ඉන්දීය දේශපාලන බිමේ සුන්දර නායිකාව
සෝනියා ගාන්ධි මැතිණිය

"මලක් වී ඔබ පිපෙනු නිසැකය ..පැමිණි විට සුන්දර වසන්තය"...

1946 වසරේ දෙසැම්බර් 09 වැනි සඳුදා ඉතාලියේ ලුසියානා නගරයේ දී කටක ලග්නයෙන් මකර නවාංශකයෙන් උපන් මේ වාසනාවන්ත කාන්තාවගේ උපන් නැකත වුණේ රහුට අයත් අද නැකතයි. නැකත හිමි රාහු ග්‍රහයා කේන්දරයේ උච්ච බලයෙන් සිටිනවා. ඒ වගේම රාහු නවාංශකයේත් බලවත්ව සිටිනවා. බොහෝ දේශපාලඥයින්ට දේශපාලන පිටියේ ඉදිරියට යන්න රාහු උදව් කරනවා.

මේ කේන්දරයේ සෙනසුරු සිටින්නේ සතුරු රාශියක් වූ කටක රාශියේ යි. කටක රාශිය සෙනසුරුට ඉතාමත් අසුබ රාශියක් වුණත් උපතේදී සෙනසුරු තමන්ට අයත් පුෂ නැකතේ ගමන් කළ හින්දා සෙනසුරු එතුමියව ජනතාව අතරට අරගෙන ගියා. පොදු ජනතාවගේ සහයෝගය, ප්‍රසාදය ලබාදෙන්නත්, දේශපාලනයට යොමුකරන්නත් සෙනසුරු කටයුතු කළා. විශේෂයෙන්ම සෙනසුරු මහ දශාව පැවතුණු වසර 19 ක කාලය තුළ ඉන්දියාවේ පුරවැසිභාවය ලබාගෙන ක්‍රියාකාරී දේශපාලනයට යොමුවීමේ අවස්ථාව හිමි වුණා. කොහොම වුණත් සෙනසුරු මහ දශා කාලය තුළ ඇයගේ ජීවිතයට ඉතාමත් සමීප, ආදරණිය පුද්ගලයින් දෙදෙනෙක් ඇයට අහිමි වුණා. ඒ ඇයගේ පියා සහ ස්වාමිපුරුෂයායි. අසුබ රාශියක තැන්පත්වීම හේතුවෙන් අසුබ ඵල වගේම නැකත් බලයෙන් යුක්තවීම හේතුවෙන් සුබ ඵලත් සෙනසුරා ලබා දුන්නා. සෑම සියලු දෙයක්ම හොඳින් දරා ගැනීමේ හැකියාවත් ඕනෑම දේකට ඔරොත්තුදීමේ ශක්තියත් ලග්න ගත සෙනසුරු ලබා දෙන බව පිළිගත් මතයක්. සෝනියා ගාන්ධි මැතිණියගේ ජීවිතය තුළින් ඒ බව කදිමට ඔප්පු වෙනවා.
භාග්‍යස්ථානාධිපති වූ ගුරු ට අයත් නැකතක ගමන්කළ බුධ ග්‍රහයාත් සෝනියා ගාන්ධි මැතිණියට බොහෝ සුබ ඵල ලබා දෙනවා. 1995 වසරේ පටන් දැනට ගත කරන බුධ මහ දශා කාලය දේශපාලනය පැත්තෙන් යහපත්ම කාලය බව පෙනීයනවා. 1999 වසරේදී විපක්ෂ නායකත්වයට පත් වුණෙත්, 1998 වසරේදී පක්ෂ නායකත්වයට පත් වුණෙත්, 2004 වසරේදී පක්ෂය ජයග්‍රහණය කරා ගෙනයන්නට හැකි වුණෙත් බුධ මහ දශාව පවතිද්දීයි.
2004 වසරේදී ඇය තම පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවුවත් අගමැතිකම තමන් සතු කරගැනීමට උත්සාහ කළේ නෑ. ඇයගේ ඉතාලි ජාතිකත්වය හුවා දක්වමින් විරුද්ධ පක්ෂ කලබල කරද්දී ඇය නිහතමානී ලෙස අගමැතිකම ඉන්දීය නායකයෙකුට පිරිනැමුවා. ඇයගේ මෙම නිහතමානී ක්‍රියා කලාපය ලෝක ජනතාවගේ පැසසුමට ලක්වුණා. තම නැන්දණිය, ස්වාමිපුරුෂයා නායකත්වය දී ඉදිරියට ගෙන ගිය කොංග්රස් පක්ෂයට නායකත්වය ලබාදෙන ඇය දැනට බුධ මහ දශාවේ ගුරු අන්තර් දශාව ගත කරනවා. දැනට ගත කරන සෙනසුරුගේ ලග්න ඒරාෂ්ටකය මේ වසරේ සැප්තැම්බර් 09 වැනිදායින් නිමා වෙනවා. 2012 නොවැම්බර් අවසාන භාගය තෙක් දැනට ගතකරන කාලය සෝනියා ගාන්ධි මැතිණියට සුබදායකයි. මෙම කාලය තුළ ඇයට ජනතා ප්‍රසාදය නිවැරදිව හිමි වෙනවා. ජාතික කොංග්රස් පක්ෂයට නිවැරදි නායකත්වය ලබා දෙන්න හැකිවෙනවා.
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය, සාම විනිසුරු, දේශමාන්‍ය
ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර
(JYOTISH BHASKER - INDIA)