ග්‍රහ අපල දුරලන ග්‍රහ පූජාවක්.

සියලු අපල සමනය වී බාධක අවහිර දුරු වීමට
තමන්ටම කර ගත හැකි
මහත් ඵල ග්‍රහ පූජාවක්.

   මේ ගතවෙන්නෙ බොහෝ දෙනෙකුට අපල පීඩා, බාධක අවහිර බලපාන කාලයක්. පාප ග්‍රහයින් කීප දෙනෙක්ම වියරු තත්වයක පසුවීම ඊට හේතු වෙනවා. මේෂ, තුලා, වෘශ්චික, ධනු ලග්න හිමියන්ට  ඒරාෂ්ඨක අපල එල්ල වෙනවා. තවත් බොහෝ දෙනා ජන්ම ඒරාෂ්ඨක, සෙනසුරු අපල, රාහු, කේතු, අඟහරු ආදීන්ගෙන් එල්ල වන අපල හේතුවෙන් නොයෙක් ගැටළු වලට මැදි වී සිටිනවා. සියලු ආකාරයේ ග්‍රහ අපල සමනය කර ගත හැකි ග්‍රහ පූජාවක් අද ඔබට ඉදිරිපත් කරනවා. දහස් ගණන් මුදල් වියදම් කර සිදුකරන මහේශාක්‍ය පූජාවන් ගෙන් ලබන ප්‍රතිඵලයට වඩා විශාල සහනයක් මෙයින් ඔබට සලසා ගත හැකියි.
  පූජාව කරන්නේ මෙහෙමයි.
  ලී මේසයක් මත හුණු කැටයකින් ලොකු කේන්දර කොටුවක් ඇඳගන්න.පළමුව බුදුන්ට පහන් දල්වා, මල්, හඳුන්කූරු, ගිලන්පස පූජා කර ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලබාගන්න. ඔබේ කේන්දරයේ ග්‍රහයින් සිටින ආකාරයට කේන්දර කොටුව තුළ පහන් දල්වන්න. ඔබේ කේන්දරයේ හිස් තිබෙන කොටු එලෙසම හිස්ව තබන්න. ග්‍රහයින් කීප දෙනෙක් සිටින කොටු තුළ එම ගණනට පහන් දල්වන්න. පහන් සඳහා පොල් තෙල් හා එළඟිතෙල් මිශ්‍ර කර දමන්න. කේන්දරයේ මැද කොටුවේද පහනක් දල්වන්න.
   පහන් දැල්වීමෙන් අනතුරුව නව ග්‍රහ ස්තෝත්‍ර ගායනා කරන්න.
රවි  ස්තෝත්‍රය.
ජපා කුසුම සංකාශං
කාශ්‍යපේයං මහාද්‍යුතීම්
තමෝරිං සර්ව පාපඝ්නං
ප්‍රාණතෝසම් දිවාකාරම්

සඳු ස්තෝත්‍රය.
දධීශංඛතුෂාරාභං
ක්‍ෂීරෝදාර්ණව සමභවම් 
නමාමි ශශිනං සෝමං
ශංභූර්මකුට භූෂණම්

කුජ ස්තෝත්‍රය.
ධරණී ගර්භ සම්භූතං
විද්‍යුත්කාන්ති සමප්‍රභම්
කුමාරං ශක්ති හස්තංතං
මංගලම් ප්‍රණමාම්‍යහම්

බුධ ස්තෝත්‍රය.
ප්‍රියංගුකලිකා ශ්‍යාමං
රූපෙණා ප්‍රතිමං බුධම්
සෞම්‍යං සෞම්‍ය ගුණෝපෙතං
තං බුධං ප්‍රණමාම්‍යහම්

ගුරු ස්තෝත්‍රය.
දේවානාංච සෘෂීනාංච
ගුරුං කාංඤච සන්නිභම් 
බුද්ධි භූතං ත්‍රිලෝකේශං 
තං නමාමි බෘහස්පතිම් 

සිකුරු ස්තෝත්‍රය.
හිමකුන්ද මෘණාලාභං 
දෛත්‍යානං පරමංගුරුම් 
සර්ව ශාස්ත්‍ර ප්‍රවක්තාරං 
භාර්ගවං ප්‍රණමාම්‍යහම් 

ශනි ස්තෝත්‍රය.
නීලාඤජන සමාභාසං 
රවිපුත්‍රං යමාග්‍රජම් 
ඡායාමාර්තණ්ඩ සම්භූතං 
තං නමාමි ශනෛශවරම් 

රාහු ස්තෝත්‍රය.
අර්ධකායං මහා වීර්යං 
චන්ද්‍රාදිත්‍ය විමර්දනම් 
සිංභිකාගර්භ සම්භූතං 
තං රාහුං ප්‍රනමාම්‍යහම් 

කේතු ස්තෝත්‍රය.
පලාශ පුෂ්ප සංකාශං 
තාරකා ග්‍රහ මස්තකම් 
රෞද්‍රං රෞද්‍රාත්මකං ඝෝරං 
තං කේතුං ප්‍රණමාම්‍යහම්  

අනතුරුව විෂ්ණු, පත්තිනි, කතරගම, ඊශ්වර, සමන්, ගම්බාර යන දෙවියන්ට පින් අනුමෝදන් කර ග්‍රහ අපල දුරු කර දෙන මෙන් ඉල්ලා සිටින්න.