දූදරු ප්‍රශ්න පමණක් නෙමෙයි ආර්ථික ගැටළු පවා මතුවෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම අවුරුදු දහයකට වැඩි කාලයක් තිස්සෙ හොයල බැලුවා. සියලු බැඳීම්වලින් ඈත් වෙලා ඉන්න අය තමන්ගෙ ආරක්ෂාවට මේ පිරිත භාවිතා කළාට ගැටළුවක් නෑ. 'යන්ත්‍ර මන්ත්‍ර හරංකත්වා විනාසං බුද්ධානුභාවතො' කියලත් මේ පිරිත තුළ සඳහන් වෙනවා. හොඳ නරක සියලු යන්ත්‍ර මන්ත්‍ර බලය බිඳ වැටෙනවා.

මේ සමග මම ඉදිරිපත් කර තිබෙන ගාථා දහයකින් යුතු ජලනන්දන පිරිත තුළ 'සර්ව බන්ධන ඡේදනං' 'සයනේ බන්ධන විද්වන්සනං' 'යන්ත්‍ර මන්ත්‍ර හරංකත්වා' යනාදී යෙදුම් නෑ. 'සබ්බ වින විනස්සතු' 'වින දෝෂානි විනස්සතු' ' නීච කුල බන්ධන ඡේදනං' 'වින මන්ත්‍රානි විනස්සතු' ආදී වශයෙන් තමයි සඳහන් වෙන්නෙ. ඒ අනුව මේ පිරිතෙන් තමන්ට අහිතකර වින සහ දෝෂ දුරුවෙනවා. ඒ හැර අපලෙට පැළඳගෙන ඉන්න යන්ත්‍රයේ බලය හෝ වෙනත් බැඳීම් දුරු වෙන්නෙ නෑ. මේ පිරිත නිවස තුළ නිතර භාවිතා කිරීම ඉතාමත්ම ගුණදායකයි.

ගාථා දහයකින් යුතු මේ ජලනන්දන පිරිතෙන් ඕනෑම කොඩිවිනයක්, නීච බන්ධනයක් විනාශ කරන්න පුළුවන්. ඇස්වහ, කටවහ, ප්‍රේත දෝෂ, ඉනා බන්ධන ආදී සියලු අහිතකර බලපෑම් මෙයින් දුරු කරගන්න පුළුවන්. 2014 ජනවාරි මාසයේදි පළමු වරට මෙම පිරිත අන්තර්ජාලය තුළ පළ කළ දා පටන් මෙයින් වැඩ ගන්නා බොහෝ දෙනා තම අත්දැකීම් නිතර මා සමග පවසනවා.

ජලනන්දන පිරිත දෙපැත්ත කැපෙන අවියක් වෙන්නෙ හැමෝටම නෙමෙයි. නිසි ප්‍රතිපත්තියක් නැති, පාපකාරී අයට මේක දෙපැත්ත කැපෙන අවියක් බවට පත්වෙන්න පුළුවන්. බුදුන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාගේ නාමයන් ඇතුළත් කර ඇති බලසම්පන්න පිරිතකින් හැමෝටම වැඩ ගන්න අමාරුයි. පස් පවින් වැළකිලා, සියලු සත්වයින්ට මෙත් සිත පතුරවාගෙන භාවිතා කළොත් තමන්ට කිසිම හානියක් වෙන්නෙ නෑ.

මේ සමග ඉදිරිපත් කර ඇති ජලනන්දන යන්ත්‍රය අඟල් 2 -10 හෝ 2-6 තඹ පත්‍රයක ඉරි නොකැපෙන සේ ඇඳ, පුර පක්ෂයේ තමන්ගේ ජන්ම නැකතට සීහෙන සුබ නැකතක් යෙදුණු දවසක, රාහු කාලය මඟහැර, සුබ හෝරාවක, මරුට පිටුපා හිඳ දහස් වාරයක් ජීවම් කරගෙන පැළඳීමෙන් ඉමහත් ආරක්ෂාවක් සලසා ගත හැකියි. මෙම යන්ත්‍රය ඇඳීමේදී සෑම රේඛාවක්ම ද්විත්ව විය යුතු බව මතක තබා ගත යුතුයි.

සුදු හඳුන් තෙල් හෝ රන් තැඹිලි තෙල් ස්වල්පයක් පීරිසියකට හෝ එවැනි කට පළල් භාජනයකට දමා, පෙර සඳහන් කළ පරිදි සුබ දිනෙක දහස් වර ජීවම් කරගෙන රන් සුරයක දමා පැළඳීම ද ගුණදායක වෙනවා. නඩු ජයග්‍රහණයට, සතුරු බලපෑම්,අමනුෂ්‍ය දෝෂ,කොඩිවින, ඇස්වහ කටවහ ආදියෙන් නිසි ආරක්ෂාව සැලසෙනවා.  තෙල් හෝ යන්ත්‍රය ජීවම් කිරීමේදී මල් ආසනයක් සකස් කර එහි ලදපස්මල් අතුරා ඊට උඩු වියන් බැඳගත යුතුයි.

නූල් බැඳීම, දෙහි කැපීම, නිවාස ආරක්ෂා කිරීම,කොඩිවින කැපීම, අමනුෂ්‍යයින් ඉවත් කිරීම ආදී ඔනෑම කාර්යයක් සඳහා මෙම පිරිත සුදුසුයි. මේ සම්බන්ධයෙන් වැඩි යමක් දැනගැනීමට ඇත්නම් පෞද්ගලිකව විමසන්න.

ඔබට තෙරුවන් සරණයි.

ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
  සංජීව කුළුපන බණ්ඩාර
       077 7065760
       071 8875816






Wednesday, January 8, 2014

පුදුම හාස්කම් ඇති නියම ‘‘ජලනන්දන පිරිත’’





ජලනන්දන පිරිතට බොහෝ දෙනෙක් ප‍්‍රිය කරනවා. ඒ වගේම බොහෝ දෙනෙක් ජලනන්දන පිරිත නිතර භාවිතා කරනවා. පුදුම හාස්කම් සහිත මහා බලසම්පන්න පිරිතක් විදියට තමයි ජලනන්දන පිරිත සැළකෙන්නේ. කොඩිවිණ ආපිට පෙරලා කැපීම, අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම, නිවාස ව්‍යාපාරික ස්ථාන ආරක්ෂාකිරීම මෙන්ම තවත් බොහෝ ප‍්‍රයෝජන මෙයින් ලබාගන්න පුළුවන්. මන්ත‍්‍ර ගුරුකම් ගැන දැනුම ඇති නැති කාටත් ජලනන්දන පිරිතෙන් වැඩගන්න පුළුවන්.

අද පිරිත් පොත් වල තියෙන ගාථා 7න් යුතු ජලනන්දන පිරිත එතරම් බලසම්පන්න නෑ. ජලනන්දන පිරිත් කීපයක් තිබෙන බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක්. විවිධ කටයුතු සඳහා භාවිතා කළ හැකි ජලනන්දන පිරිත් දහයක් පමණ තිබෙනවා. ඔබට මේ ඉදිරිපත් කරන ජලනන්දන පිරිත මේ අතරින් බලවත්ම පිරිතයි. මෙයින් ප‍්‍රයෝජන රාශියක් ලබාගන්න පුළුවන්. මෙය කියවීමේදී අඩුම වශයෙන් 7 වරක්වත් කියවිය යුතු බව මතක තබාගත යුතුය.

01. චත්තාරෝ වීසති බුද්ධා - අනුභාවො මහබ්බලො
යක්ඛ දේව බ‍්‍රහ්මානං - වන්දිතෝ පූජිතෝ වරො

02. එතෙසං අනුභාවෙන - සබ්බ භූතානි මද්දිනො
චතු වීසති තේජේන - සබ්බ වින විනස්සතු

03. ගොතමො බුද්ධ තේජෙන - චණ්ඩාල වින විනස්සතු
සාරි පුත්තානු භාවෙන - සබ්බ වින විනස්සතු

04. මොග්ගල්ලානස්ස තෙජෙන - චණ්ඩාල සුනියං නහි
අසීතිං ථෙර තෙජෙන - වින සබ්බෙසු අග්ගිහි

05.ථෙරො අංගුලි මාලෙන - ජින්දිතො සබ්බ සුනියං
චතුරාසිති සහස්සෙන - ධම්මක්ඛන්ධෙසු අක්ඛරෙ

06. සබ්බානි අනුභාවානි - මම හත්ථෙ පතිට්ඨිතා
එතානි අනුභාවෙන - සබ්බානි වින විනස්තු

07.අසීති සත සහස්සෙන - ධම්මක්ඛන්ධෙන තෙජසා
සබ්බ චණ්ඩාල කම්මානි - වින දොසානි විනස්සතු

08.දෙව බ‍්‍රහ්මාච බුද්ධාච - ධම්මං සංඝංච තෙජසා
සබ්බානි අරි දෝසානි - වින දෝසානි විනස්සතු

09.ආනන්දොති මහා ථෙරං - ධම්ම භාණ්ඩක මුත්තමං
ආනන්දථෙර තේජෙන - නීච කුල බන්ධන ජේදනං

10.සම්බුද්ධස්ස තේජෙන - වින බන්ධන ඩයිහතු
තිණ්ණං රතනානු භවෙන - වින මන්ත‍්‍රානි විනස්සතු

Friday, January 17, 2014

වශී ගුරුකම් ගැන ඇත්ත දැනගන්න.


වශී ගුරුකම් ගැන දැන්වීම් අද බහුලව දකින්නට ලැබේ. වරු තුනෙන් දින තුනෙන් ඕනෑම කෙනෙකු වශීකර දෙන්නට හැකි ශූරයින්ද මේ අතර සිටින බව පෙනේ. ඔය කියන ආකාරයට වශී ගුරුකම් කළ හැකිනම් හින්දි නළු නිළියන්, විදේශ ජනාධිපතිවරුන් මෙලහකටත් අපේ කෙල්ලන්ගේ කොල්ලන්ගේ ගෙවල් වල සිටිය යුතුය. ඔය කියන ආකාරයට වශි ගුරුකම් කළ නොහැක.

වශී ගුරුකම් යනු සංකීර්ණ ගුප්ත විද්‍යාත්මක කාර්්‍යයකි. අංග අටකින් යුතු මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ පළමු අංගය ''වශී කර්මය'' යි. වශී කර්මය යනු කෙනෙකුගේ සිත ගැනීමයි. මෙය ඉනා ගුරුකම් යනුවෙන්ද හැඳින්වේ. මන්ත‍්‍ර ශාස්ත‍්‍රයට අනුව වශී ගුරුකම් සිදුකිරීමේදී ඊට නියමිත නැකතක් සහිත දිනයක් තෝරාගත යුතුය. වශී ගුරුකම් සඳිහා යොදා ගත යුත්තේ පුර පක්‍ෂයේ දිනයන්ය. පුර පක්‍ෂය යනු අමාවක ගෙවුණු තැන පටන් පසලොස්වක තෙක් කාලයයි. එනම් සඳ නැගෙන කාලයයි. පසලොස්වක ගෙවුණු තැන පටන් සඳ බැසගෙන යන කාලය අව පක්‍ෂයයි. එම කාලය තුල වශී ගුරුකම් නොකළ යුතුය. වශී ගුරුකම් සඳහා යොදා ගන්නා දිනය සුබ තිථියක් සහිත දිනයක් විය යුතුය. ගුරුකම් ආරම්භ කළ යුත්තේ සුබ නැකතකටය. මෙම සුබ මොහොත වශී කරගතයුතු කෙනාගේ දුර්වල අවස්ථාවක් විය යුතුය. එමෙන්ම, වශී ගුරුකම් කරගනු ලබන්නාගේ ජයග‍්‍රාහී මොහොතක් විය යුතුය. ගුරුකම් කිරීමේදී උපන් වේලාවන් අවශ්‍ය වන්නේ මේ නිසාය.

තමන්ට අවශ්‍ය ඕනෑම කෙනෙකු වශී කරගැනීමට නොහැක. අදාල පුද්ගලයාගේ ග‍්‍රහ බලය ශක්තිමත්නම් වශී ගුරුකම් සාර්ථක නොවේ. එමෙන්ම අදාල පුද්ගලයා කුමන ආකාරයෙන් හෝ තමන්ට හිමිකමක් ඇති අයෙක්දැයි සොයා දැනගත යුතුය. උපන් වේලාවන් නොමැතිනම් තත්කාලශාස්ත‍්‍රය, අදුන, හස්ත රේඛා ආදී ක‍්‍රමයකින් හෝ මෙම තොරතුර පළමුව සොයා දැනගත යුතුය. ආවාට ගියාට වශී ගුරුකමක් සිදුකිරීමෙන් සාර්ථක ප‍්‍රතිඵලයක් අත් නොවේ.

ගුරුකමක් යනු ගුප්ත කටයුත්තකි. රහස්‍ය කාර්්‍යයකි. ගුරුකම් පිළිඳව දැනගත යුත්තේ මන්ත‍්‍රාචාර්යවරයා හා ගුරුකම් කරගනු ලබන්නා පමණි.

වශී ගුරුකම් සිදුකරන මන්ත‍්‍රාචාර්යවරයෙක් ඊට නියමිත ''මන්ත‍්‍ර සිද්ධිය'' ලබා සිටිය යුතුය. මන්ත‍්‍ර සිද්ධියක් ලබාගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. නිසි කැපවීමකින් තොරව මන්ත‍්‍ර සිද්ධිය ලබාගත නොහැක. පොතක පතක තිබූ මන්ත‍්‍රයක් කටපාඩම් කරගත් පමණින් ගුරුකමක් කළ නොහැක.

අද වශී ගුරුකම් කරනවායැයි පවසමින් බොහෝ දෙනා කරන්නේ ජනතාව මුලා කිරීමකි. මේ අතරින් බොහෝ දෙනා මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ අංග අටවත් (අෂ්ට කර්මය) නොදන්නා අයයි. ඈත අතීතයේ විසූ සෘෂිවරු විසින් බිහිකරන ලද මන්ත‍්‍ර ශාස්ත‍්‍රය හෑල්ළුවට ලක්වන්නේ එවන් සොරුන් හේතුවෙනි.

නීච කුල වල උපන් අයට ගුරුකම් කිරීමට විශේෂ බලයක් හෝ විශේෂ දැනුමක් නොමැති බවද දැනගත යුතුය. සියළු නීච කුල මන්ත‍්‍රවල බලය ජලනන්දන පිරිත මගින් පහසුවෙන් බිඳහෙලිය හැකි බවද විශේෂයෙන් මතක් කළ යුතුය.