ආදරය නැතුව ජීවත්වෙන්න අමාරුයි. හැමෝම ආදරය හොයනවා.ඇතැමුන් ආදරය හින්දා දුක් විඳිනවා...ජීවිතය විඳවනවා. ඇතැමුන් ආදරය හින්දා ජීවත්වෙනවා...ජීවිතය විඳිනවා.ආදරය අහිමිවෙයි කියා බයෙන් කල්ගෙවන අයත් ඉන්නවා. ආදරයෙදි ප්‍රශ්න මතුවෙන්න ප්‍රධාන හේතුවක් තමයි අනෙකාව නිවැරදිව තේරුම් නොගැනීම.ගොඩක් හොඳින් තේරුම් ගත්තම හිත පුරවලා ආදරය කරන්න පුළුවන් වගේම හිතේ හැටියට ආදරය ලබන්නත් පුළුවන්.ඔබේ පෙම්වතාගේ පෙම්වතියගේ ජීවිතය සම්බන්ධ ප්‍රධාන කරුණු 09 ක් පිළිබඳව මේ තුළින් ඔබට ඉදිරිපත් කරනවා.
ඒත්..තේරුම්ගන්න..ලග්නය තුළින් පමණක්ම කෙනෙකුගේ මුළු ජීවිතයම ටක්කෙටම විග්‍රහ කළ නොහැකි බව ... ඒ සඳහා සංසාර සටහන වූ ජන්ම පත්‍රය පරීක්ෂා කළ යුතුයි.
කෙසේ වෙතත් ලග්නය තුළින් ඉදිරිපත් කරන මේ කාරණා කීපය ඇත්තම ඇත්ත කියලා ඔබ පිළිගනියි... නිසැකවම...
සමහරවිට සසරේ බොහෝ අවස්ථාවල ඔහු හෝ ඇය ඔබේ සැමියා හෝ බිරිඳ වී සිටින්නට ඇති. නැතිනම් පෙම්වතා හෝ පෙම්වතිය වී සිටියත් එක්වන්නට නොහැකි වූවා විය හැකියි. ඔහු හෝ ඇය මේ භවය තුළ ඔබේ සැමියා හෝ බිරිඳ වීමට පතාගෙන පැමිණ සිටිනවා වන්නටද පුළුවන්... ඉතින්..මා කළින් කීවා මෙන්ම ලග්නයට සඳහන් කරන පොදු කරුණු කාරණා දෙස බලා ආදරණීය ඔහු හෝ ඇය පිළිබඳව බලවත් තීරණයකට එළඹෙන්න එපා.
මේෂ ලග්නය.
01. ඔහුගේ / ඇයගේ ආදරය...
ආදරය කිරීමේදී එයා ඔබට වඩා ඉදිරියෙන් ඉන්නවා...ඒත්, ඒ බව එච්චර පෙන්නන්නේ නෑ..ඔබ වෙනත් අය සමඟ දොඩමළු වෙනවාට, විහිළු කරනවාට එයාගේ එච්චර කැමැත්තක් නෑ...ඔබට අවශ්‍ය රැකවරණය හැමවිටම නොඅඩුව ලබා දෙනවා...හරියට හොයනවා බලනවා...ටිකක් සැරවැර වෙන එක එයාගේ හැටියක්...ඒත් එයාගේ ආදරය ගැන සැකයක් හිතන්න දෙයක් නෑ...
02. ඔහුගේ / ඇයගේ ජීවිතය...
උපන්නා වෙනුවට ජීවත්වෙන කෙනෙක් නෙමෙයි එයා...මනුෂ්‍ය ආත්මයක් ලැබීමත් කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ කලාතුරකින් ලැබීමක් කියන කාරණය හරියට තේරුම් අරගෙන කටයුතු කරන කෙනෙක්...යම් අරමිනක් ඇතුව කැපීපෙනෙන හා පලදායක ජීවිතයක් ගතකිරීමේ අවශ්‍යතාවය ඇතුව ඒ වෙනුවෙන් කැපවෙන කෙනෙක්...
03. ඔහුගේ / ඇයගේ සිතුම් පැතුම්...
නිදහස්කාමී සිතුම් පැතුම් වලින් යුක්ත කෙනෙක්...කොටු වෙලා,හිර වෙලා,යටත්වෙලා ඉන්න නම් කවදාවත් හිතන්නේ නෑ...තම ශක්තිය,තම හැකියාවන් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන්නයි හැම විටම මහන්සි ගන්නේ...තමන් හිසට තම අතමය සෙවනැල්ල කියන කාරණයත් සැමවිටම සිතේ පවතිනවා...
04. ඔහුගේ / ඇයගේ හැඩරුව...
ශක්තිමත්, සෘජු ශරීරයක් උපතින්ම හිමිවෙනවා... ඕනැ අඩුපාඩුවක්,වැරද්දක් දෝෂයක් පෙනෙන තීක්ෂණ දෙනෙතක් තියෙනවා...බොහෝවිට සම්පූර්ණව වැඩුණු,රතු පැහැ සිරුරක් තමයි හිමිවෙන්නේ...
වගකීම් දරන්න පුළුවන් බව, බලවත් අනාගතයක් උරුම බව, පාලන ශක්තිය ඇති බව බැලූ බැල්මටම පේනවා...හිස කෙස් රැළිවැටුණු බවක් දකින්න පුළුවන්...මුහුණ පිරුණු ගතියකින් යුක්තයි...
05. ඔහුගේ / ඇයගේ දුර්වලතා...
ක්‍ෂණිකව කෝපවීම.. හැම විටම තමන් අවට සිටින අය ගැන සැකයක් ඇතිකර ගැනීම..තම වරප්‍රසාද අයිතිවාසිකම් අන් අය වෙනුවෙන් සුළුවෙන් හෝ කැප නොකිරීම.. සටනට බරවීම.. මූලිකත්වය අපේක්ෂා කිරීම ප්‍රධාන වශයෙන්ම පවතින දුර්වලතා වෙනවා...තරමක ආඩම්බර ගතියක්ද ඇතැම් විට දකින්නට ලැබෙනවා...
06. ඔහුගේ / ඇයගේ රැකියාව...
ආරක්ෂක, කාර්මික, ඉංජිනේරු වැනි ක්‍ෂේත්‍රයක කටයුතු කරන කෙනෙක් විය හැකියි...යම් පාලන කටයුත්තක නියැලෙන කෙනෙක් හෝ යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි ද්‍රව්‍ය, වාහන අමතර කොටස්, වාහන ආශ්‍රිත ව්‍යාපාරයක නියැලෙන අයෙක් වීමටද පුළුවන්...කුමනාකාරයේ රැකියාවක යෙදුණද අන්‍යයන්ට එකඑල්ලේ යටත්ව, හිරවී කරන රැකියාවක් නම් විය නොහැකියි...
07. ඔහුගේ/ ඇයගේ ලිංගික ජීවිතය...
ඔබගේ මේෂ ලග්නය හිමි පෙම්වතා හෝ පෙම්වතිය ලිංගික ජීවිතය ගැන දැඩි උනන්දුවක් දක්වනවා...ශක්තිමත් ලිංගික හැකියාවක් තියෙනවා...ජීවිතයේ වැදගත්ම අංගයක් සේ සළකනවා... අවශ්‍යතා හරියට ඉටු නොවුණොත් ඒ වෙනුවෙන් නොමග යාමට වුණත් ඉඩ තිබෙනවා...ලිංගික සතුට එතරම්ම අපේක්ෂා කරනවා...
08. ඔහුගේ / ඇයගේ දක්ෂතා...
අන්‍යයන් පාලනය කිරීමේ හැකියාව මෙන්ම වගකීම් දැරීමේ හා අභියෝගයන්ට නොපසුබටව මුහුණදීමේ හැකියාව කැපීපෙනෙනවා...ක්‍රීඩා කටයුතුවලටද බොහෝවිට දක්ෂතා පවතිනවා...අවසන් ශක්ති බිඳුව තෙක්ම නොපසුබටව සටන්කිරීමේ හැකියාව හිමියි...
09. ඔහුගේ / ඇයගේ හොඳම ගතිගුණය...
නියමිත වෙලාවට, නියමිත කාර්යය නිවැරදි ආකාරයට සිදුකිරීම මෙහිදී දක්වන්න පුළුවන්...කුමන අභියෝග,අවහිර මධ්‍යයේ වූවත් කරන්න ඕනැ දේ කරනවා...
වෘෂභ ලග්නය.
01. ඔහුගේ / ඇයගේ ආදරය...
එයාගේ ආදරය හරිම සුන්දරයි...ස්ථිරයි...වෘෂභ ලග්නය හිමි පෙම්වතුන්,පෙම්වතියන් තමන්ගේ පෙම්වතාට, පෙම්වතියට උපරිම ආදරයක් දක්වනවා...ආදරය වෙනුවෙන් දැඩි කැපකිරීම් කරන්න ඒගොල්ලෝ සූදානම්...කණගාටුදායක විදියට ආදරය නොලැබී යන අවස්ථාත් තියෙනවා තමයි...ඒ වෙනුවෙන් වුණත් කාලයක් පුරා කඳුළු සලන්න මේ අය පෙළඹෙනවා..
02. ඔහුගේ / ඇයගේ ජීවිතය...
ජීවිතය වැඩි බරකට අරගෙන අමාරුවෙන් ජීවත්වෙන්න මේ අය කැමති නෑ...සතුටින්, විනෝදයෙන් වගේම සැප සම්පත් විඳිමින් කාමසුඛල්ලිකානු ජිවිතයක් ගතකරන්නයි බලාපොරොත්තු වෙන්නේ...අලංකාරව,පිරිසිදුව ඉන්න සැමවිටම වගබලාගන්නවා...කලබලකාරී,පීඩාකාරී දේවල් මගහැර සුන්දර ජිවිතයක් ගතකරන්න හැමවිටම උත්සාහ දරනවා...තරම ලෝබ ගතියකුත් මේ අය තුළ තියෙනවා...
03. ඔහුගේ / ඇයගේ සිතුම් පැතුම්...
තමන් අනිත් අයගේ අදහස් යෝජනා වලට එකඟ වෙනවා වෙනුවට අන්‍යයන් තමන්ගේ අදහස් වලට එකඟ විය යැයි සිතනවා මෙන්ම එවැනි තත්වයක් ඇතිකර ගැනීමටද උත්සාහ දරනවා...කළබලකාරී, උද්වේගකාරී සිතුම් පැතුම් නෑ...හැම දෙයක් ගැනම හෙමිහිට,කළබල නොවී සිතා බලනවා...කෙනෙක් සමග මිතුරු වන්නේත්,කෙනෙක් සමග අමනාප වන්නේත් ඉතාමත් සෙමින්...
04. ඔහුගේ / ඇයගේ හැඩරුව...
සිත් ඇදගන්නා පෙනුමක් තියෙනවා...බොහෝවිට විට කැරළි ගැසුණු, සිනිඳු හිසකෙස් පිහිටා තිබෙනවා...පිරුණු අඟ පසඟින් යුක්ත වන අතර එතරම් උස නැති තරමක් මහත සිරුරක් හිමියි...සෙමින් යම් ලතාවකට අනුව ගමන්කරනවා...තලෙළු සමක් හිමියි...නිදහස්,විනෝදජනක ජිවිතයක් ගතකිරීමේ ප්‍රිය බව බැලූ බැල්මටම පේනවා...
05. ඔහුගේ / ඇයගේ දුර්වලතා...
ආත්මාර්ථකාමීකම, අන්‍යයන්ගේ අදහස් යෝජනාවලට එකඟ නොවීම හා හැමවිටම අන්‍යයන් තම අදහස් වලට එකඟකරවා ගැනීමට උත්සාහ දැරීම මෙහිදී මූලිකවම සන්දහන් කිරීමට පුළුවන්...සැපපහසුවට හා විනෝදයට පමණට වඩා ඇළුම්කිරීම, බැසගත් තීන්දුව මොනම අයුරින්වත් වෙනස් කිරීමට සූදානම් නොවීම, විටෙක අයුක්තිසහගත වීම ආදී දුර්වලතාද දකින්නට හැකිවෙනවා...
06. ඔහුගේ / ඇයගේ රැකියාව...
රූපලාවන්‍ය ක්‍ෂේත්‍රය හා සම්බන්ධ රැකියා මෙන්ම ඒ හා සම්බන්ධ ව්‍යාපාර, ඇඟළුම් ක්‍ෂේත්‍රය හා සම්බන්ධ රැකියා හා ව්‍යාපාර, ලිපිකාර කටයුතු, කළමනාකාර කටයුතු ආදිය ප්‍රධාන වශයෙන්ම දක්වන්න පුළුවන්...කෙසේ වූවත් දැඩි නීති රීති රෙගුලාසි මධ්‍යයේ කළ යුතු රැකියාවක නම් දීමේ හැකියාවක් නෑ...එමෙන්ම ශරීරයට අපහසුකම් ගෙනදෙන, මහන්සි වී කළ යුතු වෘත්තීන්වල නියැලෙන්නටද කැමැත්තක් නෑ...
07. ඔහුගේ / ඇයගේ ලිංගික ජීවිතය...
සිකුරුට හිමි ලග්නයක් බැවින් ලිංගික ජීවිතයේදී ක්‍රියාකාරී ගතිය ඉහළ තත්වයක පවතිනවා...සයනයේදී උදාසීන ගති දකින්නට ලැබෙන්නේ නෑ...නමුත් ලිංගික ආශාවන් නැත්තෙක් මෙන් ඇඟවීමට ඉතා දක්ෂයි...කෙසේ වෙතත් අවිචාරවත් ලිංගික කාර්යයන්ට අකමැති මොවුන් ඉහළම ලිංගික තෘප්තියක් අපේක්ෂා කරනවා...
08. ඔහුගේ / ඇයගේ දක්ෂතා...
ඕනෑම කාර්යයක් පිළිවෙලකටත්, සුන්දර ලෙසත් කිරීමේ හැකියාවක් ඔහු හෝ ඇය සතුව තිබෙනවා...තමන් ඉන්න තැන වූවද, වැඩ කරන තැන වූවද අන්‍යයන්ගේ සිත් ඇඳ බැඳ ගන්නා ආකාරයට තබාගැනීමට හොඳින් දන්නවා...අවලස්සන දේකට කලාත්මක මුහුණුවරක් ලබාදීමේ හැකියාවත් තියෙනවා...බොහෝවිට උපතින්ම කලා හැකියාවන් ද හිමිවෙනවා...
09. ඔහුගේ / ඇයගේ හොඳම ගතිගුණය...
තමන් කරන වැඩ කොටස කළබල නොවී හරියට,පිළිවෙලට කිරීම මේ යටතේ විශේෂයෙන් සඳහන් කළ හැකියි...පටන්ගත් දේ අතරමග නතර නොකර පිළිවෙලට කර නිමාව දැකීම වැදගත් වෙනවා...
මිථුන ලග්නය.
01. ඔහුගේ / ඇයගේ ආදරය...
එයාගේ ආදරය නම් වෙනස් වෙන සුළුයි...පෙම්වතුන්, පෙම්වතියන් මාරුකරන අවස්ථාත් තියෙනවා...ඒත් කලබල වෙන්න දෙයක් නෑ...ඔබේ උපරිම ආදරය හමුවේ එයා වෙනස් වෙන එකක් නෑ...සංවේදී හදවතක් තියෙන හින්දා වෙලාවකට ආදරේට කියන දේවල් වලටත් හිත රිදවා ගන්නවා...එයාගේ ආදරය සම්බන්ධයෙන් සැකයක් ඇතිකර ගන්නවාටත් හරිම අකමැතියි...ඒ හින්දා සැකයක් වුණත් එය නොපෙන්වා ඉන්න වගබලා ගත යුතුයි...
02. ඔහුගේ / ඇයගේ ජීවිතය...
එයාටම ආවේනික එයාගෙම ජීවිතයක් තියෙනවා...අනාගතය සිතින් මවාගෙන එහි සැරිසරන එක එයාගේ සිරිතක්...කොහොම වුණත් මනුෂ්‍ය ජීවිතය පිළිබඳව උසස් අවබෝධයක් තියෙනවා...විටෙක, ජීවිතය සැහැල්ලුවෙන් ගතකරන්න හදනවා...විටෙක, එහෙම බෑ කියලා ගැඹුරින් හිතන්න ගන්නවා...සිහින දකින්න හරිම දක්ෂයි...
03. ඔහුගේ / ඇයගේ සිතුම් පැතුම්...
එයාගේ සිතුම් පැතුම් හරි ඉක්මනට වෙනස් වෙනවා...එක වෙලාවකට හිතනවාට වඩා ගොඩක් වෙනස් විදියකට නැවත හිතනවා...උදේට හිතපු දේ දවල් වෙනකොට වෙනස් කරනවා...එයටම ආවේනික සිතුවිලි රටාවක් තියෙනවා...ඉතාමත් සංවේදී හිතක් තමයි තියෙන්නේ...ඒ හින්දා දරුණු, හිංසාකාරී සිතුම් පැතුම් හරිම අඩුයි...කාරුණික, අහිංසක සිතුම් පැතුම් තමයි වැඩිපුරම උපදින්නේ...
04. ඔහුගේ / ඇයගේ හැඩරුව...
ප්‍රියමනාප පෙනුමක්...පැහැදිලි දෙබැමක් , තීක්ෂණ දෙනෙතක් , ඉදිරියට මඳක් නැමුණු ශරීරයක් හිමියි...මුහුණෙ නිතර සිනහවක් තියෙනවා...වෙලාවකට තරමක ගුප්ත ගතියකුත් පේනවා...
05. ඔහුගේ / ඇයගේ දුර්වලතා...
පටන්ගන්නා කටයුතු අවසන් නොකිරීම ප්‍රධාන දුර්වලතාවයක් ලෙස දක්වන්න පුළුවන්...ඒ වගේම අදහස් වෙනස් කිරීම තම සාර්ථකත්වය ප්‍රමාදවීමට හේතුවෙනවා...රැකියා වූවද වරින් වර මාරුකිරීම දියුණුවට අහිතකර ලෙස බලපානවා...
06. ඔහුගේ / ඇයගේ රැකියාව...
එකම රැකියාවක දීර්ඝකාලීනව නියැලෙන මිථුන ලග්න හිමියන් අඩුයි...ජනමාධ්‍ය,මුද්‍රණ,ප්‍රචාරණ,ඉංජිනේරු, විදුලි සංදේශ ආදී ක්‍ෂේත්‍රයක රැකියාවක් හිමියි...අලුත් අදහස් එක්කරමින්, නිර්මාණශීලීව යමක් කළ හැකි වෘත්තීන් කෙරෙහි වැඩි කැමැත්තක් තියෙනවා...
07. ඔහුගේ / ඇයගේ ලිංගික ජීවිතය...
සමතුලිත ලිංගික ජීවිතයක් ගතකරන අයෙක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්...ලිංගික ජීවිතය තුළ අලුත් ආකාරයේ අත්දැකීම් ලැබීමට ප්‍රිය කරන අතර විවිධ ක්‍රියාකාරකම් තුළින් සතුටුවීමටද කැමැත්තක් දක්වනවා...තම ලිංගික සදාචාරය ආරක්ෂා කරගැනීමට උත්සාහ කළද උපතින්ම උභය ගතිවලින් යුක්ත බැවින් එය අපහසු වීමටත් ඉඩතියෙනවා...
08. ඔහුගේ / ඇයගේ දක්ෂතා...
යමක් දුටු පමණින් එය කිරීමේ මනා හැකියාවක් උපතින්ම ලැබී තිබෙනවා...චිත්‍ර ඇඳීම, කැටයම් ශිල්පය, ගායනය,වාදනය වැනි නිර්මාණාත්මක කුසලතා ඉබේටම වගේ පිහිටනවා...දෙපැත්තටම වැඩ ගතහැකි උපායශීලී ඥානය යොදා නොයෙක් කටයුතු කිරීමේ හැකියාව කැපී පෙනෙනවා...
09. ඔහුගේ / ඇයගේ හොඳම ගතිගුණය...
අවස්ථාවට උචිත ලෙස කටයුතු කිරීමේ හැකියාව හා අනුකම්පා සහිත මානුෂික ගතිගුණ වලින් යුතුව ක්‍රියාකිරීම මූලික වශයෙන් දක්වන්න පුළුවන්...මිත්‍රශීලී ගතියද කැපී පෙනෙනවා...කෙනෙකුගේ සිත රිදවන්න මිථුන ලග්න හිමියන්ට තරමක් අපහසුයි...
කටක ලග්නය.
01. ඔහුගේ / ඇයගේ ආදරය...
යම් චංචල ස්වභාවයක් තිබුණත් එයාගේ ආදරය ඉතාමත් පිවිතුරුයි...එයා තුළ අවංක ආදරයක් තියෙනවා...ඒ ආදරය අතරමග නතර කරලා දාන්න, වේදනා දෙන්න එයා කැමති නෑ...ඉතාමත් බැතිබරව ආදරය සුරකිනවා...වෙලාවකට අදර හැඟීම් උස් පාත් වන ස්වභාවයක් පවතිනවා...ඒත් කළබල වෙන්න එපා...වෙලාවකට මුහුද වගේ චණ්ඩයි...වෙලාවකට හරිම නිසලයි...කිසිම හැඟීමක් දැනීමක් නෑ වගෙයි...
02. ඔහුගේ / ඇයගේ ජීවිතය...
සිතුවිළි සාගරයක කිමිදෙමින් තමයි හැම වෙලාවෙම ඉන්නේ...ඉතාමත් ප්‍රවේශම් සහගත ජිවිතයක් එයා ගතකරන්නේ...හැම දෙයක් ගැනම දිගින් දිගට හිතනවා..."කටක ලග්න කාරයෝ මුහුද හත් ගව්වක් තියා අමුඩ ගහනවා.."කියලා කතාවකුත් තියෙනවා...දුර තියෙන කරදර වලට පවා විටෙක බිය වෙන්නේ ආරක්‍ෂිත, වඩාත් යහපත් ජිවන තත්වයක් පවත්වාගෙන යන්නයි...බොහෝ අත්දැකීම් තම මතකයේ ගබඩාකරගෙන ඒවායින් තමන්ට විතරක් නෙමෙයි අනුන්ටත් ගුරුහරුකම් දීගෙන ගෞරවාන්විත ජීවිතයක් ගතකරන්න උත්සාහ කරනවා...
03. ඔහුගේ / ඇයගේ සිතුම් පැතුම්...
කාටවත් කරදරයක් වෙන්න හීනෙකින්වත් හිතන්නේ නෑ...කරදරයක්, විපතක් පැමිණේදෝ යි නිතර සිතනවා...බොහොම අහිංසක සුන්දර සිතුම් පැතුම් තමයි නිතරම එයා තුළ තියෙන්නේ...නිතරම හිතේ චංචල ස්වභාවයකුත් තියෙනවා...අවිචාරවත් සිතුම් පැතුම් ඉතාමත් අඩුයි...
04. ඔහුගේ / ඇයගේ හැඩරුව...
පිරුණු මුහුණ ඇතුළු සෙසු අඟ පසඟද මනාව වැඩී තිබෙනවා...සෙම් බහුල, මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් හිමියි...ඉතා සෞම්‍ය හා මුදු මොළොක් බවක් ශරීරය තුළින් දිස්වෙනවා...තද කළු හිස කෙස්, දීප්තිමත් දෙනෙත් ප්‍රසන්න බවක් එක්කරනවා...තැන්පත් හැසිරීම් රටාවක් මෙන්ම මන්දගාමී ගමන් විලාශයක්ද මොවුන් සතුවෙනවා...
05. ඔහුගේ / ඇයගේ දුර්වලතා...
අන්‍යයන්ට අවවාද, ගුරුහරුකම් දුන්නද තමන් ඒවා නොපිළිපැදීම ප්‍රධාන වශයෙන්ම කැපී පෙනෙනවා..." ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට" යන අවවාදය හොඳින් ගැළපෙනවා...ක්‍ෂණිකව කෝපවීම, අධික අනුකම්පා සහගත බව,නිතර චංචල වීම,අන්‍යයන් පමණට වඩා විශ්වාස කිරීම දුර්වලතා ලෙස දක්වන්න පුළුවන්...
06. ඔහුගේ / ඇයගේ රැකියාව...
තම චිත්ත ශක්තිය මෙහෙයවා, තම හැකියාවන්ට සරිලන මනා කාර්යභාරයක් කළ හැකි රැකියාවක් ඔහුට හෝ අයට උරුමයි...කළමනාකරණ ධූර, ගුරු වෘත්තිය,නාවික ක්‍ෂේත්‍රය,දේශපාලනය,පරිපාලන කටයුතු, උපදේශන සේවය වගේම ව්‍යාපාර කටයුතුද මානව ගැළපෙනවා...කළබල නොවී, ඉතා දියුණු තත්වයක් කරා ඉවසිලිමත්ව වෘත්තිමය කටයුතු කරගෙන යාමේ හැකියාව පවතිනවා...
07. ඔහුගේ / ඇයගේ ලිංගික ජීවිතය...
හරිම අපූරුයි...ඉතා හොඳින් විමසිලිමත් වෙන්න...ඔබේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ ලිංගික ආශාවන් පුර පක්ෂයේ හෙවත් සඳ නැග එන කාලයේ උපරිම ලෙස වැඩීගෙන එන ආකාරයත්, අව පක්ෂයේදී හෙවත් සඳ බැසගෙන යන කාලයේදී මන්දගාමී තත්වයට පත්වන ආකාරයත් ඔබට දකින්නට ලැබේවි...පසළොස්වක පොහොය කිට්ටු වන්නට කිට්ටු වනවිට ඉවවහා යන ලිංගික හැඟීම් පොහොය පසුවීමත් සමග ක්‍රමයෙන් තුනී වීගෙන යනවා...මෙය කටක ලග්න හිමියන් තුළ කැපී පෙනෙන තත්වයක්...
08. ඔහුගේ / ඇයගේ දක්ෂතා...
යමක් දුටු පමණින් කිරීමේ හැකියාව, මූලිකත්වය දැරීමේ හැකියාව,ඇඟ බේරාගෙන කටයුතු කිරීමේ හැකියාව මෙහිදී මූලිකවම දක්වන්න පුළුවන්...යමක් හීන් නූල් සූත්තරයෙන් කිරීමේ හැකියාව හොඳින් තියෙනවා...
09. ඔහුගේ / ඇයගේ හොඳම ගතිගුණය...
අන්‍යයන්ගේ විපතේදී අවංකවම කම්පාවීම හා එවැනි අවස්ථාවලදී උදව් පදව් කිරීම මෙහිදී කැපී පෙනෙනවා...කෙනෙකුගේ හිත නොරිදවා කටයුතු කිරීමේ හැකියාවද කටක ලග්න හිමියන් සතුයි...
සිංහ ලග්නය.
01. ඔහුගේ / ඇයගේ ආදරය...
ඔබට දැඩි, ස්ථිර ආදරයක් දක්වනවා...නමුත් එය එතරම් ප්‍රමුඛව නොපෙනෙනවා වන්නට පුළුවන්...තමන්ගේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ වරදක්, දුර්වලතාවයක් වෙනත් අයෙක් විසින් පෙන්වා දෙනවාට එයාගේ කැමැත්තක් නෑ...ඔබ වෙනත් විරුද්ධ ලිංගිකයෙක් සමග මිත්‍රශීලීව හෝ සමීපතාවයක් ඇතිකරගන්නවාට එයා අකමැතියි...මෙයින්ම තේරුම්ගත හැකියි ඔහු හෝ ඇය තුළ ඔබ කෙරෙහි දැඩි ආදරයක් පවතින බව...
02. ඔහුගේ / ඇයගේ ජීවිතය...
කාගෙන්වත් දොසක් නොඅසා, ගෞරවාන්විත ජිවිතයක් ගතකරන්න තමයි හැමවිටම උත්සාහ කරන්නේ...අනිත් අයට වඩා ටිකක් ඉහළින් ඉන්න උත්සාහ කරනවා...තම නිදහස නැතිකරගෙන කටයුතු කරන්න කොහෙත්ම කැමති නෑ...සැපදායක ජීවිතයක් ගතකරන්න කැමතියි...ලොකු පොඩි හැමෝම සමග සුහදව ඇසුරුකරන්නට යාම තත්වයට නොගැළපෙන හින්දා තෝරාගත් පිරිසක් තමයි අසුරුකරන්නේ...හිතේ තරමක ආඩම්බර ගතියක් තියෙනවා...
03. ඔහුගේ / ඇයගේ සිතුම් පැතුම්...
අනිත් අයට වඩා ඉදිරියෙන් ඉන්න, අනිත් අයට වඩා කැපී පෙනෙන්න තමයි නිතරම හිතන්නේ...ඒත් ඒ බව අනිත් අයට කෙළින්ම අඟවන්නේ නෑ...ලොකු ලොකු දේවල් කරන්න යන්නෙත් ඔය ආශාව හින්දම තමයි...ඉතින් සුළු සුළු දේවල් අමතක වෙනවා...ඔලුව ඉදිමුණු ගතියක් පේන්න තියෙන්නෙත් අනිත් අයට වඩා ඉහළින් ඉන්න හදන හින්ද යි...අනිත් අයගේ සැළකිලි, ගෞරවය ලබන්න ආසයි...යටත් පහත් වෙන්න කැමති නෑ...
04. ඔහුගේ / ඇයගේ හැඩරුව...
බොහෝවිට පළල් උරහිස් වලින් යුතු සම්පුර්ණ ශරීරයක් හිමිවෙනවා...ගාම්භීර පෙනුමක් උරුමයි...සිනහවේ පවා යම් සීමාවක් තියෙනවා...හිස තරමක් ලොකුයි...රතු පැහැයට හුරු පැහැපත් සමක් හිමියි...හිසකෙස් සුළු වශයෙන් හෝ කැරළි ගැසුණු බවක් පේනවා...බැලූ බැල්මට යම් තේජවන්ත පෞරෂයක් ශරීරය තුළින් පෙන්නුම් කරනවා...
05. ඔහුගේ / ඇයගේ දුර්වලතා...
තම තීන්දුව වෙනස් නොකිරීම සිංහ ලග්න හිමියන් තුළ දකින්නට ලැබෙන ප්‍රධානම දුර්වලතාවයක් වෙනවා...මීට අමතරව ක්‍ෂණික කෝපය,හැමෝම සමග කතාබහ කර අසුරුකිරීමට අකමැතිකම, ආඩම්බරකම, පැරදීමට අකමැතිකම වැනි දුර්වලතා පවතිනවා...
06. ඔහුගේ / ඇයගේ රැකියාව...
තම හැකියාවන්ට, වටිනාකමට නිසි සාධාරණය ඉෂ්ටවන රැකියාවක නියැලෙනවා...පාලන කටයුතු, කළමනාකරණ කටයුතු, ත්‍රිවිධ හමුදා හා පොලිස් සේවයේ ඉහළ තනතුරු,ආයතනවල ප්‍රධාන තනතුරු හොඳින් ගැළපෙනවා...දේශපාලනයද සුදුසුයි...තම නිදහසට බලපෑම් එල්ල නොවන, ආත්ම ගරුත්වය රැකගෙන කළහැකි රැකියාවක යෙදෙනවා...
07. ඔහුගේ / ඇයගේ ලිංගික ජීවිතය...
ලිංගික ආශාව ප්‍රබලයි...තම ලිංගික ආශාවන් අතෘප්තව පවතින විට සෙසු වැඩ කටයුතු අඩාලවන තරමටම ලිංගික ආශාව ප්‍රබලයි...ලිංගික ජීවිතයේදී ඉතාමත් ක්‍රියාශීලීයි,ශක්තිමත්...ලිංගික සතුට නොමැතිව දින කීපයක් හෝ ගතකිරීමට අපහසු තරම්...
08. ඔහුගේ / ඇයගේ දක්ෂතා...
සිහිකල්පනාවෙන් යුක්තව,ක්‍රමානුකූලව කරන නිසා කොයි දෙයක් වුණත් දක්ෂ ලෙස කිරීමේ හැකියාව තියෙනවා...ප්‍රධානත්වය දැරීමේ හැකියාව මෙන්ම අන්‍යයන් පාලනය කිරීමේ හැකියාවද මෙහිදී කැපීපෙනෙනවා...ඕනෑම අභියෝගයකට නොපසුබටව මුහුණදීමේ හැකියාවද සිංහ ලග්නය හිමි පෙම්වතා හෝ පෙම්වතිය තුළ පවතිනවා...
09. ඔහුගේ / ඇයගේ හොඳම ගතිගුණය...
ඕනෑම බැරෑරුම් කටයුත්තකට වූවද බය නැතුව ඉදිරිපත්වීම මෙහිදී සඳහන්කළ හැකියි...දඩි ආත්ම විශ්වාසයක් පවතිනවා...අදහස් වෙනස් නොකිරීමද යහපත් ගුණාංගයක් ලෙස දක්වන්න පුළුවන්...
කන්‍යා ලග්නය.
01. ඔහුගේ / ඇයගේ ආදරය...
ඔබ කෙරෙහි ඉතා පිවිතුරු ආදරයක් ඔහු හෝ ඇය තුළ තිබෙනවා...නමුත්, එයා තුළ සැකයක් ඇති නොවන ලෙස කටයුතුකිරීමට ඔබ වගබලා ගත යුතුයි...
යම් ලෙසකින් ආදරය කඩතොළු වූණොත් එයාගේ හිත තදබල ලෙසම වෙනස්වෙන්න පුළුවන්...ඔබ හොඳට ඉන්නකම්, අවංකව ඉන්නකම් එයාගේ ආදරයත් හොඳයි, අවංකයි...
02. ඔහුගේ / ඇයගේ ජීවිතය...
අන්‍යයන් කෙරෙහි අනුකම්පා සහගත බවක් කන්‍යා ලග්න හිමියන් තුළ තියෙනවා...ඒ වගේම අන්‍යයන්ගේ දොස් දකිනවා...මේ හේතුව හින්දා එයා තේරුම්ගන්න ටිකක් අමාරු කෙනෙක් විදියටත් පේනවා...එයා ගොඩක් සංවේදියි...සිතුවිළි තරමක් සංකීර්ණයි...එයාගේ ජිවිතයේ සිදුවන සිදුවීම් වුණත් අමුතු විදියට සිදුවන බවක් පේනවා...එක වෙලාවකට කියපු දේ පස්සේ වෙනස් විදියට කියන අවස්ථාත් තියෙනවා...තරමක කළබලකාරී ගතියකුත් තියෙනවා...
03. ඔහුගේ / ඇයගේ සිතුම් පැතුම්...
බොහොම කළබලකාරීයි...නොයෙක් දේ ගැන හිතනවා වැඩියි...සිතුම් පැතුම් වෙනස් වෙනවත් වැඩියි...සමහර වෙලාවට කල්පනාව නෑ වගෙත් පේනවා...කාටවත් කරදරයක්, හානියක් වෙන සිතුම් පැතුම් නම් එයා තුළ නෑ...මොනවා හරි කරන්න හදද්දි ඒක හරියටම හරියයිද.. වරදියිද.. කියලා බොහොම අවිනිශ්චිත සිතුවිළි ඇතිකරගන්නවා...කාට හරි ලියුමක් යොමු කළත්, ඒක යවන්න ඕනැ කෙනාටම යැව්වද.. වෙන කෙනෙකුට යැව්වද දන්නෙත් නෑ කියලා පස්සේ හිතනවා...
04. ඔහුගේ / ඇයගේ හැඩරුව...
මධ්‍යම ප්‍රමාණයේ, හැඩකාර ශරීරයක් හිමිවෙනවා...කඩිසර ගමන් විලාශයක් මෙන්ම යොවුන් පෙනුමක්ද තියෙනවා...තරමක කපටි පෙනුමකුත් බැලූ බැල්මට පේනවා...ප්‍රසන්න, පැහැපත්, පිබිදුණු ගතියක් තියෙනවා...කටහඬ ලෙලදෙනවා...ඉන්න වයසට වඩා අඩු වයසක් පේනවා...
05. ඔහුගේ / ඇයගේ දුර්වලතා...
තමන් කරන දේ කෙරෙහි එතරම් විශ්වාසයක් නොතැබීම ප්‍රධාන දුර්වලතාවයක් ලෙස දක්වන්න පුළුවන්...අන්‍යයන්ගේ වැඩකටයුතු වලට ඇඟිලි ගැසීමට යාම,සුළු දේවල් සඳහා ඕනෑවට වඩා කාලය ගෙවීම,අන්‍යයන්ගේ වැඩකටයුතු වල දොස් දැකීම ආදී දුර්වලතා මෙහිදී සඳහන් කළ යුතුයි...
06. ඔහුගේ / ඇයගේ රැකියාව...
රැකියාව බොහෝවිට තම දැනුම උපයෝගීකරගෙන කළහැකි කාර්යයක් වෙනවා.. මෝස්‌තර නිර්මාණය, රූපලාවන්‍ය, ගුරු වෘත්තිය ,කාර්යාලයීය කටයුතු මෙන්ම කලා කටයුතුද බොහෝවිට මේ අයගේ රැකියාව වෙනවා...මූල්‍ය ක්‍ෂේත්‍රයේ වෙන්නත් පුළුවන්...
07. ඔහුගේ / ඇයගේ ලිංගික ජීවිතය...
ලිංගික කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් ඇති බවක් පෙන්වන්නේ නෑ...ලිංගික සදාචාරය උසස් ලෙස රැකගෙන සිටින කෙනෙක් විදියට තමයි හැසිරෙන්නේ...ඒත් බොහොම බලවත් ලිංගික ආශාවක් තියෙනවා...ලිංගික කටයතු ඉතාමත් රහස්‍ය ලෙස පවත්වාගනනවා...
08.ඔහුගේ / ඇයගේ දක්ෂතා...
දුටු දේ කිරීමේ හැකියාවක් තිබෙනවා...කරන කොයි දේ වුණත් බොහොම පිළිවෙලකට, අලංකාර ලෙස කිරීම කැපී පෙනෙනවා...ඒ වගේම නිර්මාණාත්මක කටයුතු සම්බන්ධයෙන් මහත් දක්ෂතා තියෙනවා...කථිකත්වය සහජයෙන්ම උරුමයි...තැනට උචිත නුවණ තියෙනවා...
09.ඔහුගේ / ඇයගේ හොඳම ගතිගුණය...
බොරු අහංකාරකමක් නැතුව හිතමිත්‍රාදීන් සමග ඉතාමත් සුහදව කටයුතුකිරීම හා මිත්‍රකම් කල්පවත්වාගැනීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි...කොයි කවුරුන් සමග වූවද විහිළු තහළුවෙන් කල්ගෙවීමේ දක්ෂතාවය අගයකළ යුතුයි...ගෙදරදොරට ඉතාමත් හිතවත් බවක්ද දක්වනවා...
තුලා ලග්නය.
01. ඔහුගේ / ඇයගේ ආදරය...
ඇත්තටම එයා ආදරය කරන්න ගොඩක් දක්ෂයි...මුළු හදවතින්ම ආදරය කරනවා...ඒ වගේම හදවතින්ම ලැබෙන ආදරයක් බලාපොරොත්තුවෙනවා...
ලැබෙන ආදරය මියැදෙනවා දකින්න තියා අඩුවෙනවා දකින්නවත් කොහෙත්ම කැමති නෑ...තුලා ලග්නය සිකුරුගේ ලග්නයක් බැවින් එයාගේ ආදරය පසළොස්වක හඳ වගේ ඉතාමත් ප්‍රියංකරයි...
02. ඔහුගේ / ඇයගේ ජීවිතය...
බොහොම විනෝදජනක විදියට තමයි ගතකරන්නේ... වේදනා,කනස්සලු ඇතිවුණත් ඒවා යටපත් කරලා සැහැල්ලුවෙන් ජීවත්වෙන්න එයා උත්සාහ කරනවා...ඉතාමත් පිරිසිදුවට, අලංකාරව,ප්‍රසන්න ආකාරයෙන් හැම වෙලාවෙම ඉන්නවා...කවුරු එක්කත් හිනා වෙලා, කතා කරලා ඉන්න එයට පුළුවන්...භාහිර අලංකාරය ගැන නිතරම සැළකිලිමත් වෙනවා...මේ විදියට බොහොම නිදහස්, සුන්දර ජිවිතයක් තමයි එයා ගතකරන්නේ...
03. ඔහුගේ / ඇයගේ සිතුම් පැතුම්...
නිදහස් සිතුම් පැතුම් තමයි එයා තුළ තියෙන්නේ...ජීවිතය ගැන ගොඩක් බරපතළ විදියට හිතන්න එය කැමති නෑ...කුරුල්ලෙක් වගේ නිදහසේ ජීවත්වෙන්න ආසයි...හැමෝම සමග සාමයෙන් සමගියෙන් ඉන්න තමයි නිතරම උත්සාහ කරන්නේ...කලබලේට වැඩ කරන්න යන්නේ නෑ...තමන්ගේ පුද්ගලික සැපපහසුකම් වුණත් අන්‍යයන් වෙනුවෙන් කැපකරන්න සූදානම්...ආත්මාර්ථකාමී ගතිය ඉතාමත් අඩුයි...ලස්සන දේවල් වලට ආසයි...
04. ඔහුගේ / ඇයගේ හැඩරුව...
ඇත්තටම කෙනෙකුගේ සිත් ඇදගන්නා, ලස්සන පෙනුමක් එයාට තියෙනවා...වැඩිය මහත නැති, සාමාන්‍ය ප්‍රමාණයට වැඩුණු සිරුරක් තියෙනවා...ඇස් දෙක තියුණුයි...කලබලකාරී ගතියෙන් තොර යහපත් ගමන් විලාශයක් තියෙනවා...හිසකෙස් මඳක් සිනිඳුයි...

විනෝදය හා අලංකාරය කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීම ප්‍රධාන වශයෙන් දක්වන්න පුළුවන්...තීන්දුවකට බැසීමට ප්‍රමාදවීම, නිතර සැපපහසුව සෙවීම ආදී දුර්වලතාද කැපී පෙනෙනවා...
06. ඔහුගේ / ඇයගේ රැකියාව...
ව්‍යාපාර කටයුතු, කලාව හා සම්බන්ධ කටයුතු,නියෝජිත ධූර, නීති,ගුරු,මූල්‍ය ආදී ක්‍ෂේත්‍රයක් තුළ නියැලෙන අයෙක් විය හැකියි...ව්‍යාපාර කාර්යයක නියැලෙනවා නම් ඇඳුම් පැලඳුම්,වාහන, දුරකථන, රූපලාවන්‍ය උපකරණ, ගෘහ අලංකරණය හා සම්බන්ධ බඩු භාණ්ඩ ආදී ව්‍යාපාරයක් විය හැකියි...
07. ඔහුගේ / ඇයගේ ලිංගික ජීවිතය...
ලිංගික කටයුතු කෙරෙහි මහත් ඇල්මක් දක්වනවා...සිකුරාගේ ලග්නයක් බැවින් ලිංගික ජීවිතය කෙරෙහි ඇති ඇල්ම උනන්දුව ඉතා ඉහළයි...ඒවගේම ලිංගික ජීවිතය තුළ බොහොම පරාර්ථකාමීව කටයුතුකරනවා...සෙසු කටයුතුවලදී වගේම ලිංගික කටයුතුවලදී ද කලබලයක් නෑ...
08. ඔහුගේ / ඇයගේ දක්ෂතා...
මනා ඉවක් හෙවත් යමක් කළින් පෙනෙන ඥානයක් හිමියි...උප්පත්තියෙන් ලද තීක්ෂණ නුවණක් තියෙනවා...සමිති සමාගම්, පොදු කටයුතු ආදියේදී අන්‍යයන්ගේ සිත් දිනාගෙන, මූලිකත්වය ගෙන කටයුතුකිරීමේ හැකියාව තියෙනවා...කිසිවෙක් අමනාප නොවන පරිදි මධ්‍යස්ථව කටයුතුකිරීමේ හැකියාව කැපී පෙනෙනවා...උප්පත්තියෙන් ලද කලා කුසලතාවන්ද හිමියි...

පරාර්ථකාමී බව මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුයි...සමාදානයට ඇති කැමැත්ත,මනුෂ්‍යත්වය ගරුකොට සැළකීම, හේතු යුක්ති නොදැන තීන්දුවකට නොබැසීම ආදී යහපත් ගුණයන්ද අගය කළ යුතුයි...
වෘශ්චික ලග්නය.
01. ඔහුගේ / ඇයගේ ආදරය...
එයාගේ ආදරය ස්ථිරයි...අවංකවමයි ආදරය කරන්නේ...ආදරය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරනවා...මොනවත් වසන් කරන්නෙ නෑ...ඒත් ඔබ ඇත්ත වසන් කරන්න ගියොත්, බොරු කිව්වොත් එයාට කේන්තියනවා...මොනතරම් වටිනා දෙයක් වුණත් ආදරය වෙනුවෙන් අහිමිකරගන්න සූදානම්...හැම දේකටම වඩා එයාට ආදරය වටිනවා...
02. ඔහුගේ / ඇයගේ ජීවිතය...
දැඩි ආත්මවිශ්වාසයකින් යුතුව උසස් ජීවන තත්වයක් ඇතිකරගැනීම සඳහා කටයුතු කරනවා...බොහොම එඩිතරයි...යමක් උඩින් පල්ලෙන් පිළිගන්නේ නෑ...ඉක්මණින් කෝපයට පත්වුණත් ඉක්මණින්ම යථා තත්වයට පත්වෙනවා...වැඩකටයුතු වලට ඉතාමත් දක්ෂයි, කඩිසරයි...තමාගේ කටයුතු බලාගෙන ජීවත්වෙනවා...වැඩකට නැති බොරු කතාවලට කන්දෙන්න යන්නේ නෑ...බාධක අවහිර බිඳගෙන ඉදිරියට යනවා...
03. ඔහුගේ / ඇයගේ සිතුම් පැතුම්...
හැම දෙයක්ම රැස්කරගැනීමට, ගොඩගසාගැනීමට හිතන්නේ නෑ...කාටවත් අත නොපා...කාටවත් කරදරයක් නොවී යහපත් , සාර්ථක ජීවිතයක් ගතකිරීමේ සිතුවිල්ල නිතර සිත තුළ තියෙනවා... ...කොයි දෙයක් වුණත් පිළිගන්නට කලින් ඒ දේ ගැන හොඳට දැනගත යුතු යැයි සිතනවා...අන්‍යයන් පාගා දමා තමන් මතු විය යුතු යැයි නොසිතා මානුෂික ගුණ ධර්මවලට මුල් තැන දී කටයුතුකරනවා...
04. ඔහුගේ / ඇයගේ හැඩරුව...
සාමාන්‍ය උසින් යුතු, යහපත් සේ වැදුණු අවයව ඇති ශරීරයක් හිමියි...කඩිසර පෙනුමක් තියෙනවා...ශරීරයේ උඩ කොටස, පහළ කොටසට වඩා තරමක් මහතයි...ප්‍රියමනාප, ප්‍රසන්න පෙනුමක් තියෙනවා...දෑස් මඳක් රතු පැහැයට හුරුවෙන්න පුළුවන්...
05. ඔහුගේ / ඇයගේ දුර්වලතා...
තම අදහස් ආදිය නොසඟවා අන්‍යයන්ට දැනගැනීමට සැලැස්වීම ප්‍රධාන දුර්වලතාවයක් ලෙස දක්වන්න පුළුවන්...වහා කිපීම, වැඩ කටයුතු කල්දැමීම, තරහ ඇවිස්සුණු විට කිසිවෙක් ගැන නොසළකා හැරීම ආදී දුර්වලතා ද පවතිනවා...
06. ඔහුගේ / ඇයගේ රැකියාව...
කාර්යශූරත්වයෙන් යුතුව කළ හැකි රැකියාවක් විය යුතුයි...නිකරුණේ කාලය කා දමන රැකියාවක් නම් එයාට ගැළපෙන්නෙ නෑ... සෞක්‍ය, ආරක්ෂක,ඉංජිනේරු,කාර්මික,මූල්‍ය ආදී ක්‍ෂේත්‍රයකට සම්බන්ධ රැකියාවක නියැලෙනවා විය හැකියි...
07. ඔහුගේ / ඇයගේ ලිංගික ජීවිතය...
ලිංගික ජීවිතය ගැන ඉතා දැඩි උනන්දුවක් පවතිනවා...ජීවිතයේ අත්‍යවශ්‍යම අංගයක් ලෙස සළකනවා...ලිංගික කටයුතුවලදී බොහොම කඩිසරයි...ලිංගික ශක්තිය අතින් හරිම පොහොසත්...උපරිම සාර්ථක ලිංගික ජීවිතයක් අපේක්ෂා කරනවා...
08. ඔහුගේ / ඇයගේ දක්ෂතා...
සියලු අවහිරතාවන්ට පයින් ගසා ඉදිරියට යාමේ මනා හැකියාවක් තියෙනවා...කොයි දේ වුණත් ඉතාමත් කඩිසරව කරනවා...යමක් නිවැරදිව කළමනාකරණය කිරීමේ හැකියාව කැපී පෙනෙනවා...තම බලාපොරොත්තු කෙසේ හෝ ඉටුකරගැනීමේ හැකියාව තියෙනවා...
09. ඔහුගේ / ඇයගේ හොඳම ගතිගුණය...
රැස්කර තබාගැනීමේ, ගොඩගසාගැනීමේ ආශාවක් නැතිකම මෙහෙදී විශේෂයෙන් සඳහන් කළ හැකියි...ගුණ දොස් විවේචනයට ප්‍රිය වීම, අවංක කම ආදී ගුණයන්ද වැදගත් වෙනවා...
ධනු ලග්නය.
01. ඔහුගේ / ඇයගේ ආදරය...
ධනය, බලය මත හෝ වෙනත් සාධකයක් මත ගොඩනැගුණු ආදරයක් නෙමෙයි...අවංකවම දක්වන ආදරයක්...කාගේවත් බලපෑම් හේතුවෙන් අඩුවෙන ආදරයකුත් නෙමෙයි...ආදරය වැඩිකම හින්දාම ගොඩක් කේන්තිගන්නා අවස්ථාත් තියෙනවා...මොනම හේතුවක් නිසාවත් අතරමග නතර නොකර විවාහයෙන් කෙළවර කරගැනීමේ බලාපොරොත්තුවෙන්ම යි ආදරය කරන්නේ...
02. ඔහුගේ/ ඇයගේ ජීවිතය...
ඉතාමත් යුක්තිගරුක, නීතිගරුක ජීවිතයක්...කාටවත් වරදක් නොකර ගතකරන ජීවිතයක්...තමන්ට වාසි වුණත් පාඩු වුණත් ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ...එලොව මෙලොව දෙකටම ගැළපෙන ලෙස ජීවත්වෙනවා...උසස් ක්‍රියාවලටත්, උසස් අදහස්වලටත් ගරු කරනවා...ස්ව උත්සාහයෙන් නැඟී සිටීමේ වටිනාකම අවබෝධකරගෙන ජීවත්වෙනවා...
03. ඔහුගේ / ඇයගේ සිතුම් පැතුම්...
අවිහිංසාවාදී සිතුම් පැතුම්වලින් යුක්තයි...යුක්තිගරුක ලෙස, මධ්‍යස්ථව කල්පනාකාර යහපත් ජිවිතයක් ගතකිරීමට සිතනවා...සමාජයේ කෙරෙන කියන දේ පාඩමකට ගෙන ප්‍රවේශම් සහිතව කටයුතු කළ යුතු යැයි සිතනවා...පටන්ගන්නා වැඩකටයුතු අවසානය තෙක් කරගෙන යා යුතු බව නිතර විශ්වාස කරනවා...
04. ඔහුගේ / ඇයගේ හැඩරුව...
රතු පැහැයට හුරු පැහැපත් සමක් හිමියි...පළල් නළල් තලයක් සහිත සම්පුර්ණව වැඩුණු ශරීරයක් උරුමයි...හිසකෙස් අඩුවෙන්න පුළුවන්...පිරුණු අවයව හිමියි...විශේෂයෙන්ම, පිරුණු කලවා යුගළක් හිමිව තිබෙනවා...
05. ඔහුගේ / ඇයගේ දුර්වලතා..
විටෙක අවශ්‍ය ප්‍රමාණයට වඩා අවිශ්වාසයක් ඇතිකරගැනීම මෙහිදී විශේෂයෙන් සඳහන්කළ යුතුයි...හදිසියේ තීන්දුවලට බැසීම හා ඉක්මණින් කෝපයට පත්වීම ද දුර්වලතා ලෙස දැක්විය හැකියි...
06. ඔහුගේ / ඇයගේ රැකියාව...
එයාට වැදගත් රැකියාවක් තියෙනවා...ගුරු,බැංකු,නීති,පරිපාලන වැනි ක්‍ෂේත්‍රයක නියැලෙනවා විය හැකියි...කෙසේ වෙතත් ඉතාමත් පිළිවෙලට හා ක්‍රමානුකූලව රැකියාව කර ඉතාමත් දියුණු,සාර්ථක තත්වයකට පත්වෙනවා...කිසිවෙකුට අසාධාරණයක්,අයුක්තියක් හෝ හිංසාවක් සිදුවන ආකාරයේ රැකියාවක නම් එයා කවදාවත් නියැලෙන්නේ නෑ...
07. ඔහුගේ / ඇයගේ ලිංගික ජීවිතය...
ජීවිතයට අවශ්‍යම දෙයක් වූව ද සදාචාරවත් ලෙස පවත්වාගත යුතු අංගයක් විදියට තමයි ඔහු හෝ ඇය ලිංගික ජීවිතය දකින්නේ...ලිංගික සදාචාරය ආරක්ෂා කරගන්නවා...ඒ අතින් නොමඟ යනවා නම් ඉතාමත් කලාතුරකින් තමයි...ලිංගික කටයුතුවලදී තම සහකරුගේ හෝ සහකාරියගේ ආශාවන් ගැන විශ්ෂයෙන් හිතනවා...
08.ඔහුගේ / ඇයගේ දක්ෂතා...
යම් ආරවුලක් හෝ ගැටළුවක් දුරදිග යාමට ඉඩ නොතබා ගොඩින් බේරාගැනීමේ දක්ෂතාවය ඔහු හෝ ඇය සතුව පවතිනවා...යම් කාර්යයක් පටන්ගත් විට එය අතරගම නතර නොකොට අවසානය දක්වා කරගෙන යාමේ හැකියාවද මෙහිදී සඳහන් කළ යුතුයි...කළමනාකරණ ශක්තිය මෙන්ම ක්‍රමාණුකූලව කටයුතුකිරීමේ හැකියාවද මෙහිදී වැදගත් වෙනවා...
09. ඔහුගේ / ඇයගේ හොඳම ගතිගුණය...
යුක්තිගරුකභාවය හොඳම ගතිගුණය ලෙස දැක්විය හැකියි...තමන් පිට පැටවුණු වගකීම ඉතාමත් නිවැරදිව, අවංකව ඉටුකිරීමද ඔහු හෝ ඇය තුළ තිබෙන වටිනා ගුණයක්...නිහතමානීබව ද අගයකළ යුතුයි...
මකර ලග්නය.
01. ඔහුගේ / ඇයගේ ආදරය...
එයාගේ ආදරය වැඩිය ඉස්මතුවෙලා පේන්නේ නෑ...ඒත් උපරිම ආදරයක් එයාගේ හිතේ තියෙනවා...ඒ වගේම ඒක වෙනස්වෙනසුළු, වැනෙන ආදරයකුත් නෙමෙයි...ඒත් වෙලාවකට පේන්නේ වැඩිය ආදරේ නෑ වගෙයි...මුදල් වියදම් කරගෙන ආදරය කරන සිරිතක් නම් වැඩිය නෑ...කොහොම වුණත් ඒ මේ ඇත බෙදිලා යන සැක කළ යුතු ආදරයක් නම් නෙමෙයි...
02. ඔහුගේ / ඇයගේ ජීවිතය...
තරමක් හුදකලාවෙ වගේ ගතවෙන ජීවිතයක්...විනෝදය, නිදහස තරමක් අඩුවෙන්න පුළුවන්...විවේකයත් ගොඩක්ම අඩුයි...අරමුණක් තියෙනවා වගේම ඒ වෙනුවෙන් හදාගත්තු සැලැස්මකුත් තියෙනවා...කවුරු මොන මොනවා කිව්වත් කෙරුවත් තමන්ගේ අරමුණ වෙනුවෙන් කැපවෙනවා...ඒ අරමුණට අදාල නොවන දේවල් ගැන එච්චර තැකීමක් කරන්නෙ නෑ...
03. ඔහුගේ / ඇයගේ සිතුම් පැතුම්...
බොහොම සරළ, බොළඳ සිතුම් පැතුම් නම් නැති තරම්...උපයන්න, රැස්කරගන්න ආසයි...ඒ වෙනුවෙන් අනුගමනය කළ හැකි හොඳම ක්‍රමෝපායන් ගැන නිතර හිතනවා...අනවශ්‍ය නාස්තිය,නිෂ්පල වියදම් ආදියෙන් වැළකී සිටියහැකි ක්‍රම සහ විධි ගැන කල්පනාකරනවා...අනවශ්‍ය සිහින මාළිගා හදාගන්නෙ නෑ...
04. ඔහුගේ / ඇයගේ හැඩරුව...
සාමාන්‍ය ප්‍රමාණයේ ශක්තිමත් ශරීරයක් උරුමයි...දත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා ලොකුවට පිහිටා තිබෙනවා විය හැකියි...බොහෝවිට තරමක් අඳුරු පැහැයට හුරු සමක් හිමියි...ගමන්කිරීමේදී ඉදිරියට මඳක් නැමුණු ගතියක් දකින්නට ලැබෙනවා...
05. ඔහුගේ / ඇයගේ දුර්වලතා...
තරම ආත්මාර්ථකාමී ගතියක් ප්‍රකට වෙනවා...අවශ්‍ය ප්‍රමාණයට වඩා වෙහෙසීම හා ඉපැයීම, රැස්කිරීම ගැන වැඩිපුර උනන්දුවීම ද මෙහිදී සඳහන් කළ හැකියි...හිතමිත්‍රාදීන් සමඟ ඇසුර,සම්බන්ධය ඉතාමත් අඩුවෙන් පවත්වාගැනීමද කැපී පෙනෙනවා...
06. ඔහුගේ / ඇයගේ රැකියාව...
සැළකිය යුතු අදායමක් ලැබෙන රැකියාවක නිරතවෙනවා... බොහෝදුරට තමන්ගේම රැකියාවක් විය හැකියි...ගුරු,කළමනාකරණ,මූල්‍ය,සෞක්‍ය ආදී ක්‍ෂේත්‍රයක වන්නටත් පුළුවන්...රැකියාවට මුල්තැන දී කටයුතු කරනවා...ව්‍යාපාරයේ හෝ රැකියාවේ උපරිම දියුණුව,සාර්ථකත්වය අත්කරගැනීමට නිතර වෙහෙසෙනවා...
07. ඔහුගේ / ඇයගේ ලිංගික ජීවිතය...
ඒ අතින් නොමඟ යාමට තිබෙන ඉඩකඩ නම් ඉතාමත් අඩුයි...ලිංගික කටයුතුවල දීර්ඝ වේලාවක් යෙදීමේ කැමැත්තකුත් නෑ...කොහොම වුණත් සාමාන්‍ය තත්වය ඉක්මවා ගිය අමුතු ආකාරයේ ආශාවන් තියෙන්න පුළුවන්...ලිංගික ශක්තිය ඉතා ඉහළයි...
08. ඔහුගේ / ඇයගේ දක්ෂතා...
සිතුවිළි අඩු, ක්‍රියාත්මක ගතිය වැඩි කෙනෙක් නිසා නොයෙක් දක්ෂතාවන් හිමියි...ගණන් හිලව් ඇතුව විය හියදම් කිරීමේ දක්ෂතාවය කැපී පෙනෙනවා...ඉතාමත් කටුක අවස්ථාවකදී වූවද නොසැලී කටයුතුකිරීමේ හැකියාව ද විශේෂයෙන් සඳහන් කළ යුතුයි...තම ශක්තිය ගැන පූර්ණ විශ්වාසය තබා අනුන්ට අත නොපා ස්ව ශක්තියෙන්ම නැඟී සිටීමේ උත්සාහයද ජීවිතය පුරා දකින්නට ලැබෙනවා...
09.ඔහුගේ / ඇයගේ හොඳම ගතිගුණය...
සිතන්නට කල් නොගෙන, සිතනවාට වඩා වැඩකිරීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ හැකියි...කම්මැළි කමින් නිකරුණේ කාලය ගත නොකිරීම, දුක් කම්කටොලු විඳීමේදී පසු නොබැසීම,තම ඉලක්ක වෙනුවෙන් උපරිම ලෙස කැපවීම ආදී ගුණයන්ද මෙහිදී වැදගත් වෙනවා...
කුම්භ ලග්නය.
01. ඔහුගේ / ඇයගේ ආදරය...
ආත්මාර්ථකාමී හැඟීමෙන් තොර, පරිත්‍යාගශීලී ආදරයක්...ඒ වගේම පිවිතුරු ආදරයක් බලාපොරොත්තු වෙනවා...ඔබ ගැන හොඳින් හොයනවා බලනවා...තමන් ගැන හිතනවාට වඩා එයා ඔබ ගැන හිතනවා...ඔබව අයිති කරගැනීමේ අදහසින්ම ආදරය කරන කෙනෙක්...මොනවා කිව්වා කළත් එච්චර ගණන් ගන්නේ නෑ...කාරුණිකයි...
02. ඔහුගේ / ඇයගේ ජීවිතය...
මානුෂික ගුණධර්ම වලින් යුතුව ඉවසිලිවන්ත ජීවිතයක් ගතකරනවා...නිස්කලංක බවට කැමතියි...කළබලකාරී දේවල් වලට කැමති නෑ...වාසනාව එක්කෙනෙකුට දෙන්නෙකුට පණක් නොව උත්සාහවන්ත හැමෝටම හිමි දෙයක් ය යන මතය පෙරදැරි කරගෙන කටයුතු කරනවා.. යමක් ඉක්මනට නොව හරියට කළ යුතු බව නිතර විශ්වාස කරනවා...හැම දෙයක්ම හොඳින් මතක තබාගන්නවා...ආගමට දහමට ගරුකරනවා...
03. ඔහුගේ / ඇයගේ සිතුම් පැතුම්...
හරිම ප්‍රවේශම්සහගත, සියුම් සිතුවිළි රටාවක් තමයි එයාට තියෙන්නේ...හැම දෙයක්ම හොඳින් මතක තියාගන්නවා...මොන දෙයක් ගැන වුණත් බොහොම ගැඹුරින් සිතා බලනවා...අසරණ, නැති බැරි අය ගැන අනුකම්පාසහගතව සිතනවා...හොඳ අය කවුද..නරක අය කව්ද කියා දැනගෙන අසුරු කරනවා...මෙළොව ජීවිතය වගේම පරළොව ජීවිතයද සැපවත් කරගත යුතු බව සිතනවා...තම සමීප අයට තද ලෙන්ගතුකමක් දක්වනවා...
04. ඔහුගේ / ඇයගේ හැඩරුව...
වැඩුණු ශරීරයක් උරුමයි...ප්‍රසන්න පෙනුමැති මුහුණක් හිමියි...බැලූබැල්මට කාරුණික බවක් පේනවා...හෙමිහිට ගමන් කරනවා...ඇහිබැම, හිසකෙස් කාලවර්ණයෙන් යුතුව පැහැදිලිව කැපීපෙනෙනවා..
05. ඔහුගේ / ඇයගේ දුර්වලතා...
ඉදිරියට හඹාගෙන යන ගතිය ඉතමත් අඩුකම, තම අයිතිවාසිකම් වෙනුවෙන් එකඑල්ලේ ඉදිපත් නොවීම,අවශ්‍ය ප්‍රමාණයට වඩා අනුකම්පාසහගතවීම, අලුත් දේවල් පිළිගැනීමට ප්‍රමාදවීම ආදී දුර්වලතා කැපී පෙනෙනවා...විටෙක අවශ්‍ය ප්‍රමාණයට වැඩ ඉවසන ගතියක්ද පෙනෙන්නට තිබෙනවා...
06.ඔහුගේ / ඇයගේ රැකියාව...
ගුරු,නීති,පරිපාලන,මූල්‍ය, පරිඝණක ආදී ක්‍ෂේත්‍රයක රැකියාවක් විය හැකියි...දේශපාලනය, පුරාවිද්‍යාව, කාලගුණ විද්‍යාව,කෘෂිකර්මය ආදී ක්‍ෂේත්‍රද ඉතාමත් යෝග්‍ය වෙනවා...සිත කය දෙකම එකසේ ප්‍රයෝජනයට ගත හැකි වෘත්තීන් කෙරෙහි වඩාත් ප්‍රියතාවයක් දක්වනවා...
07. ඔහුගේ/ ඇයගේ ලිංගික ජීවිතය...
බලවත් ලිංගික ආශාවකින් යුක්ත වන නමුත් සදාචාරාත්මක සීමාවන් ඉක්මවා ගිය උද්වේගකර ලිංගික ආශාවක් නෑ...ලිංගික ආශාවන් පාලනය කරගැනීමේ හැකියාව හොඳින් තියෙනවා...ලිංගික කටයුතුවලදී අනෙකාගේ ආශාවන් කෙරෙහි අවදානය යොමුකරනවා...
08.ඔහුගේ / ඇයගේ දක්ෂතා...
තීක්ෂණ,උපායශීලී නුවනක් සහජයෙන්ම උරුමවී තිබෙනවා...ප්‍රවේශම්සහගතව කටයුතුකිරීමේ හැකියාව කැපී පෙනෙනවා...සියුම් කටයුතුවල යෙදීමේ දක්ෂතාවය, සිත ගත දෙකම ක්‍රියාවේ යෙදවීමේ හැකියාව,ස්ථිර අදහස් ඇතුව කටයුතුකිරීම, කරන දේ හරියටම කිරීම ආදී දක්‍ෂතා මෙහිදී සඳහන් කළ යුතුයි...
09. ඔහුගේ / ඇයගේ හොඳම ගතිගුණය...
තමාගේ පිරිසට තද ඇල්මක් දැක්වීම ප්‍රධාන වශයෙන්ම සඳහන් කළ යුතුයි...තම ආත්ම ලාභය ගැන නොතකා අන්‍යයන්ට උදව් උපකාර කිරීම,කළයුතු දේ අන්‍යයන් කරන තෙක් බලනොසිටීම, හොඳ නරක තෝරා බේරාගෙන කටයුතු කිරීම ආදී ගුණයන්ද මෙහිදී වැදගත් වෙනවා...
මීන ලග්නය.
01. ඔහුගේ / ඇයගේ ආදරය...
මුලාවෙන සුළුයි...ආදරය වෙනස් වී යන අවස්ථා බහුලයි...ආදරය හින්දා නොයෙක් විට පාඩු, අලභාවලට මුහුණ දෙනවා...කොහොම වුණත් එයා අවංකයි...උපරිම ආදරයක් බලාපොරොත්තු වෙනවා...වෙනස්වනසුළු හිත හින්දා ප්‍රශ්න ඇතිකරගන්නවා...ආදරයේදී ඔබට බොහොම නම්‍යශීලීයි...
02. ඔහුගේ / ඇයගේ ජීවිතය...
අන්‍යයන් සමග සුහදශීලීව, විනෝදයෙන් ගතකරන ජීවිතයක්...වැඩි බරකට නොගෙන සැහැල්ලුවෙන් ගතකරන ජීවිතයක්...අන්‍යයන්ගේ අදහස්වලට ගරුකරගෙන, පරාර්ථකාමීව ජීවත්වෙනවා...හිතේ සතුට හැම දේටම වඩා වටිනා බව සිතනවා...අන්‍යයන්ට අවංකවම උපකාර කරනවා...
03. ඔහුගේ / ඇයගේ පැතුම්...
අහිංසක, සුන්දර සිතුම් පැතුම් තමයි එයා තුළ තියෙන්නේ...කලාත්මක,නිර්මාණාත්මක, ගෘංගාරාත්මක සිතුවිළි නිතර සිත තුළ උපදිනවා...හිංසාකාරී හැඟීම් නෑ...කාගෙන්වත් පළිගැනීමේ චේතනාවක් නෑ...සතුරාට පවා සමාව දිය යුතුයැයි සිතනවා...
04. ඔහුගේ / ඇයගේ හැඩරුව...
වඩා උස නැති, මඳක් තරබාරු ශරීරයක් උරුමයි...උරහිස් තරමක් පටුයි...උකුළ ප්‍රදේශය පළල් ස්වභාවයක් ගන්නවා...ඇස් සාමාන්‍ය ප්‍රමාණයට වඩා ලොකු වෙන්න පුළුවන් වගේම මඳක් රතු පැහැ වෙන්නත් පුළුවන්...හිසකෙස් සිනිඳුයි...පැහැය තලෙළුයි...මැදි වයසෙන් පසුව ශරීරය තරබාරු වෙන්න පුළුවන්...
05. ඔහුගේ / ඇයගේ දුර්වලතා...
අන්‍යයන් පමණට වඩා විශ්වාසකිරීම, අධික අනුකම්පාව හා අදහස් වෙනස් කිරීම දුර්වලතා ලෙස දක්වන්න පුළුවන්...
06. ඔහුගේ / ඇයගේ රැකියාව...
එකම රැකියාවක දීර්ඝ කාලීනව නියැලෙන කෙනෙක් නම් නෙමෙයි...ජීවිත කාලය තුළ රැකියා කීපයක නිරතවෙනවා...බොහෝවිට එක රැකියාවක නියැලෙන ගමන් තවත් අදායම් මාර්ගයක් පවත්වාගෙන යනවා විය හැකියි...ව්‍යාපාර,ජනමාධ්‍ය,පරිඝණකාශ්‍රිත කටයුතු,ප්‍රචාරණ කටයුතු,කලා කටයුතු, නියෝජිත කටයුතු ගුරු,ලිපිකාර කටයුතු ආදී ක්‍ෂේත්‍රයක නියැලෙනවා විය හැකියි...
07. ඔහුගේ / ඇයගේ ලිංගික ජීවිතය...
ලිංගික කටයුතු කෙරෙහි මහත් උනන්දුවක් දක්වනවා...ලිංගික කටයුතුවලදී බොහොම ප්‍රබෝධයෙන්, ක්‍රියාශීලීව හැසිරෙනවා...වෙනස්වනසුළු සිතුවිළි ඇති නිසා ඒ අතින් මෝඩකම් කරන්නත් බැරි නෑ...කොහොම වුණත් එයාගේ ආශාවන් හිතේ හැටියට ඉෂ්ට වුණොත් ඒ අතින් නොමග යන එකක් නෑ...
08. ඔහුගේ / ඇයගේ දක්ෂතා...
නිර්මාණාත්මක කුසලතාවන් සහජයෙන්ම උරුමයි...පැරණි හෝ අවලස්සන දේකට වූවත් නව,අලංකාර පෙනුමක් ලබාදීමේ දක්ෂතාවය තියෙනවා...නව අදහස්, නව නිර්මාණ බිහිකිරීමේ හැකියාව හිමියි...අන්‍යයන්ගේ ප්‍රසාදය දිනාගෙන කටයුතු කිරීමේ හැකියාව කැපී පෙනෙනවා...
09. ඔහුගේ / ඇයගේ හොඳම ගතිගුණය...
කරුණාවන්තකම මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි...අන්‍යයන්ගේ අදහස්වලට ගරුකිරීම හා සංග්‍රහශීලී බව ද කැපී පෙනෙන ගුණයන් වෙනවා...
අන්‍යයන්ගේ සිත් නොරිදවා කටයුතු කිරීමද අගය කළ යුතුයි...
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර